lan englan tam

O Oපේ

ලේඛක, පාඨක පිරිස අතර වාද හැදුණු මානිගෙ තීරු ලිපිය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා අවසන් වූ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳව ජනප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මැල් විසින් තීරු ලිපියක් ලියා තිබිණි.

ඒ පිළිබඳව විවිධාකාරයෙන් වටහා ගත් ඇතැමෙකු මේ පිළිබඳව විවාද කිරීමටත් මාධ්‍යවේදියාගේ උත්ප්‍රාසයෙන් පිරි ලිපිය විවේචනය කිරීමටත් කටයුතු කර තිබිණි.
එහි ඇත්තේ සැබැවින්ම කුමක්ද යන්න එම ලිපිය කියවා බලන පාඨකයින්ට භාර කරමු.
එම ලියවිල්ල මෙසේය.

ලේඛකයෝ ඉතා සුලබෝ!
 
අපේ ගෙදර කාර්යබහුලම තැනැත්තා අපේ මුණුබුරාය .ඉස්කෝලේ හතේ පංතියේ උගන්නා ඔහුට එහි වැඩට අමතරව අටෝරාශියක් රාජකාරි තිබේ.⁣
මේ නිසා පහුගිය දවස්වල BMICH පොත් ප්රදර්ශනයට යෑමටද ඔහුට කාලවේලාවක් ලැබුණේ නැත .එහෙත් බිරිඳ හා මා එහි ගිය දවසේදී අපෙන්ද ,පුතා ගිය දවස්වලදී ඔහුගෙන්ද කොල්ලාට අනේක පොත් තෑගි ලැබී තිබුණේය.
පහුගිය දවසක ඔහු සිය පියා සමග BMICH යෑමට සැරසෙනු දැක මා පුදුමයට පත් වූයේ ඒ නිසාය .
"ඔයාට ඊළඟ අවුරැද්දම කියවන්න තරම් පොත් හම්බුවෙලානෙ තියෙන්නෙ "මම කීවෙමි ."අද ආයෙ ටියුෂන් කට් කරගෙන එහේ යන්නෙ මොකටද ?"
මුණුබුරා මට ආඩම්බර හිනාවක් පෑවේය .
"මං යනව සීයෙ ලේඛකයෙක් හම්බුවෙන්න"ඔහු කියා සිටියේය ."ලේඛකයොනෙ වැදගත්ම "
මා එදා දවසම මග බලාගෙන සිටියේ මුණුබුරා ලේඛකයෙකු හමුවන්නට ගිය වීර චාරිකාවේ විස්තර අහන්නටය.
කොල්ලාද ගෙදර පැමිණි වහාම මට ඒ පට්ටන්දරය දිග හරින්නට පටන් ගත්තේය .
"BMICH පරිශ්රයේ ලේඛකයො සූ ගාල හිටියනෙ සීයෙ "ඔහු මට කියන්නට විය ."කොටින්ම හිස් නූඩ්ල්ස් කෝප්පයක් විසිකරන්නවත් බෑ ලේඛකයෙක්ගෙ ඇඟේ නොවැදි"
මට ඒ කතාව ඇල්ලුවේ නැත .
"හොඳයි,ඔයාට දැන් ලේඛකයෙක් මුණගැහුණද?"
"ලේඛකයෙක් නෙවෙයි සීයෙ මට ඕන නම් ලේඛකයො දුසිම් දොළහක් එක්ක සමූහ ඡායාරූපයක් වුණත් ගන්න තිබුණා"මුණුබුරා තොල පෙරළමින් කියා සිටියේය ."එහේ ලේඛකයො හරි ලාබයි සීයෙ "
"මොකක්ද ඒ අලුගුත්තේරැ කතාව ?"මම කේන්තියෙන් ඇසුවෙමි ."ඔය ළමයාම නේද කලින් කිව්වෙ ලේඛකයො තමයි වැදගත්ම කියල "
"නෑ සීයෙ ,එහේ ඉන්න ලේඛක ජනගහනය රටේ ජනගහනයට වැඩියෙ ටිකයි අඩු "ඔහු කියා සිටියේය . "නිකම්ම නිකම් ලේඛකයොනෙවෙයි ටෝල්ස්ටෝයි+ල,හෙමිංවේ+ල,කොයියෝ+ල,අරැන්දතී+ල,සේකර+ල"
"ඒ මොකද හැමෝගෙම නම්වලට ප්ලස් කියල කෑල්ලක් දැම්මෙ?"
"එච්චර දෙයක්වත් තේරෙන්නෙ නැද්ද සීයෙ ?"මුණුබුරා නොරිස්සුමෙන් ඇසුවේය ."ඒ කියන්නෙ ටෝල්ස්ටෝයිට වැඩියෙ ලොකු නවකතාකාරයො,සේකරට වැඩියෙ ලොකු කවියො ආදී වශයෙන්නෙ"
පොත් ප්රදර්ශනයේ අන්තිම දවසේද මුණුබුරා එහි යෑමට සැරසී සිටියේය .
"දැන් ඔය ළමයා ලේඛකයො හැටහුටාමාරක් හම්බුවෙලානෙ ආවෙ"මම ඇසුවෙමි ."අද මොනවාටද ඔය ආයෙත් යන්නෙ ?"
"අද යන්නෙ සීයෙ පුළුවන් වුණොත් පාඨකයෙක්ව හම්බුවෙන්න "
 
සුන්දර නිහතමානි ද මැල්
Back to top
Go to bottom

Popular News