lan englan tam

චිත්‍රසේන - වජිරා නර්තන කලාවේ පුරාවෘත්තයක්; අශෝක හඳගම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
1950 දශකය ලංකාවේ කලා-සංස්කෘතික පුනරුදයක් ඇතිවුණු දශකයයි. චිත්රසේනගේ නල දමයන්ති (1951) මුද්රා නාටකය, මාර්ටින් වික්රමසිංහගේ විරාගය (1956) නවකතාව, ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ රේඛාව (1956) චිත්රපටය, සුනිල් ශාන්තගේ ගීත ( ඕලු පිපීලා, හඳපානේ, හෝ ගා රැල්ල නැගේ, සුවඳ රෝස මල් ගෙනා ….) එළිදැක්වුනේ 50 දශකයේ හෝ ඒ ආසන්නයේ. විවිධ අංශයන්හි පර්යේෂණ සිදුවෙමින් නව පිබිදීමක් සනිටුහන් කළ දශකයයි.
ලංකාවේ නැටුම් අයත් වූයේ පහත් කුල වෘත්තියක් විදිහට. එදා කමතේ පෙරහැරේ කළ රංගනය අද දෙස්- විදෙස් ඇගයුමට ලක්වන උසස් කලාවක් දක්වා ඉහලට ඔසවා තැබූ පැරැණි පරපුරක අවසානයා ලෙස වසර අනූ දෙකක් ආයු වළඳා වජිරා අවසන් සුසුම් හෙළුවා. චිත්රසේන-වජිරා ගේ ගුරුහරුකම් යටතේ නර්තන කලාවට බිහිකළ විශිෂ්ටයන් රැසක් ඉන්නවා.
චිත්රසේන - වජිරා ලාංකීය නර්තන කලාවේ පුරාවෘත්තයක්
Salute you legendary, Vajira..!
 
(චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම වජිරා චිත්‍රසේනයන්ගේ අභාවයෙන් අනතුරුව පසුගියදා කළ සටහනකි)
Back to top
Go to bottom

Popular News