lan englan tam

විශේෂාංග

මම දුෂ්ඨයාගේ පසින් බැලීමට කැමති ලේඛිකාවක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කුමුදු කුමාරසිංහ නමැති චරිතය මීට වසර දෙක තුනකට පෙර අපි හඳුනාගෙන සිටියේ නිළියක් ලෙසිනි.

ඇය, සිය රංගන දිවිය අරඹන්නේ සොළොස් වියේ දී ය.
මායා ශක්ති පළමු කණ්ඩායමට ඇතුළත් වී රංගනය නිල වශයෙන් හදාරන්නී, 'මැක්බත්' නාට්‍යයේ රඟපැම වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළෙහිදී කුසලතා සම්මානයක් ලබා ගන්නීය.
1992 වසරේ ‍පැවති කෙටි නාට්‍ය උලෙළෙදී ‘ප්‍රේමලාල් ආවට පස්සෙ’ නාට්‍ය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ලබාගන නොනැවතුණු ඇය 97 වසරේ ‘තහනම් අඩවිය’ නාට්‍යයේ රඟපෑ චරිතය වෙනුවෙන් හොඳම නිළි සම්මානය ද ලබන්නීය.
ආරියවංශ ධම්ම අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපටයක් සමග සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන කුමුදු, එම සිනමා නිර්මාණය කොතැනක හෝ විකාශනය කිරීමට අවස්ථාව උදා වී නොමැත. ඇය දෙවනුව ඇය සිනමාවට සම්බන්ධ වන්නේ විසාකේස චන්ද්‍රෙස්කරම්ගේ ‘සයපෙති කුසුම’ සිනමා නිර්මාණයේය. තෙවනුව ඔහුගේ ම පාංශු චිත්‍රපටයේ ද ඇය රංගනයෙහි නියැලුණා ය.
අශෝක හඳගමගේ ‘තනි තටුවෙන් පියාඹන්න’, මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’, මැතිව් පීරිස්ගේ සිද්ධිය අළලා චන්ද්‍රන් රත්නම් නිර්මාණය කළ (According to Mathew) සිනමාපටය, සහ විදෙස් රූපවාහිනි නාට්‍ය බොහෝමයක ඇය හඬ කැවීම් ශිල්පිණියක ලෙස
ඇය ඊළඟ සම්මානයට හිමිකම් කියය.
නමුදු ඇය, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සම්මුඛ වන්නී නිළියක ලෙස නොව ලේඛිකාවක ලෙසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Back to top
Go to bottom

Popular News