lan englan tam

විශේෂාංග

හැමෝම කියන්නේ 'මෝඩ රවීන්'; හඬ, වේදිකා, ටෙලි, වීදි නාට්‍ය නළු - මන්රුචි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
ලලයි ලිලයි ලයි කියන්නේ මේ දිනවල පුංචි තිරයේ අතිශයින් ජනප්රිය ටෙලිනාට්යක්. ඉතින් ඒ ටෙලිනාට්යයේ කැපී පෙනෙන චරිතයක් රඟ දක්වන මන්රුචි සිරිවර්ධනට තමයි අද අපි පිනිපලස පිළිසඳරට ආරාධනා කළේ. ප්රේක්ෂකයන්ට මන්රුචි කියන නම නම් ටිකක් නුහුරු නුපුරුදු වෙන්න ඇති. ඒත් "රවීන්" එහෙම නැත්නම් "මෝඩ රවීන්" කියන නම නම් හැමෝටම හොඳට හුරු පුරුදුයි කියලා අපි දන්නවා. ඉතින් ඒ රවීන්ගේ චරිතයට පණ පොවන මන්රුචි තමයි අද පිනිපලස පිළිසඳරේ කතා නායකයා.
 
• මන්රුචි මොනවද මේ දවස්වල වැඩ කටයුතු..?
මේ දවස් වල 'යං ප්ලෙයර්ස්' වීදි නාට්ය කණ්ඩායමත් එක්ක වීදි නාට්ය දර්ශන වාර පෙන්වමින් රට වටේ යනවා. ඊට අමතරව නාට්ය හා රංග කලාව හදාරන උසස් පෙළ දරුවන් වෙනුවෙන් කරගෙන යන උපකාරක පන්ති වලටත් කාලය යොදවනවා.
 
• කොහොමද ලලයි ලලයි ලිලයි ලයි කතාවේ චරිතයට ලැබෙන ප්රතිචාර..?
 
ඒ වෙනුවෙන් නම් සෑහෙන්න ආදරණීය ප්රතිචාර ලැබෙනවා. මග තොටේ හමුවන රසිකයෝ රවීන් නිසා මාව ආදරයෙන් වැළඳගන්නවා. ගොඩාක් ප්රේක්ෂකයෝ තේරුම් ගන්නේ නැහැ මම සහ රවීන් කියන්නේ දෙන්නෙක් විත්තිය. ඒ නිසාම රවීන් වෙනුවෙන් ලැබෙන දැනමුතුකම් සියල්ලම ලැබෙන්නෙත් මට. ඒකත් අමුතු ආහ්ලාදයක්.
 
• දැන් වැඩිපුරම ප්රේක්ෂකයන් කතා කරන්නේ රවීන් කියලද, එහෙම නැත්නම් ඇත්ත නමින්ද..?
 
මගේ ඇත්ත නම කොහොමත් එක පාරම කියව ගන්න අමාරුයි. මොකද මන්රුචි කියන නම තියෙන්නේ මට විතරයිනේ. ඉතින් මගේ නම ගොඩක් අයට උච්චාරණයෙදි පැටලෙනවා. ඒ නිසා මන්චිකුචි, මන්චි වගේ අමුතු අමුතු නම් මතු වෙනවා. මේ දවස්වල නම් ගොඩක් අය මාව හඳුනා ගන්නේ ලලයි ලිලයි ලයි තේමා ගීතයේ එන විශේෂණ පදයත් එක්ක. එතකොට මම මෝඩ රවීන්.
 
• කොහොමද මේ ටෙලිනාට්යයට සම්බන්ධ වුණේ...?
ලලයි ලිලයි ලයි අධ්යක්ෂකවරයා වන සුපුන් රත්නායක තමයි මාව ටෙලිනාට්ය ක්ෂේත්රයට හඳුන්වා දෙන්නේ. සුපුන් රත්නායකගේම නිර්මාණ කාර්යයන් වූ ඇට්ටරයා, අඩෝ, බ්ලැක් ටවුන් ස්ටෝරි වගේ නිර්මාණ වලත් මට චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ ආදරයෙන්ම තමයි රවීන්ගේ චරිතයටත් මාව යෝජනා වෙන්න ඇත්තේ.
• ලලයි ලිලයි ලයි ටෙලිනාට්යය මුල් කාලෙට වඩා ටිකක් වෙනස් වෙලා කියලා ප්රේක්ෂකයින් කියනවා. ඒ කතාව ඇත්තද..?
එවැනි තත්ත්වයක් ඇත්තටම තිබුණා. නමුත් මේ වෙද්දී ඒ තත්ත්වය සීඝ්රයෙන් මඟහැරිලා ගිහින් තියෙන්නේ. කොහොම වුණත් ලලයි ලිලයි ලයි කියන්නේ එක කොටසක් හරි බැලුවොත් ඊළඟ කොටස මඟ ගැර ගන්න හිතෙන්නේ නැති විදිහේ ඇබ්බැහිකාරකයක්.
 
• ඔබ දක්ෂ වීදි නාට්ය නළුවෙක්. අපි ඒ ගැනත් කතා කරමුද...?
වීදිය කියන්නේ ම⁣ගේ ප්රමුඛ කලා මාධ්යය. වේදිකාවෙන් නාට්ය කලාවේ දිග පළල දැන ගත්ත අපිට යම් මොහොතක දැනෙනවා ⁣ප්රේක්ෂකාගාරය පුරවා ගන්න තියෙන අමාරුව ගැන. ඉතින් අපි නාට්යාගාරයට ප්රේක්ෂකයන් ගෙන්වා ගන්නවා වෙනුවට ප්රේක්ෂකයන් ගැවසෙන තැන්වලට නාට්ය අරන් යන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් අපි තෝරා ගත්ත මාදිලිය තමයි වීදි නාට්ය කියන්නේ. නමුත් සාම්ප්රදායික වීදිය ඇතුළේ තියෙන දුප්පත් ආකෘතිය අපිව ආර්ථික වශයෙන් පොහොසත් කරවන්න සමත් වුණේ නැහැ. ඉතින් අපි අත්හදාබැලීම් ගණනාවකින් පසුව ප්රචාරණ සහ ප්රවර්ධන අවශ්යතාවයන් වෙනුවෙන් පෙනී ඉන්න තීරණය කළා. මේ ගතවෙන්නේ එහෙම ගෙවෙන සාර්ථක එකොලොස්වෙනි අවුරුද්ද.
 
• දුප්පත් කියලා කිව්ව වීදි නාට්යය පොහොසත් කළේ කොහොමද...?
වීදි නාට්ය සුලබව යොදා ගැනෙන්නේ සාමාජීය සහ දේශපාලන අවශ්යතාවයන් වෙනුවෙන්. අතිසාර්ථක විදියට බිම් මට්ටමේ ජනතාවට ආමන්ත්රණය කරන්න වීදි නාට්යයට පුදුමාකාර බලයක් තියෙනවා. ඉතින් අපි ඒ බලය අලෙවිකරණය, ප්රවර්ධනය, ප්රචාරණය වෙනුවෙන් පාවිච්චි කරනවා. අපි යම් ව්යාපෘතියකට මැදිහත් වෙන්නේ එහි නිර්මාණ පාර්ශවය විදියට. එතැනදි රාජ්ය සහ රාජ්ය නොවන සංවිධාන, ආයෝජන ප්රවර්ධන කලාප, මානව සම්පත් කලමණාකරණ අංශ හෝ විවිධ සන්නාම වලට අදාල ප්රචාරණ අවශ්යතාවයන් අපි සිංහල සහ දමිල භාෂා දෙකෙන්ම නිර්මාණශීලීව සිදු කරනවා.
අපි දකින යුරෝපීය කලාකරුවන් ගැවසෙන වීදි පිරිලා තියෙන්නේ ලස්සන වර්ණ සහ හැඩතල වලින්. පාරේ තිබ්බා වුණත් ඒවායේ භාවිත වෙන තාක්ෂණය පවා ඉතා ඉහළයි. ඉතින් අපි දේශීය වීදිනාට්ය කලාවේ අනාගත හැඩය යෝජනා කරමින් සහ නිර්මාණය කරමින් ඉන්නවා. කොච්චර කාර්යබහුල මනුස්සයෙක්ට වුණත් වීදි නාට්යයක් දැක්කොත් ඒක මඟ ඇරලා යන්න බැරි වෙන තරමේ හැඟීමක් ඇති කරවනවා කියන එකම ලෙහෙසි නැහැ.
 
• කලාවට සම්බන්ධ වෙන්න හිතුණේ මොන කාලෙද..? කොහොමද සම්බන්ධ වුණේ..?
මම පුංචි කාලේ ඉදන්ම ආසා කළේ නිවේදකයෙක් වෙන්න. ඔය කාරණාවට අත හිත දෙන්න හිතා ගෙනම වෙන්න ඕන මගේ අම්මයි තාත්තයි ගුවන්විදුලි සංස්ථාවේ ළමා ශිල්පී පරීක්ෂණයකට මගේ නමින් අයදුම් පත්ර යවලා තිබුනේ. අදාල සම්මුඛ පරීක්ෂණ වලින් සමත් වෙච්ච ම⁣ට 2003 අවුරුද්දේ ඉදන්ම සරස්වතී මණ්ඩපය, ශිල්ප මඬුලු යට, ළමා පිටිය, ළමා රංග පීඨය, චක්රාවාටය වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා කටයුතු කරන්න ලැබුණා. ගුවන්විදුලියේදි මට මහින්ද අල්ගම මාමා ඇසුරු කරන්නට ලැබීම නිසා මම නාට්ය විශය ගැන උනන්දුවෙක් උනා. ඔය කාලෙදිම තමයි හඬකැවීම් ශිල්පියෙක් විදියට ජාතික රූපවාහිනිය එක්කත් සම්බන්ධ වෙමින් කටයුතු කරන්න ලැබුනේ. ඔය තැන් වලින් ගැවසිලා තමයි මම කලාවට දාව උපදින්නේ.
 
• මන්රුචිගේ ළමා කාලය, පාසල් කාලය, ගම පවුල, ගැනත් කතා කරමූ...
මගේ තාත්තා විදුහල්පතිවරයෙක් විදියට කටයුතු කළේ. මගේ අම්මාගේ රාජකාරිය වුණේ මාවයි තවත් නංගිලා දෙන්නෙකුයි බලා ගන්න එක. මගේ පුංචි කාලේ ගෙවුණේ පහලයාගොඩ කියන ගමේ. පහලයාගොඩ ශ්රී ස්වර්ණපාලී විද්යාලයට තමයි මං මුලින්ම පාසැල් ගියේ. ගණේමුල්ල, ගලහිටියාව මධ්ය විද්යාලයෙන් තමයි මගේ පාසැල් ගමන අවසන් වුණේ.
 
• මේ ගමන ඇතුළේ මුහුණ දුන්න දුෂ්කරතා මොනවද...?
ඇත්තටම මේ තාක් මටම කියලා විශේෂ වෙච්ච දුෂ්කර තත්ත්වයක් හමු වෙලා නැහැ. ඔබත් මමත් පොදුවේ අත් විදින දුෂ්කර අවස්ථා වලටම තමයි මමත් නිරාවරණය වෙලා ඉන්නේ. ඒ ඇරෙන්න කිසිම ක්ෂේත්රයක් තුළ මට හඹා යාමක් නැහැ. එහෙම වෙද්දී ඒ දේවල් දුෂ්කර වෙන්නේ නැහැ. මං සෙමින් ගමන් යන්නෙක්.
 
සංවාද සටහන : නිරෝෂා වාසල - පිනිපලස අතිරේකය
Back to top
Go to bottom

Popular News