lan englan tam

විශේෂාංග

'ඇහැලේපොල සොහොන' සොයා මුරුසියට ගිය කැප්ටන්ගේ කතාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"අපේ රටේ අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයකින් මේ ටිකයි දන්නේ කියන්නේ ලැජ්ජාවක්. මම දැන් සීගිරිය හැදුව එකට වඩා ඉතිහාසය දන්නවා. ඇහැලේපොල වළ දමා ඇති සොහොන හොයාගෙන මුරිසි දූපතට මම ගියා. ඇහැලේපොල සොහොනේ තිබුණ මල්වඩම මට ලොකු ප්‍රශ්නයක් වුණා. ජේ.ආර්. මගෙන් ඇහුවා ඇයි සිංගප්පූරුවේ ඉන්නේ කියලා. මම කොහොමද කියන්නේ තමුසේ නිසා මෙහෙට ආවේ කියලා."

මෙසේ පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් ගුවන් කපිතාන්වරයකු වූ එල්මෝ ජයවර්ධනයන්ය. මෙවර 'මතක පද' යූටියුබ් සංවාදයට පූරක ගැමුණු වන්නිනායක සමග ඉහත අදහස් හෙළි කරන්නේ ඔහුය.
සිය Sam's Story නවකතාව වෙනුවෙන් එල්මෝ ජයවර්ධන සම්මාන දිනූ අතර පසු කලෙක සම්මානනීය 'සැමීගේ කතාව' චිත්‍රපටය නිර්මාණය වූයේද ඒ ඇසුරෙනි.
සිය වෘත්තීය ජීවිතය සමව ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගවේෂණයට තමන් තුළ ඇති වූ ඇල්ම, සාහිත්‍ය කටයුතු පිළිබඳව විස්තරාත්මක ඔහු සංවාදයේදී පවසයි. ශ්‍රී ලාංකාවේ ගුවන් කපිතාන්වරයෙකුව සිටියදී ඇහැලේපොළ නිලමේවරයා පිටුවහල් කළ මුරුසි දිවයිනේ ඇහැලේපොළගේ අවසන් කටයුතු කළ ස්ථානයට යෑමට ඇති වූ පෙළඹවීමත් කපිතාන්වරයා එහිදී පවසයි.
"ජේ.ආර්.ගේ පුතා මගේ යාළුවා. මම ජේ.ආර්.ගේ පාලනය එපා වෙලා ගියේ. ඇහැලේපොල හිතුවා එයා රජ කරයි කියලා. එයාව රජ කෙරෙව්වේ නෑ. සුද්දන්ට ඕන වුණා ඇහැලපොල 'සීන්' එකෙන් අයින් කරන්න."
ඉතිහාසය පිළිබඳව එසේ පවසන ඔහු දේශපාලනිකව සිය ජීවිතයේ අත්දැකීම්ද සංවාදයේදී "මගේ තාත්තා දෙවන ලෝක යුද්ධයේ යුද්ධ කරපු ගුවන් නියමුවෙක්. මට ඇති අධ්‍යාපනයක් නෑ. මම 'ඕලෙවල්' දෙපාරක් ෆේල්. ප්‍රධාන ගුවන් නියමුවා වුණාම දේශපාලන බලපෑම් ආවා ජේ.ආර්.ගෙන්. එයාර් ලංකා පාඩු වුණේ උඩ හිටපු මිනිස්සු නිසා. එයාර් ලංකා පාඩු වුණේ 2010න් පස්සේ. අද වෙනකන් මම පයිලට්ලා එකසිය ගාණකට උගන්වලා තියෙනවා, සත පහක් අරගෙන නෑ. මගේ ජීවිතේ ලෙඩ නිවාඩු අරන් තියෙන්නේ එක පාරයි. මිනිස්සු ජාති දෙකයි - එකක් සල්ලි ගණන් කරන අයයි, ගණන් කරන් නැති අයයි. මම දෙපාරක් ලී ක්වාන් යූ අරන් ගිහින් තියෙනවා." පවසයි.
"අඳුරට සාප නොකර ඉටිපන්දමක් හෝ දල්වන්න. නැති බැරි කෙනෙක්ට උදව් කරන එක තමයි මහා ලොකු දේ. නැතුව ප්ලේන් එලවන එකවත් පොත් ලියන එකවත් නෙවෙයි. පාර්ලිමේන්තුවේ හරි 225ක් හිටියා නම් අපි කොච්චර සතුටින්ද ඉන්නේ. අඩු ගාණේ දැන් ටිකක් හරි සතුටින් ඉන්නවා." යනුවෙන්ද දරිද්‍රතාවය පිටුදැකීමේ නියමුවෙකුද වන එල්මෝ ජයවර්ධන සිය සබුද්ධිමත් සංවාදයේදී පවසයි.

Back to top
Go to bottom

Popular News