lan englan tam

හෙළවුඩ් POPCORN වෙබ් අවකාශයට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

හෙළවුඩ් POPCORN වෙබ් අවකාශයට

 

මෙරට සිනමාවට නව වේදිකාවක් තනමින් “හෙළවුඩ් POPCORN” වෙබ් අඩවිය එළිදැක්වීම පසුගියදා කලා ක්ෂේත්‍රයේ තරු, රසිකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු වුණි.

එම උත්සවය පැවැත්වුණේ ඊයේ (23) දින පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී ය.

වෙබ් අඩවිය එළිදැක්වීමට සමගාමිව සිනමාවේ තුන්කල් කතිකාව ද සාර්ථකව සිදු කළ අතර ඒ සඳහා සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, රොෂාන් පිලපිටිය සමඟින් නිරංජනී ශන්මුගරාජා පරම්පරා දෙකක් නියෝජනය කරමින් සහභාගී වුණි.

ලාංකේය සිනමාවේ විවිධ අංශ නියෝජනය කරමින් පැමිණි ප්‍රවීණයින් බ්ලොග් අඩවිය වෙබ් අවකාශයට මුදා හැරීමේ අවස්ථාවට එක් සිටිය හ.

www.helawoodpopcorn.com

Back to top
Go to bottom