lan englan tam

සැබෑවටම ජීවත් වී ගිය සදාතන කාටූන් වීරයා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
නිවිති කාලා සුපිරි ශක්තියක් ලබාගන්න සූර වීර නාවිකයා Popeye the Sailor Man ගැන ඔයාල හැමෝම අහල ඇති..
මෙන්න මේ කාටූන් චරිතය හදන්න පාදක උන චරිතය ගැන තමයි මම අද ඔයාලට කියන්න හදන්නෙ..
ඔහුගේ නම තමයි Frank 'Rocky' Fiegel. ඔහු ජීවත් වෙලා ඉදල තියෙන්නෙ Popeye කාටූන් එකේ නිර්මාතෘවරයා උන Elzie Segarගෙ ගමේ..
ගමේ තානායමේ නිතරම කාලය ගත කරපු මේ නාවිකයා එක ඇසක් පමණක් තියෙන , කටේ පයිප්පයක් ගහගෙන ඉන්න , නිතරම රණ්ඩු වලට සහභාගි වෙන වගේම තමන්ගෙ අසාමාන්ය ශක්තියෙන් ඒ සටන් හැම එකක්ම වගේ ජයග්රහණය කරපු පුද්ගලයෙක් බව කියවෙනවා..(ඔහු තානායමේ රංඩු සරුවල් වෙන පුද්ගලයන් එළියට ඇද දමන්නෙකු ලෙස රස්සාව කළ බවත් ඇතැම් අය පවසලා තියෙනව..,ඇතැම් අය කියන්නෙ ඔහු තානායමට එහා පැත්තෙ තිබුන සැලුන් එකේ වැඩ කරපු බවත් , වැඩ අවසන් උනහම තානායමට ආව කියලයි..)
නිතරම මත්පැන් බොන ඔහු , මත්පැන් බොන අතරතුර තමා නාවිකයෙකු ලෙස වසර 20 සත් සයුරේ ගත කරන ලද කාලයේ කරපු දස්කම් විස්කම් ගැන කතන්දර කියන්නත් පෙළඹිලා ඉදල තියෙනව.. ඔහු විසින් පවසපු මෙන්න මේ කතන්දර නිතරම අහන්න ආව කෙනෙක් තමයි Popeye කාටූන් එකේ නිර්මාතෘවරයා උන Elzie Segar. නිතරම මේ නාවිකයගෙ කතන්දර අහපු Elzie අවසානයේ මේ නාවිකයව පාදක කරගෙන Popeye කාටූන් එක නිර්මාණය කරල තියෙනවා..⁣ මෙහිදී පෙනුම , කටේ එක පැත්තක පයිප්පය රදවා ගැනීම විතරක් නෙවෙයි චරිතයේ ඇඳුම් පවා නිර්මාණය කරල තියෙන්නෙ Fiegel දිහා බලල බවයි කියවෙන්නෙ..
කාටූන් එක ජනප්රිය වෙලා වසර ගණනාවකට පස්සෙ Popeye කාටූන් එක හදල තියෙන්නෙ තමන්ව පාදක කරගෙන බව Fiegel දැනගන්ත බව කියවෙනවා. ඒ දැන ගැනීමෙන් වසර 9 කට පස්සෙ 1947 දි Fiegel මිය යනවා. ඉන් පසුව ඔහුගේ දේහය සලකුණු නොකරපු සොහොනක තැම්පත් කරනවා..
කොහොම උනත් 1996 දි Official Popeye Fan Club එකෙන් ඔහුව වළලපු තැන හොයාගෙන එතන සමරු ඵලකයක් සවි කරන්නෙ Popeye බිහිවීම පිටුපස හිටපු මනුස්සයට ගෞරව කරන්නයි..
(ඊලඟට ජායාරූප ගැන කතා කලොත් මේ ජායාරූයේ ඉන්න 100% popeye ට සමාන නාවිකයා Frank 'Rocky' Fiegel නෙවෙයි. මොකද ඒ කාලෙ වෙනකොට ඔහු අවුරුදු 70 වෙන පුද්ගලයෙක්. නමුත් අර නාවිකයා ඔහුගෙ තරුණ කාලෙ පෙනුමට සමාන වෙනත් නාවිකයෙක් බව කියවෙනවා.. ඊලඟට මම පළ කරල තියෙන පුවත්පත් දැන්වීමෙ ඉන්නෙ ඔරිඡිනල් Frank 'Rocky' Fiegel.)
 
ලේඛකයෙකුගේ නම සඳහනකින් තොරව 'කෝ මිනිසුන්ගේ කික් එක' නම් ෆේස්බුක් පිටුවේ පළ වූ ලිපියකි.
Back to top
Go to bottom

Popular News