lan englan tam

ඇන් ඔෆිසර් ඇන්ඩ් අ ජෙන්ටල්මන් චිත්‍රපටයෙන්....

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

මිලියන 16 ක් වැයකොට මිලියන 130 ක වාර්තාගත ආදායමක් ඉපයු ඇන් ඔෆිසර් ඇන්ඩ් අ ජෙන්ටල්මන් චිත්‍රපටය 1982 වර්ෂයේදී ලොව පුරා තිරගත වූයේ , ජෝ කොකර් හා ගායිකා ජෙනිෆර් වෝන්ස් ගායනා කළ ලව් ලිෆ්ට් අස් අප් වෙයාර් වි බිලෝන්ග්ස් ගීතයටද නොමඳ ප්‍රසිද්ධියක් ලබා දෙමිනි.


කඩවසම් නළු රිචාර්ඩ් ගියර් , නිළි ඩෙබ්‍රා වින්ගර් , ඩේවිඩ් කීත් සමග ලුවී ගොසැට් ජූනියර් රඟ පෑ මෙම චිත්‍රපටියට පාදක වූයේ ගුවන් නැවියෙකු වීම සඳහා පුහුණු කඳවුරකට සහභාගී වන තරුණයෙකු එහිදී මුහුණ දෙන ඉතා මානුෂීය අත්දැකීමකි.


මෙම චිත්‍රපටියේ පුහුණුකරුවන් භාර සාජන් වරයාගේ චරිතය රඟ පෑ ලුවී ගොසට් ජූනියර් 1983 දී පැවති ඔස්කාර් සම්මාන උළෙලේ දී අදාල චිත්‍රපටිය සඳහා හොඳම සහාය නලුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගත්තේ එවන් සම්මානයක් දිනූ ප්‍රථම අප්‍රිකානු අමෙරිකානු නලුවා වශයෙනි.


නිළි ඩෙබ්‍රා වින්ගර් එම වර්ෂයේදීම ඔස්කාර් , ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළවල් වලදී හොඳම නිළිය ලෙස නාම යෝජනාවට පාත්‍ර විය.


ජනප්‍රිය නොවෙතැයි සැකයෙන් චිත්‍රපටියට ඇතුලත් කළ ලව් ලිෆ්ට් අස් අප් වෙයාර් වී බිලොන්ග්ස් ගීතය ලොව පුරා ජනප්‍රියම ගීතය බවට පත්වෙමින් උළෙල රැසකම සම්මානනීය ගීතය බවට පත්විය.


විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටියේ ලුවී ගොසැට් ජූනියර් රඟපෑ ජවනිකාවක්, පසු කලෙක අපේ රටේ වෙළඳ දැන්වීම් කිහිපයකටම ආදර්ශ සැපයීමයි. ඉහත ජවනිකාව ඔබට කොතරම් සමීපදැයි බලන්න.

සටහන : Shantha Rohana Peiris


Back to top
Go to bottom

Popular News

وحدة تحكم تشخيص الأخطاء لجوملا

الدورة

معلومات الملف الشخصي

الذاكرة المستخدمة

استعلامات قاعدة البيانات