සුප්රකට ගායිකා රිහානා විසින් මෙම වසර මුලදී එළිදැක්වූ “Savage X Fenty” නම් කාන්තා යට ඇඳුම් සන්නාමය පිළිබඳ බොහෝ දෙනෙක් ප්රශංසා මුඛයෙන් කතා කරන්නට වුයේ එමඟින් මතු කළ විවිධත්වය නිසා ය.
මෙවර නිව්යෝක් විලාසිතා සතියේ දී Savage X Fenty සිය ප්රථම විලාසිතා දැක්ම සිදු කරන ලදී.
විවිධ වර්ණ, ජාතින් මෙන්ම ශරීර ප්රමාණයන්ගෙන් යුත් නිරූපන ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් රිහානාගේ විලාසිතා එකතුව ප්රදර්ශනය කළ අතර ගර්භනී නිරූපන ශිල්පිනියන් දෙදෙනෙක් ද මේ සඳහා එක් වී සිටි අයුරු දක්නට ලැබුණි.
“විශ්වාසය සහ ශක්තිය” ලබාදීම උදෙසා සිය විලාසිතා එකතුව උත්තේජනයක් ලබා දෙනු ඇතැයි රිහානා විශ්වාස කරන්නීය.
ඇය විලාසිතා සම්මතය බිඳ ක්රියා කිරීම ගැන මෙම දැක්මට එක් වූ, නොවූ බොහොමයක් නිරූපන ශිල්පිනියන්ගේ ද පැසසුමට ලක්ව තිබේ.
“අනෙකුත් නිර්මාණ ශිල්පින් මෙය හිතට ගත යුතුයි,” යනුවෙන් නිරූපන ශිල්පිනි ජස්ටින් බිටිකොන් ට්විටර් සටහනක් මඟින් පවසන්නීය.
“සියලු ශරීර හැඩ, ප්රමාණ සහ වර්ණ වලින් යුත් කාන්තාවන් වෙනුවෙන් ඇය ලින්ජරි නිර්මාණය කර තිබෙනවා වගේම සියලු හැඩ, වර්ණ සහ ප්රමාණ වලින් යුත් කාන්තාවන් විලාසිතා දැක්ම වෙනුවෙන් සහභාගී කරගෙන තිබෙනවා.”
BBC ඇසුරින්
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/life/fashion/3990-savage-x-fenty-praised#sigProIdc2f2082051