සුප්‍රකට “දේගු දේහ සිතුවම්” උළෙල පසුගිය 27 වැනිදා දකුණු කොරියාවේදී පැවැත්වුණි.
මෙම ජාත්‍යන්තර උත්සවයට ලොව පුරා වෙසෙන ශරීර සිතුවම් ශිල්පින් විශාල පිරිසකගේ සහභාගීතත්වයෙන් ආරම්භ වුණි.
මේ සඳහා සහභාගී වූ නිරුපන ශිල්පිනියෝ සිය සිරුර අපුරු ජීවමාන කැන්වසයක් බවට පත්වීමට ඉඩ හැරියහ.
ඔවුන්ගේ නිරුවත් සිරුරු පුරා දිවෙන පින්සල් තුඩු සුන්දර රටා මවා පෙන්වීමට සමත් වූ බව කිවොත් නිවැරදියි.
කෙටි කලිසමක් සහ කුඩා පටියකින් පමණක් සිය සිරුර වසා ගත් මෙම නිරුපිකාවන් කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට සැබවින්ම උපකාරී විය.
“මගේ ස්වාමි පුරුෂයා ඉදිරියේ හැරෙන්නට මම කවුරුන් ඉදිරියේ හෝ නිරුවත් වෙලා නැහැ,” යනුවෙන් සිය සිරුර පුරා වර්ණවත් සිතුවමකින් සරසාගත් ඇමරිකානු නිරුපන ශිල්පිනියක් වූ නයෝමි මුලේන්බර්ග් පැවසුවාය.
“ සිරුරෙහි ඇඳි සිතුවමකින් ඔබ ඇඳුම් ඇඟ ලා සිටින බව දැනීම ඇත්තටම එය හරිම අපුරුයි,”
නිරුපන ශිල්පිනියන් සියල්ලම පාහේ ඇවිදින සිත්තම් බවට පත්වීමට ගත වී තිබුනේ පැය 6 ක කාලයකි.
ඉන්පසු විවෘත ස්ථානයක ඉදි කළ වේදිකාවක නැඟී සිය ගණන් ප්‍රේක්ෂකයා ඉදිරියේ මෙම කලාත්මක නිර්මාණ ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාව උදා විය.
දක්ෂතා පෙන්වූ නිර්මාණකරුවන්ට මුදල් ත්‍යාග හිමි වී තිබුණි.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/life/fashion/1785-2017-08-29-11-59-22#sigProId6c11309316