lan englan tam

විශේෂාංග

අපෙන් සමුගෙන වසර නවයක් සපුරන රංගධරයා; ටෝනි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
සැබැ රංගධරයෙක් අප අතරින් සදහටම සමුගෙන වසර නවයක් ගත වෙයි.
එතුමාට මෙම සටහන උපහාරයක් වේවා 

රණසිංහ හෙට්ටිආරච්චිලාගේ ඉග්නේෂස් ඇන්තනි සිල්වා නමින් 1937 ජූලී මස 31 වැනි දා කොළඹ මෝදර දී උපන් මේ සිනමා නළුවා රසික අප හඳුනන්නේ ටෝනී රණසිංහ නමිනි.

ටෝනී රණසිංහයින් වත්තල සෙන්ට් ඇන්තනීස් විද්යාලයේත්,මෝදර ඩී.ලාසලා විදුහලේත් අධ්යාපනය ලැබූවෙකි.
.
සිංහල සිනමාවේ විශිෂ්ටතම රංගධරයන් වන ගාමිණී,ජෝ යන රංගන වේදීන් අතර ටෝනී රණසිංහ නාමයද ඉහලින්ම විරාජමානය.
සිනමා කලාවට තිබූ ආසාව ඇල්ම නිසාම සිරිසේන විමලවීරයන්ගේ'පුංචි අම්මා'චිත්රපටයේ රඟපැමට අවස්ථාවක් උදා වුනද එම චිත්රපටය අතරමගදී ඇන හිටියේය.
ඊට පසු නැවත වතාවක් විමලවීරයන්ගේම'රොඩී කෙල්ල'චිත්රපටයේ රඟපැමට අවස්ථාව ලැබුනද එම චිත්රපටයද කෙරුනේ නැත.
මෙයින් අධෛර්යට පත් නොවූ හෙතෙම තම සොහොයුරා වූ එවකට දක්ෂ ඡායාරුප ශිල්පියෙකු වූ රැලෙක්ස් රණසිංහගේ මාර්ගයෙන් 'අපේ කට්ටිය'නම් නාට්ය සංවිධානයට බැඳී එහී ප්රථම වේදිකා නාට්ය වූ සුගතපාලද සිල්වාගේ 'බෝඩිංකාරයෝ'වේදිකා නාට්යයේ රඟපාමින් වේදීකා නළුවෙකු ලෙස දොරට වැඩියේය.
පසුකලෙක එම සංවිධානය මගින් නිෂ්පාදනය කල'තට්ටු ගෙවල්''හරිම බඩු හයක්', 'නිල් කටුරොල් මල්' වේදිකා නාට්යවලද ඉන් පරිභාහිරව'රන්තෝඩු''වගුරු බිම''විරුපී රුප' වැනි නාට්යවලද රඟපැවේය.
1963 'රන්තෝඩු' නාට්යයේ කල රංගනය උදෙසා. වසරේ හොඳම නළුවා ලෙසින් සම්මාන දිනා ගැනීමට එතුමා සමත් වුනි.
මෙම සම්මානය එතුමාගේ වේදිකා නළු ජිවිතයට වැදගත් අවස්ථාවක් වුනේය.
අපේ කට්ටිය වේදීකා නාට්ය සංවිධානය සමග සමීප ඇසුරක් පැවැත් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් තමන් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබූ'ගම්පෙරළිය' චිත්රපටයේ රඟපැමට එම කණ්ඩායමෙන් නළුවන් තිදෙනෙකු තෝරා ගත්තේය.
වික්රම බෝගොඩ,ජී.ඩබ්ලියු.සුරේන්ද්ර,ටෝනී රණසිංහ එම නළුවන් තිදෙනාය.
ගම්පෙරළිය චිත්රපටයේ බලදාසගේ චරිතය රඟපාමින් ටෝනී රණසිංහයින් සිනමාවට අවතීර්ණ වුනේය.
එතැන් පටන් ආචාර්ය ලෙස්ටර්ගේ සිනමා ප්රකාශනයේ ප්රධාන රංගධාරියෙකු බවට පත් වනුයේ ටෝනී රණසිංහයින්ය.
ආචාර්ය ලෙස්ටර්ගේ'දෙලොවක් අතර'චිත්රපටයේ නිශ්ශංකගේ චරිතයට පන පොවමින් ටෝනී රණසිංහ සිංහල සිනමාවේ අමතක නොවන තවත් එක් සිනමා රංගනයක් කලේය.
මනෝ සංකිර්ණතාවයෙන් පෙලෙන චරිතයක අභයන්තර චිත්ත චෛයිතසික ස්වභාවය නිසි ලෙස ග්රහණය කර ගනිමින් 'දෙලොවක් අතර'සිනමා පටයේ ඉතා විශිෂ්ට රංගනයක ටෝනී රණසිංහයින් යෙදුනේය.
එදා එම සිනමා රංගනය තුල තවත් ප්රතිභාපුර්ණ රංගධරයෙකු සිනමාව තුල බිහිවුනු සලකුණු පෙන්නුම් කලේය.
'දෙලොවක් අතර'ට පසු ආචාර්ය ලෙස්ටර්ගේම'රන්සළු'සිනමා පටයේ දුෂ්ට චරිත රංගනයක යෙදුනද, එය සිනමාවේ එදා තිබූ සම්ප්රදායක දුෂ්ට චරිත නිරුපනයක් නොවුවේය.
එදා දුෂ්ට නළුවා සිගරට් දුම් ගුලි ඇරමින් රඟපෑ සිනමා පට රාශියක් විය.
එහෙත් ටෝනී රණසිංහ මේ චරිතය රඟපැවේ එම රංගනයන්ට ඉඳුරාම වෙනස්ම ආකරයකිනි.
මනෝ ව්යාකුලත්වයෙන් යුත් සංකීර්ණ චරිතයන් නිරුපනය කිරීමෙහිලා අපේ සිනමාවේ සිටි විශිෂ්ටතමයා ටෝනී රණසිංහයින්ය.
සුගතපාල සෙනරත් යාපාගේ'හන්තානේ කතාව' සහ විජය ධර්ම ශ්රිගේ 'දුහුළු මලක්' යන සිනමා පටවලද ටෝනී රණසිංහ රඟපෑවේ මෙවන් සංකීර්ණ චරිත රංගනයන්ය.
එම රංගනයන් වෙනුවෙන් සම්මාන පවා හිමි කර ගැනීමට එතුමාට හැකි වුවේය.
ආචාර්ය ලෙස්ටර්ගේ'අහසින් පොළොවට'සිනමා පටයේ දොස්තර සරත් ලෙස තවත් එවැනීම විශිෂ්ට රංගනයක් කිරීමට ටෝනී රණසිංහ සමත් වුනේය
දොස්තර සරත් යනු 'දෙලොවක් අතර' නිශ්ශංකටත් වඩා අති සංකීර්ණ චරිතයකි.
එබඳු චරිතයක අභ්යන්තර චිත්ත චෛයිතසික මනෝභාවය මැනවින් වටහා ගෙන රඟපැම නළුවෙකුට එල්ල වන්නා වූ විශාල අභියෝගයකි.
ටෝනී රණසිංහයින් එම අභියෝගය ජය ගත්තේය.
1979 ජනාධිපති සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීමට ආචාර්ය ලෙස්ටර්ගේ'අහසින් පොළොවට' සිනමා පටයේ දොස්තර සරත්ගේ රංගනය වෙනුවෙන් ටෝනීට හැකි වෙන්නේ එම අභියෝගය ඉතා විශිෂ්ටව ජය ගත් නිසාමය.
ඉතාම කඩවසම් රුවකට උරුම කම් කියු ටෝනී රණසිංහයින් විනෝදාත්මක සිනමාව තුලද ,කැපී පෙනෙන රංගනයන් ඉදිරිපත් කලේය.
'සිහින හතක්',හැංගි හොරා,ඉඳුනිල,සිඟිති සුරතල්,මනමාලයෝ,හරි මග,ප්රවේසම්වන්න,මධුවන්ති,සාරා,ඔන්න මාමේ කෙල්ල පැනපී ,ආදරෙයි මං ආදරෙයි ,එක හිත,සුභානී,සිතක සුවඳ වැනි චිත්රඵටවල ජනාදරයට ලක් වූ පෙම්වතෙකු ලෙස රඟ පැ අතර ලෙනින් මොරායස්ගේ'හොඳයි නරකයි'චිත්රඵටයේ දුෂ්ට චරිතයක් ද රඟපැවේය.
ඊට පසු'ශීලා''උන්නත් දාහයි මලත් දාහයි' වැනි චිත්රපට වලද දුෂ්ට චරිත නිරුපනය කලේය.
සිරි කුලරත්නගේ'වස්තුව'චිත්රපටයේ විකට චරිතයක් ද ටෝනී රණසිංහයින් නිරුපනය කලේය.
සිනමාවේ විශිෂ්ටයින්ගේ ඇසුරත් පොත් පත් කියවීමෙන් ලද ආභාෂයත් දැනුම් සම්භාරයත් නිසා හෙතෙම පසු කලෙක පරිනත තිරනාටක රචකයෙකු ලෙස සිනමාව තුල නියලුනේය.
මින් නොනැවතුන හෙතෙම විලියම් ශේක්ෂ්පියර්ගේ 'වැනීසියේ වෙළෙන්දා' වේදිකා නාට්යය නිර්මාණය කරමින් යලිත් වේදීකාව ආක්රමනය කලේය.
පසු කලෙක එතුමා විලියම් ශේක්ෂ්පියර්ගේ නාට්යය සිංහලයට පරිවර්තනය කලේය. ඒ අතර 'ජුලියස් සීසර්' වේදිකා නාට්යයද අධ්යක්ෂණය කලේය.
වේදිකා නාට්යය නළුවෙකු ලෙස සිනමාවට පිවිස සිනමාව ජය ගත්තද,එතුමා කිසි දිනක සිනමා රංගනයත් වේදිකා රංගනයත් පටලවා ගත් රංගනවේදියෙක් නොවේ.
එතුමාණන්ගේ තිබූ සුවිශේෂත්වයද එයමය.
සමහර වේදිකා නළුවන් සිනමාව තුල රගනයේදී අධි රංගනයන් ඉදිරිපත් කලද,ටෝනී රණසිංහයින් මෙම අංශ දෙකම ඉතාම හොඳින් අධ්යනය කරමින් තම රංගන කාර්යය නිවරදිව කල අති සාර්ථක විශිෂ්ට සිනමා රංගධරයෙකි.
වේදිකාව,සිනමාව,තිර රචනය ,ටෙලි නාට්යය රංගනය යන කලා අංශයන් සිය්ල්ලෙන්ම පරිපූර්ණත්වයට පත් එතුමා පසු කලෙක උදය කාන්ත වර්ණසුරියගේ'ලේ කිරි කඳුළු''දිය යට ගින්දර''රන් දිය දහර',වසන්ත ඔබේසේකරගේ'සළෙළු වරම' වැනි චිත්රපටවල වැඩිහිටි චර්ත රඟපැවේය.
පසු කලෙක සිනමාව තුල එතුමාට ලැබුනු රංගන අවස්තා කෙමෙන් කෙමෙන් අඩු වෙන්නට පටන් ගත්තේය.
චිත්රපටවල සුළු චර්ත නිරුපනයන් තුල තම් හැකියාවන් එළිදක්වන්නට එතුමාට හැකිවුවේය.
එච්.ඩී.ප්රේමරත්නයන්ගේ'ස්ප්ත කන්යා' සහ ප්රසන්න විතානගේගේ'සිසිල ගිනි ගනී' යන චිත්රපට දෙක එසේ ලැබුනු හොඳම අවස්ථාවන් දෙකකි.
එම අවස්ථාවන්ගෙන් ප්රයෝජනය ගත් ටෝනී රණසිංහ'සප්ත කන්යා'චිත්රපටයේ කල උසස් රංගන ප්රතිභාව උදෙසා හොඳම සහය නළුවා ලෙස 1994 වසරේ ජනාධිපති,සරසවි සහ ස්වර්ණසංඛ සම්මාන වලින් පුද ලැබීමට සමත් වුනේය
ගාමිණී ෆොන්සේකාගේ'කොටි වලිගය"තිර රචනය කරමින් චිත්රපට තිර රචනයට පිවිසි එතුමා'කෙළි මඩල'අවරගිර,දුවට මවක මිස,තරණය හා පවුරු වළලු තිර රචනා කලේය.
මෙසේ සිංහල සිනමාවේ සිටි විශිෂ්ටතම රංගධරයෙකු වන ටෝනී රණසිහයින් 2015 ජුනී මස 16 වැනි දින සිනමා කලාවෙන් මෙන්ම දිවි සිනමාවෙන් ද සදහටම සමුගත්තේය.
 
රෝහන් සෙනෙවිරත්න
Back to top
Go to bottom

Popular News