lan englan tam

විශේෂාංග

ජාතික රූපවාහිනිය නාට්‍යවලට ගෙවන්නේ නෑ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රාජ්‍ය රූපවාහිනී නාලිකා හැටියට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය අලුත් ටෙලිනාට්‍ය සඳහා අනුග්‍රහය දක්වන බව පැවසුවද අලුතෙන් නිපදවෙන නාට්‍ය අඩු මුදලකට නොව සාධාරණ මුදලකට මිලදී ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව වර්තමානයේ ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවක නිර්මාණකරුවෙකු වන ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ අසංක සායක්කාර පවසයි.

අලුතෙන් ටෙලිනාට්‍ය මිලදී ගන්නා බව කීවද ජාතික රූපවාහිනිය අන්තයටම පිරිහී ඇති බවත් ටෙලිනාට්‍ය සඳහා මුදල් ලබා දීමේදී රූපවාහිනිය ගෙවීම් නොකරන අතර ස්වාධීන රූපවාහිනියෙන් මුදල් ලැබීමේ ප්‍රමාදවීම් සිදු වන බවත් සායක්කාර පවසයි.
මනෝහාරි හේවාවසම් මෙහෙයවන Mirror Arts යූටියුබ් සංවාදයට මේ සතියේ සහභාගි වෙමින් සායක්කාර මේ බව හෙළි කරන අතර සිය අලුත්ම නාට්‍යය වන 'සින්ටෝ' නාට්‍යය පිළිබඳවද ඔහු එහිදී පවසයි.
'සින්ටෝ' ටෙලිනාට්‍යයේ නමට බොහෝ රූපවාහිනී නාලිකා අකමැත්ත පළ කළ බවද ඔහු එහිදී පවසන අතර ප්‍රේක්ෂකයා නැරඹූ 'කොඩිගහ යට', 'TAKE CARE' වැනි නාට්‍ය වැනි නාට්‍ය නුවෙන් ඉඩ දීමේදී වූ සාර්ථකත්වය පිළිබඳවද එහිදී කතා කළේය.
Mirror Arts සංවාදය සෑම සෙනසුරාදාවකම සවස 07ට Mirror Arts යූටියුබ් නාලිකාවේ විකාශය වේ.

Back to top
Go to bottom

Popular News