අපි අද මිරර් ආට් සංචාර තුලින් ඔබ වෙත ගෙන එන්නේ ශ්රී ලංකාවේ පිහිටි අතිශය සුන්දර එහෙත් වැඩිය ඇස නොගැටුණු ස්ථානයක් වන ඩෙල්ෆ් පිළිබඳවයි.
ඩෙල්ෆ් කියන්නේ සුන්දර දුපතක් වුවත් මිනිසුන් වැඩිපුර නොගැවසෙන නිසා බොහෝ දෙනකු මෙම ස්ථානය නරඹන්නට උත්සුක වන්නේ නැහැ .
ඊට හේතුව තරමක් දුෂ්කර ගමනාන්තය නිසා කියලා කියන්නත් පුළුවන්.
මෙහි පිහිටි තනි වෙරළ තිරය දුපතට එක් කරන්නේ අමුතු සුන්දරත්වයක්.
ඩෙල්ෆ් හි දක්නට ලැබෙන තවත් සුවිශේෂී දර්ශනයක් ලෙස කැලෑ පෝනින් හඳුන්වන්නට හැකියි. දුපත පුරා නිදැල්ලේ හැසිරෙන පෝනින් ගෙන් වගේම අතීත නටඹුන් වලින් සුන්දර නිස්කලංක මේ දිවයින ඔබේ මීළඟ සංචාරය සඳහා තෝරා ගන්නට දෙපාරක් හිතන්න එපා.
https://mirrorarts.lk/ar/life/tours/1750-2017-08-24-07-31-12#sigProId6af58bdca8
ඡායාරූප: සෙඩ්රික් ගිමේෂ් සුලක්ෂණ