lan englan tam

ෂර්ලොක් හෝම්ස් කතාවලත් කියවුණු 'මරණයේ ඇමතුම'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
නෙළුම් කුළුනෙන් සිසුවියක් ඇදවැටිලා. වැටිලද, පැනලද කියලා තාම පැහැදිලි නෑ. ඒ news එකත් එක්ක අවුරුද්දකට කලිං වගේ මම දාපු පෝස්ට් එකක් ආයෙම දාන්න හිතුණා.

 

දින දෙකකට විතර කලින් තට්ටු තුනක් උස බිල්ඩින් එකක ඉඳන් පහල බලන් ඉද්දි මට එක පාරම හිතුණා බිල්ඩින් එකෙන් පැනලා බලන්න. ගොඩක් මිනිස්සු මේවගේ දෙයක් අත්විඳලා තියෙනවා කියලා Reddit කියන platform එකෙන් හොයාගන්න පුළුවන් උනා. මෙහෙම බිල්ඩින්, කඳු මුදුන් වගේ උස් ස්ථාන වලින් කිසිම හේතුවක් නැතුව පැනලා බලන්න හිතෙන සංසිද්ධියක් තියෙනවා Call of the void කියලා. සිංහල පරිවර්තනය රික්තයේ ඇමතුම. ෂර්ලොක් හෝම්ස් කතාවකුත් මතක් උනා මේ එක්කම.
Call of the void කියන්නෙ l'appel du vide කියන ප්රංශ වාක්යය කණ්ඩයේ ඉංග්රීසි පරිවර්තනය. High place phenomenon (උස් ස්ථාන සංසිද්ධිය) කියලා විද්යාඥයෝ මේක හඳුන්වනවා.
April Smith කියන මහාචාර්යවරියගෙ research එකකට අනුව මිනිසුන්ගෙන් 50% ක් පමණ මේ call of the void කියන තත්ත්වය අත්විඳලා තියෙනවා. සියදිවි නසාගන්න උත්සහ නොකළ සහ එහෙම හිතලවත් නැති මිනිස්සුත් මේ තත්ත්වය අත්විඳලා තියෙනවා. මේ තත්ත්වය ඇතිවෙන්නෙ මොළය තුල වැරදි සන්නිවේදනයක (miscommunication) ප්රතිඵලයක් විදිහට වෙන්න පුළුවන් කියලා Smith කියනවා.
මෙහෙම call එකක් ඔයාටත් දවසක ආවොත් answer කරන්න නම් එපා.
 
හිරාන් කවිශ්ක
Back to top
Go to bottom

Popular News