lan englan tam

විශේෂාංග

බොලිවුඩයේ දැවැන්ත තරු රැසක් රඟන “Total Dhamaal”

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බොලිවුඩයේ දැවැන්ත තරු රැසක් රඟන “Total Dhamaal”

 

ඉන්ද්‍ර කුමාර් විසින් අධ්‍යක්ෂණය කර සම නිෂ්පාදනය කළ චිත්‍රපට මාලාව නම් වුණේ Dhamaal  නමින්. එහි පළමු වැන්න  Dhamaal  2007 වසරේදීත් දෙවැන්න Double Dhamaal 2011 වසරේදීත් තිරගත කෙරුණා. 1963වසරේ තිරගත කෙරුණු හාස්‍යමය අමෙරිකානු සිනමාපටයක් වන It's a Mad, Mad, Mad  අනුසාරයෙන් නිර්මාණය කළ Dhamaal චිත්‍රපට මාලාවේ පළමුවැන්න 2008 වසරේ තිරගත කෙරුණු Mast Maja Maadi නම් කණ්ණඩ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. Dhamaal ආරම්භ වන්නේ මිතුරන් සිව් දෙනෙකුගේ කතා පුවතකින්.

රෝයි, ආදි, බෝමන් සහ මානව් යන මේ මිතුරන් සි‍ව්දෙනා එකිනෙකට වෙනස් වූ ආකාරයේ ජීවිත ගත කරමින් සිටින අතර ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු වන්නේ පාතාල කල්ලියක නායකයකු හමුවීම සමඟින්. මරණය අභිමුව සිටින ඔහු මේ මිතුරන් සිව්දෙනා හට පවසන්නේ ගෝව හි සඟවා තිබෙන නිධානයක් පිළිබඳවයි. රෝයි, ආදි, බෝමන් සහ මානව් ‍නිධානය සොයා යන ගමන Dhamaal චිත්‍රපටයෙන් දිග හැරුණා. එහිදී ඔවුන්ට එරෙහිව පැමිණෙන්නේ පොලිස් පරීක්ෂක කබීර් නායක්. Dhamaal චිත්‍රපට මාලාවේ දෙවැන්න Double Dhamaal, ආරම්භ වන්නේ, මෙම මිතුරන් සිව්දෙනා මිනිසුන් රවටා මුදල් උපයමින් සිටින අතරතුර සතුරු කබීර් නායක් මර්සිඩීස් බෙන්ස් රථයක ගමන් ගනු දැනීම ඔවුන්හට කුතුහලයක් බවට පත් වෙමින්. ඔහු මෙතරම් ධනවත් වූයේ කෙසේදැයි සෙවීමට මෙම සිව්මිතුරන් ගන්නා වෙහෙස ච්ධභඡතඥ Dhamaal චිත්‍රපටයෙන් දැකගත හැකි වුණා. රිතේෂ් දේශ්මුක් රෝයි ලෙසත්, අර්ෂාද් වර්සි ආදි ලෙසත්, ආශීෂ් චෞද්‍රි බෝමන් ලෙසත් ජාවෙද් ජෙෆ්‍රි මානව් ලෙසත් මෙහි චරිත නිරූපණය කළ අතර කබීර් නායක් ලෙසින් චරිත මැවූයේ, සංජේ දත්.

 

maxresdefault

 

රෝයි, ආදි සහ මානව් තවත් අලුත් අත්දැකීමක් විඳ ගැනීමට සූදානම්. Dhamaal චිත්‍රපට මාලාවේ තෙවැන්න, Total  Dhamaal චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ ඒ වෙනුවෙන්.

ඉන්ද්‍ර කුමාර් විසින් අධ්‍යක්ෂණය කළ Total  Dhamaal චිත්‍රපටය විශේෂ වන්නේ රිතේෂ් දේශ්මුක්, අර්ෂාද් වර්සි සහ ජාවෙද් ජෙෆ්‍රි සමඟින් බොලිවුඩ් සිනමාවේ දැවැන්ත තරු රැසකගේ රංගන දායකත්වය හේතුවෙන්. අනිල් කපූර්, මධුරි ඩික්සිත්, අජේ දේව්ගන්, ඊශා ගුප්තා, බෝමන් ඉරානි, ජොනි ලිවර් සහ රාජ්පාල් යාදේව් ද Mungda Dhamaal චිත්‍රපටයට රංගනයෙන් දායක වී සිටිනවා. අනිල් කපූර් සහ මධුරි ඩික්සිත් රිදී තිරයේ හමු වන්නේ වසර 17ට පසුව වීමත් විශේෂයි. අමීර් ඛාන් ද මෙහි විශේෂ දර්ශනයකට සහභාවී සිටිනවා. මෙහි එනMungda ගීතයට නර්තනයෙන් දායක වෙන්නේ සෝනක්ෂි සිං. එම ගීතය 1977 වසරේ තිරගත කෙරුණු Total චිත්‍රපටයට ඌෂා මංගේෂ්කාර් ගැයූ අතර හෙලන් නර්ථනයෙන් දායක වූණා. Mungda ගීතයේ මුල් හිමිකරුවන් පවසන්නේ ඊධබචත Dhamaal චිත්‍රපටය වෙනුවෙන් මෙම ගීතය යොදා ගැනීමට අවසර නොගත් බවයි. Total Dhamaal අද (පෙබරවාරි 22) සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතයි

යතේජා ඥානරත්න

සරසවිය

 

Back to top
Go to bottom

Popular News