චුලක්ෂි මෝස්තර නිරූපණයෙත් රංගනයෙත් යෙදෙන ශිල්පිණියක්. ඇය ක්‍රිඩිකාවක්. පසුගිය දවසක ඇය සමාජ සත්කාරයක් සඳහා ටිකක් දුර පලාතකට ගිහින් තිබුනා. ඇය මේ කාර්්‍ය පිළිබඳ ෆේස්බුක් හි සටහනකුත් තියලා තිබුනා.
"අපි ඉන්නෙ එයාලට ආධාර කරන්නවත් එයාලා ඉන්නේ අපේ ආධාර ලබන්නවත් නෙවේ. ඒත් එයාලට මේ වෙලාවේ උදව් ඕනෙ. උදව් ලැබිලා එයාලා අපිටත් වඩා සතුටින් ඉන්න දකින්න ඕන. මොකද අපිට එයාලගේ උදව් ඕන වෙලාවක් වෙනවා. හොට් ඩෝග් කාලා පීසා කාලා වයින් බීලා ඉන්න එයාලට ඕන නෑ.ආධාර නොකර උදව් කරන්න. මොකද ආධාර ඕන වෙන්නේ හැමදාම ආධාර බලාපොරොත්තු වෙන අයට.අපිට ඕන එයාලගෙ ජීවිත තව එක පියවරක් ඉදිරියට යනවා දකින්න. බුද්ධිමත් ග්‍රාමීය ජනතාවක් ඉන්න දවසට මේ රට තවත් සමෘද්ධිමත් වේවි."
මිිරර් ආර්ට්ස් චුලක්ෂිට කතා කරළා ඇහුවා මොකද්ද මේ සමාජ සත්කාරය කියලා. චුලක්ෂි ඒ ගැන කිව්වේ මේ විදිහට.
"මමයි මගේ හිතවත් වෛද්‍යවරුන් දෙපලක් වන කුෂාන් සහ සමීන් ඇතලු ඔවුන්ගේ පවුලේ අයත් එක්ක නුවරඑළියෙ හයිෆොරස්ට් දුෂ්කර ගමේ රෝහල ට පරිත්‍යාගයක් කළා. ඇත්තටම මේ රෝහලේ ගැබිනි කාන්තාවන් වෙනුවෙන් තමයි අපි විශේෂ ප්රදානය කළේ. ECG යන්ත්‍රයක් සහ තව ප්‍රෙෂර් බලන උපකරණ පරිත්‍යාග කළා".
මොකද දේශපාලනයටවත් එන්නද අදහස.?
අනේ නැහැ මම මේ දේවල් කරන්නේ කිසි දෙයක් බලාගෙන නෙමේ. හිතේ සතුටට. ඒ වගේම මේ ගමනෙදි අතිශය දුෂ්කර පාපාසලකටත් ගියා. ළමයින් 50ක් ඉන්න ප්‍රාථමික වතු පාසලක් . මේ දරුවන්ට අවශ්‍ය මූලික පහසුකම්වත් මේ පාසලේ නැහැ. කිසිම ක්‍රීඩා උපකරනයක් සෙල්ලම් පිටියක් නැහැ. ඒ වගේම පොත් පත්, පෑන් පැන්සල්, බෑග් වතර බෝතල් වැනි පාසල් යන දරුවෙකුට අවශ්‍ය මූලික දේවල් මේ දරුවන්ට නැහැ. ඉතින් මම හිතුවා පුළුවන් ඉක්මණින් ඒ දරුවන් වෙනුවෙන් යමක් කළයුතුයි කියලා.
ඇත්තටම මේ දේවල් කරන්නෙ හුගක් සල්ලි තියාගෙන නෙමේ. නමුත් පුළුවන් හැකි අයුරින් සමාජයේ අපේම දරුවන් වෙනුවෙන් යමක් කරන්න ලැබෙනවනම් ඒක ලොකු සතුටක්.
ඉතින් එහෙම යමක් කරන්න ඔිනෙ කියලා දැණුනහම ඒක කරන්න ඔිනේ. වචනෙකින් හරි කාටහරි උදව් කරන්න පුළුවන්නම් ඒක ලොකු උපකාරයක් වේවි කියලා මම විශ්වාස කරනවා. මේ සියල්ල මම කරන්නෙ මගේ ආත්ම තෘප්තිය උදෙසාමයි."
චුලක්ෂි හිතේ සතුට වෙනුවෙන් කරන අපූරු දේවල් පහළින් බලන්න
https://mirrorarts.lk/ar/gossip/4351-chlakshi-ranathunga#sigProIdcd89fd711e