හේමාල් හොරෙන්ම විවාහ වෙලා ද?
වර්තමාන සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පියෙක් වුන හේමාල් රණසිංහ ලොකු කුඩා වයස් භේදයකින් තොරව හැමෝගෙම ආදරයට පත්‍ර වුන කෙනෙක් කිව්වොත් හරි. දක්ෂ රංගන කුසලතාවය වගේම කඩවසම් පෙනුම නිසාම ඔහු තරුණියන්ගේ සිහින කුමාරයා බවට පත්වෙලා තියෙන්නේ නිතැතින්මයි. ඉතින් දැන් අපි මේ කියන්න යන්නේ හේමාල්ගේ ප්‍රේක්ෂකයන්ව විශේෂයෙන්ම රසිකාවියන්ට ටිකක් දුක හිතෙන ආරංචියක් කිව්වොත් හරි.
හේමාල් රණසිංහ හදිස්සියේම විවාහ වෙලා කියලා අපි ඔබට කිව්වොත් බොහොමයක් දෙනා ඒක පිළිගන්න එකක් නෑ. ඒක ඉදිරියට එන්න තිබෙන ඔහුගේ නිර්මාණයක් සම්බන්ධ ඉඟියක් කියලා හැම කෙනෙක්ම හිතනවට සැකයක් නෑ. මේ කියන්න හදන්න දවස් කිහිපයකට කලින් සමාජ මාධ්‍ය වලට එකතු වුන හේමාල්ගේ විවාහයේ ඡායාරූප කිහිපයක් ගැන. කලින් කිව්වා වගේම මේක ඇත්තම එකක් නෙමෙයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි මේ ඡායාරූප දැකපු ගොඩක් අය ඔහුගේ විවාහය ඇත්තම වෙලා කියලා නොහිතපු විදිහට කලබල වෙලා තිබුනා දකින්න ලැබුනා. හදිස්සියේම අහන්න ලැබුන මේ ආරංචියෙන් ඔහුගේ ප්‍රේක්ෂකයන් පුදුමයට පත්වෙන එක අරුමයක් නෙමෙයි කියලා මේ ඡායාරූප දකින ඕන කෙනෙක්ට හිතෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.
මොකද හේමාල් එක්ක මේ විවාහ ඡායාරූපවල ඉන්නේ එහෙමත් නැත්නම් ඔහුගේ මනමාලිය විදිහට ඡායාරූපවල ඉන්නේ රංගන ශිල්පිනියක් හෝ මෝස්තර නිරූපිකාවක් නෙමෙයි.ඇයගේ නම නතාෂා. පැහැදිලිවම ඇය කලාවට එතරම් හුරුපුරුදු මුහුණක් නෙමෙයි. අනිත් කරණය මේ ඡායාරූප එකතුව කරලා තියෙන්නේ ඉතාම ජනප්‍රිය විවාහ මංගල්‍ය ඡායාරූපකරණයේ යෙදෙන ආයතනයක්. ඒ වගේම ඒවා අන්තර්ජාලයට මුදාහැරලා තිබුනෙත් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවෙන්මයි. ඉතින් මේ කරණා එක්ක මේ ඡායාරූප ඇත්තටම හේමාල්ගේ විවාහ ඡායාරූප කියලා පිලිගන්නත් ඕනවට වඩා සාක්ෂි තියනවා. නමුත් හේමාල් තවම මේ සම්බන්ධව ප්‍රසිද්ධියේ අදහසක් පලකරලා තිබුනේ නෑ.
කොහොම වුනත් මේක දැකපු ගොඩක් දෙනෙක් එක දිගට එක දිගට හේමාල්ට සුබ පතන්නත් අමතක කරලා තිබුනේ නෑ. ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත හේමාල්ගෙන්ම දැනගෙන ඉක්මනින්ම ඔයාලට කියන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනං ඉතින් බලලා ඉන්නකෝ ඒ කියපු පින්තූර ටික.
මව්බිම'
ඡායා: Two Rings - Sri Lankan Wedding photographers
https://mirrorarts.lk/ar/gossip/5893-hemal-w-191013#sigProIdc91ea3b2b2