lan englan tam

පෞද්ගලික අංශය, පොදු-පෞද්ගලික හවුල්කාරීත්වය හා එක්ව මෙරට ආර්ථිකය ශක්තිමත් කරනවා අමාත්‍ය රිෂාඞ් පවසයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අප රටේ පෞද්ගලික ව්‍යාපාරික අංශය, පොදු - පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කරන බවත්,

මෙය අප රටේ ආර්ථිකය සංවර්ධනයට හේතු වන බවත්, එම නිසාම අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) මේ සඳහා හවුල් වන ලෙසට දිරිමත් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළධ පැවති ආසියානූ ශාන්තිකර කලාපීය ව්‍යවසායකත්ව 2018 සම්මාන උළේලේදීය.

මෙම සම්මාන උළේලේදී ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් රැසකට ව්‍යවසායකත්ව සම්මාන පිරිනැමුණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙසේද පැවසීය.

“මගේ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් NEDA ආයතනය මේ වන විට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් (SME) සඳහා මේ වන විට SME ඉතිහාසයේ පළමු වරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබෙනවා. අපගේ නෙඩා ආයතනය අප රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන්ම පෙනී සිටින රාජ්‍ය ආයතනයයි. එම නිසා ඔවුන් තම වගකීම ඉහළම මට්ටමින් ඉටු කරනවා. මෙම ප්‍රතිපත්තිය පුළුල් පරිසරයක් පුරා විහිදී පවතිනවා. එමගින් ඉහළ විභ්‍යතාවයකින් දියුණු කළ හැකි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සමූහයක් අවට පරිසරය, සුදුසුම නවීන තාක්ෂණය, ව්‍යවසායකත්ව සංස්කෘතිය සහ නිපුණතා සංවර්ධනය, මූල්‍යමය ප්‍රවේශය, වෙළෙඳපොළ පහසුකම් සැලසීම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සම්පත් කාර්යක්ෂමතා ගවේෂණය හා සංවර්ධනය ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ සිදු කරනවා. මෙම ප්‍රතිපත්තිය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික දැක්මට අනුව සකස් කරන ලද එකක්. ඔහුගේ දැක්ම වන්නේ දේශීය ව්‍යවසායකයින් අන්තර්ජාතික වෙළෙඳපොළ කරා රැගෙන යාමට මාර්ගයක් ඇති කිරීමයි. ඒ සඳහා රජය ඔවුන්ගේ නිෂ්පාදන මට්ටම හා තරගකාරීත්වය වැඩි දියුණු කිරීමට පියවර ගෙන තියෙනවා. අප පසුගිය වසරේදී ප්‍රථම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ඉන්කියුබේටරය කුරුණෑගලදී විවෘත කරනු ලැබුවා. මේ නිසා මම අපගේ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සේවාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා ලෙසයි. එමගින් ඔබගේ ව්‍යාපාරයන් දියුණු කරගන්නා ලෙසත් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම අද සම්මානයට පාත්‍ර වුණු අපගේ ව්‍යවසායකයින් සියලු දෙනාට මම සුභ පතනවා.”

මෙම අවස්ථාවට ආසියා ව්‍යවසායකත්වය හෙවත් Enterprise Asia හි සභාපති ඩාටෝ විලියම් නග් (Dato Willium Ng) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහභාගි විය.