lan englan tam

සතුට කියන්නෙ ඒක බෙදන මොහොතෙදි වැඩි වෙන දෙයක් 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 



ඔවි සතුට කියන්නෙ බෙදෙන මොහොතෙදි වැඩි වෙන දෙයක් තමයි. තමන්ට විතරක් විදින්න පුලුවන් සතුට එහෙම තමන් විතරක් නොවිද බෙදාහදාගෙන විදින මහා පරාර්ථකාමී මිනිස්සු මේ ලෝකෙ ඉන්නව. රැචල් රැපි‍රේ Rachel Lapierre, කියන්නෙ එහෙම කාන්තාවක් . එයා ජීවත්වුනේ කැනඩාවේ මොන්‍ට්‍රියල් කියන ප්‍රාන්තෙ. එයා වෘත්තීයෙන් සෞඛ්‍ය සේවිකාවක්. ඒ එක්කම එයා තමයි 1982 දි මොන්ට්‍රියල් වල රෑප රැජිණිය .

අපි දන්නව රෑප රාජිණියක් කිව්වම මොනවගේ ලෝකයද එයාල ජීවත්වෙන්නෙ, මොනවද එයාලට අවශ්‍ය සහ අත්‍යවශ්‍ය කියල. ඒත් මේ රූප රැජිණිය හිතන්නෙ වෙනස් විදිහට. රැචල් රැපිරේ කියන්නෙ බොහොම දුක්විදපු පහළ මධ්‍යම පන්තියක ඉපදුනු තවමත් ඒ පන්තියේම ජිවත් වෙන ගැහැණියක්. දවසක් එයා නොසිතූ විදිහට කැනඩාවෙ දිනුම් අදින ලොකුම ලොතරැයියක් එයාට ඇදෙනව. ඒ 2013 අවුරුද්දේ දවසක. ඒක ඇදිච්ච පුද්ගලයාට මුලු ජිවිත කාලයටම හැම සතියක් ගානෙම එයා මිය යනකන් ඩොලර් 1000 ක් දෙනව එකී ලොතරයි ආයතනය. ඒක දැවැන්ත මුදලක්. ලංකාවෙ මුදලින් නම් මාසෙකට ලක්ෂ 7 ක් වගේ . මේක ඇදිච්ච ගමන් එයා හෙද සේවයෙන් අයින් වුනා. දැන් එයාට අලුත් ගෙයක්, අලුත් කාර් එකක්. වටිනා ඇඳුම් පැළඳුම් ගන්න ඕන තරම් අවස්ථාව. නමුත් රැචල් කල්පනා කළා එයා විදපු දුක්කන්දරාව. දැන් එයාට සතුටෙන් ඉන්න පුලුවන් තමයි. නමුත් හොද නැද්ද මේ සල්ලි තවත් අයගෙ සතුට වෙනුවෙන් වියදම් කරන්න. අපි ඉපදුනේ සල්ලි නැතිව. අපි මැරෙනකොට සල්ලි අරන් යන්නෙත් නෑ. ඒත් අපි මැරෙන මොහොත අපිට මතකයට එන්නෙ අපි කරපු හොද විතරයි. අපි මළාට පස්සෙ මේ සමාජය මතක තියාගන්නෙත් අපේ හොද මිසක් අපේ සල්ලි නෙවෙයි. එහෙම හිතපු රැචල් තීරණය කරනව තමන්ට සෙල්ලම් බඩුවක් නැතිව අනිත් අයගෙ සෙල්ලම් බඩු දිහා බලල ලතවෙන කැනේඩියානු දරැවො ගැන මම හිතුවොත් මොකෝ වෙන්නෙ. මට ඉතින් එයාලට සෙල්ලම් බඩුවක් අරන්දෙන්න පුලුවන්නෙ. මේ ලැබෙන ‍ඩොලර් 1000 නැති බැරි අයට බෙදන්න මොනව හරි ගන්න ඕන. ඊට පස්සෙ එයා මුලු මොන්‍ට්‍රියල් ප්‍රාන්තෙම දුප්පත් දරුවන්ට පොත්පත් ඇඳුම් පැළඳුම් සෙල්ලම් බඩු අරන් දෙන්න පටන් ගත්ත හැම සතියකම එයාට ලැබෙන මුදල් වලින්. Quebecවල මෝස්තර විලාසිතා පාසැලක් පටන් ගත්ත දුප්පත් තරුණියන්ට ඇවිල්ල ඒකෙන් ඉගෙන ගෙන මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ රැකියාවක් හොයාගන්න.
තවත් ටිකක් කල් යනකොට එයාට හිතුන කැනඩාවෙ දුප්පත් මිනිස්සුනට වඩා දුක් විදින රටවල් ලෝකෙ තියෙනව. වඩා හොදයි මම එහෙම රටවල් වල දරුවන්ට මිනිස්සුන්ට උදව් කරන එක කියල. එයා ඉස්සෙල්ලම ගියා සෙනගාලයට. ඊට පස්සෙ හයිටියට. එයා ඒකට Le Book Humanitaire කියන මානව සංවිධානයෙන් වෛද්‍ය ආධාර කණ්ඩායමක් ගත්ත. දැන් රැචල් රැපිරේගේ වයස 52 යි මේ දවස්වල එයා ඉන්නෙ ඉන්දියාවෙ කල්කටා නුවර. එයාගෙ වෛද්‍ය සායන කණ්ඩායමත් එක්ක. රැචල් කල්කටාවෙ පාලම් යට, පදික වේදිකාවේ, දුම්රිය ස්ථානයේ නිවාස අහිමි අයට තුවාල වලට සාමාන්‍ය ලෙඩට දුකට බේත් කරනව. කන්න බොන්න දෙනව. පාසැල් ළමයින්ට ඇඳුම් පැළඳුම් දෙනව හිටපු ගමන් පදික වේදිකාවෙ ජීවත්වෙන ළමයි කණ්ඩායම් එක්කගෙන එයාව සාප්පු ගානෙ ඇවිදල අලුත් ඇඳුම් අරන්දීල චිත්‍රපටියක් වගේ එකක් පෙන්නල සතුටු කරනව. කල්කටාවෙ පදික වේදිකාවල පාලම් යට දුගී පැල්පත්වල ජිවත් වෙන මිනිස්සුන්ට දැන් මේ සුදු ගැහැණිය රැචල් කියන්නෙ දේවාතාවියක්. මේක මට මුලු කල්කටාවට දෙන්න බැරි විත්තියත් හැමදාම දෙන්න බැරි විත්තියත් මම දන්නව. නමුත් මගේ ජීවිතකාලෙටම සතියකට ලැබෙන එක්ලක්ෂ හැට දාහ මම මේ මිනිස්සුන්ගෙ අවශ්‍යතාවය සදහා වියදමි කරනව. මම වෙන කාගෙවත් සල්ලි මේ වැඩේට බලාපොරොත්තු වෙන්නෑ මට සතුටක් දැනෙයි මම අලුත් ගෙයක් අලුත් කාර් එකක් ගත්තොත් නමුත් මම ඔබේ සතුට වෙනුවෙන් ඒ හිස් දේවල් අතඅරිනව.
මම මගේ රැකියාවෙන් අයින්වෙලා ඉන්නෙ ඉතින් මට සමාදානෙන් සැතපෙන්න මේ මතකයන් ඇති මම මේක කියන්නෙ මගේ හදවතින් රැචල් රැපිරේ එහෙම කියනව. තමන්ගේ සතුටට වඩා අනුන්ගේ සතුට වෙනුවෙන් තම ජීවිතයද මුදල් ද කැපකළ රැචල් රැපිරේ ඔබ විශිෂ්ට මානව හිතවාදිනියකි. දිගු කලක් සතුටෙන් ජීවත්වෙන්න. අනිකා‍වද සතුටු කරමින්.

සටහන : උපාලි ජයසිංහ

 

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News