ඩෙල්ෆ් දූව
Delft Island, Jaffna, Sri Lanka
යාපනය අර්ධදීපයේ තියෙන සුන්දර දූපතක් විදියට Delft දූපත හදුන්වන්න පුලුවන්.යාපනයේ යනවනම් වෙලාව හදාගෙන යන්න වටින සුන්දර තැනක් තමයි Delft Island. Kurikadduwan jetty ඉදලා තමයි Delft,වලට යන්න වෙන්නේ.(නාගදීපේ යන්නෙත් මෙතන ඉදලා තමයි). උදේ 8.30 ,9.30 වගේ වෙලාවට තමයි බෝට්ටු තියෙන්නේ. හවස යනවනම් 13.30 ,15.00 ට වගේ බෝට්ටු තියෙනවා. ඒකේ මූදු ගමනට පැයක් විතර යනවා. ඒක ගමනේ ආරම්භයේම වගේ සුන්දර අත්දැකීමක් වෙයි ඕනෑම කෙනෙක්ට. Delft jetty ආවට පස්සේ එතන ඉදලා යන්න ත්‍රිවිල් එකක් හරි කැබ් එකක් හරි සෙට් කරගන්න වෙනවා.(කලින්ම සෙට් කරගෙන ගියොත් වැඩේ ලෙසි වෙයි). සාමාන්‍යයෙන් කැබ් එකකට ඇවිදලා එන්න 4000k වගේ ගානක් ගන්නවා. Delftවල ඉදලා ආයෙත් යන්න බෝට්ටු තියෙන්නේ 14.30, 16.30 වගේ වෙලාවට තමයි. මේ වෙලා දෙකෙන් එකකට යන්න පුලුවන් වෙන විදියට වටේම ඇවිදලා එන්න පුලුවන්.
Delft එනවනම් අනිවාරෙන් dust mask එකක් ,වතුර සහ කන්න දේවල් පුලුවන් තරම් අරගෙන එන්න අමතක කරන්න එපා.යන පාරේ වගේම හැම තැනම දූවිල්ල. හොද වතුරත් හොයාගන්න අමාරුයි . ඒනිසා ඒවා අරන් එන එක සෑහෙන්න පහසුවක් වෙයි ගමනට.මේ දූපතේ කඩවල්, ගෙවල් ගොඩක් අඩුයි .
මූදු වෙරලක් ලග ඉන්න කෙනෙක්ට උනත් Delft ගමන අනිවාරෙන්ම වෙනස්ම අද්දැකීමක් දෙන්න පුලුවන් තැනක්.සුන්දරම වෙරල තීරයක් උසට නොවැඩුනු ගස් තියෙන බිමක් .අයාලේ දුවන අශ්වයන්, සුද්දන්ගේ කාලේ හදලා දැන් නටබුන් උනු ගොඩනැගිලි සහ බලකොටු මේ දූපතට ගෙන දෙන්නනේ අමුතුම අපූර්වත්වයක්.
ඒකම විදියේ ගමන් ,චාරිකා යන ඕනිම කෙනෙක්ට මේවගේ දූපතක ගමනක් අලුත්ම අත්දැකීමක් වෙයි, අනිවාරෙන්ම එන්න බලන්න, පා සටහන් පමණක් ඉතිරි කරමින් රසවිදින්න.
සටහන: උදේශ් ගුණවර්ධන
සටහන සහ ඡායා උපුටා ගැන්මකි
https://mirrorarts.lk/ar/life/tours/5419-dlf-190626#sigProId8bfdacae36