රෑට ඉටිපන්දං පත්තුකරන එව්වයි, හොස්ස ළඟින් මැස්ස ගියත් මැස්සක් ගහගෙන උපවාස කරන එව්වයි, කොටුවෙ කාඩ්බෝඩ් උස්සගෙන දිග කොලේක ලියපු, එළිවැටක් තියා මොන වැටක්වත් නැති කවි වගේ සටන්පාඨ තාලෙට කියවන එව්වයි එපා වෙලා. මෙගාෆෝන් එකෙං උගුරු දණ්ඩ එළියට පයිනකං කෑගහල සටන්පාඨ කියෙව්වට ආණ්ඩුව සත පහකට කෙයා කරන්නෙ නෑ. ප්‍රොටෙස්ට් එකක් කොරද්දී ඒකෙ ආට් එකක් තියෙන්ඩ ඕන.
ලංකාවෙ ප්‍රොටෙස්ට් හරි කම්මැලියි අප්ප. එහෙම ප්‍රොටෙස්ට් එකක් ගැන දිනපතා පත්තරේක පොඩි නිව්ස් කෑල්ලක් දාගන්නෙ හරිම අමාරුවෙන්. කැම්පස් කොල්ලො පාරක් හරස් කළොත් නං ඒක නිව්ස්වල යනවා. මිනිස්සු ඒ කොල්ලොංට පලුයන්ඩ බණිනව.
ඒත් විරෝධය හෙවත් ප්රොටෙස්ටින් කියන්නෙ බෝඩ් කෑලි උස්සගෙන අපට කම්මැලි හිතෙන වැඩක් කිරීමම නෙවෙයි.
ගිය මාසෙ ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදෙට පුකට පයිං ගහන්ඩ සිරා - මරා දෙපළ ට්‍රයි කරපු වෙලාවෙ නං ලංකාවෙ ටිකක් රසවත් ප්‍රොටෙස්ට් ටිකක් සිද්ධවුණා. අක්කල ටිකක් සාරි ඇඳං වැස්සෙ තෙමුණා. ඒකෙන් එයාලගෙ පණිවුඩය හැමතැනම ගියා. ආරච්චි උන්නැහේ සමනල කතාවක් කිව්ව ගමං සමනලයො ටිකක් පාට පාට කොඩි උස්සගෙන එළියට බැස්ස. මේව පාට පාට වැඩ.
ඇත්තටම සමච්චලය හා විරෝධය එකට ගැටගැහුණාම හරිම රසවත් වැඩ එළියට එනවා. ඒත් ලංකාවෙ අලුත් පියාපත්, දිදුලන හදවත, ජන අණසක, පුරවැසි බලය, අලුත් පරපුර ඇතුළු අලුත් වැඩ ගැන හිතන, ප්රජාතන්ත්රවාදයට ලැදි උදවියට ක්‍රියේටිව් ප්‍රොටෙස්ට් එකක් ගැන අදහස් එන්නෙ අඩුවෙන්.
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් වැඩ කරන අය වැරදිලාවත් මිස් කරන්ඩ හොඳ නැති අවස්ථාවක් හෙට හවස 4ට තියෙනවා. හෙට කිව්වෙ පෙබරවාරි 26 අඟහරුවාදා.
අමතක නොකර එතැනට සෙට් වුණානම් මරු. හවස හතරට. රංජිත් පෙරේරා විසින් පරිවර්තනය කරපු, ස්ටීව් ක්රෝෂෝ විසින් ලියපු වීදියේ ජීවගුණය පොත එළිබහිනවා. මේ පොත ලෝකෙ භාෂා ගණනකට පරිවර්තනය වුණ පොතක්. ලෝකයේ විශාල ගෞරවයට පාත්‍ර වුණ පොතක්.
පොතේ තියෙනවා අපූරු ප්‍රොටෙස්ට් ගොඩක් ගැන. ආණ්ඩුවල නායකයොන්ව කිතිකවන්න සමත්වුණ සිදුවීම් ගැන ඒ පොතේ තියෙනවා. අනාගතයේදී විවිධාකාර විරෝධතා ඕගනයිස් කරන කට්ටියට මේ පොතෙන් අදහස් ගොඩක් එකතු කරගන්න පුළුවන් වේවි.
තැන මෙහෙමයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙ.
නාරාහේපිට කිරුළ පාරෙ අංක 83.
මරු වැඩේ කියන්නෙ, පොත ලියපු ස්ටීව් ක්රෝෂෝ මහත්තයාත් හෙට එනවා. ඇත්තටම මම අද උදේ ස්ටීව් ක්රෝෂෝ මහත්තයාව මුණගැහුණ. අපූරු අදහස් තියෙන කෙනෙක්. එයාව මුණගැහිලා කතාබහ කරන්නත් පුළුවන්.
මේ තව එකක්. මං විතරක් පෝස්ට් එකක් දැම්ම කියල මේ වැදගත් ඉවෙන්ට් එක ගැන රට්ටු දැනගන්නෙ නෑ. ඒ නිසා මේක ෂෙයා කරල හරි, අලුත් පෝස්ට් එකක් දාල හරි මේ පොතේ ඉවෙන්ට් එකට සපෝට් එකක් දෙන්න.
තරිඳු උඩුවරගෙදර