ලංකාවේ ආකර්ශණීයම දුම්රිය ගමන කොළඹ සිට බදුල්ල දක්වා වූ දුම්රිය ගමනයි. එම ගමනේදී ලංකාවේ කඳුකර දර්ශණීයත්වය දුම්රිය ගමන් මගියෙකුට දැක ගැනීමට පුලුවන. මෙම දුම්රිය ගමන අතීතයේ සිටම ජනප්‍රිය ගමනකි.සිරීපාද වන්දනා සමයට කොළඹ බදුල්ල දුම්රිය පොදු ජනතාවගේ ජනප්‍රියම ගමන් මාර්ගය විය.
පසුගිය කාලයේ මහනුවර සිට ඇල්ල හරහා බදුල්ලට දුම්රියක් ධාවනය වූයේ ඇල්ල ඔඩිසි Ella Odysseyනමිනි. එය සංචාරකයින් සඳහාම වූ දුම්රියකි. එහි ගමන් ගන්නා මගියෙකුට සංචාරකයෙකුට ලංකාවේ දර්ශණීයම දුම්රිය ගමනේ යෙදීමට වාසනාව හිමිවේ.
ලෝකයේ දර්ශනීයම දුම්රිය ගමනක් ලෙසට ද සැලකෙන බදුල්ලට යන ගමන මෙරට සංචාරක ආකර්ෂණය දිනාගත් ප්රමුඛ ස්ථානයකි.එමෙන්ම ලංකාවේ ඇති සුඛේාපබෝගී සංචාරක ප්‍රවර්ධන දුම්රිය ඇල්ල ඔඩිසිය.
මෙම ගමනේදී දර්ශණීය ස්ථාන රැසක දුම්රිය යම් යම් කාල සීමාවන් සඳහා නවත්වයි. විශේෂයෙන් දුම්රිය සෙන්ට් ක්ලෙයාර් ඇල්ල, ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය,එල්ජින් ඇල්ල, පට්ටිපොල සමුළු මට්ටම, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය, දෙමෝදර 9-ආරුක්කු පාලම සහ උමග ඇතුළු සිත් ඇදගන්නාසුළු ස්ථාන වල නතර වේ. මෙහිදී දර්ශණීය තැන් නැරඹීමට ජායාරූප ගැනීමට රසවිඳීමට එම දුම්රියේ ගමන් ගන්නා සංචාරකයින්ට අවස්ථාව සැලසේ.
මෙම අගෝස්තු මස 13වන දින සිට කොළඹ සහ එහි අවට ජීවත්වන දේශීය සංචාරකයින්ට මෙන්ම කොළඹ නගරයේ සිටිනා වවූ විදෙස් සංචාරකයින්ට ද මහගු අවස්ථාවක් උදාවී ඇත.ඒ අනුව සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 05.30 ට කොළඹ කොටුවෙන් පිටත් වන ඇල්ල ඔඩිසි නව අධි සුඛෝපභෝගී දුම්රිය පස්වරු 3.55 ට බදුල්ලට ළඟා වීමට නියමිතයි.
මෙම දුම්රිය ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල,රඹුක්කන, පේරාදෙණිය,මහනුවර,නාවලපිටිය, නානුඔය, හපුතලේ, දියතලාව,බණ්ඩාරවෙලල ඇල්ල සහ බදුල්ල යන ස්ථානවල නතර වේ.
සෑම ඉරිදාවකම පෙරවරු 09.50 ට බදුල්ලෙන් පිටත් වන දුම්රිය පස්වරු 07.20 ට කොළඹට ළඟා වේ.
බදුල්ලට සහ ඉන් පිටතට යන ගමනේදී දුම්රිය තෝරාගත් සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක නතර වන අතර, මෙම නැවතුම්වලින් මගීන්ට හදිසි අවස්ථා සඳහා බැසීමට ඉඩ සලසයි.
මෙම විශේෂ දුම්රියේ කොළඹ කොටුව සහ බදුල්ල අතර පළමු පන්තියේ වෙන්කර ඇති ප්‍රවේශපත්‍රයක් රුපියල් 5000ක් වන අතර දෙවන පන්තියේ වෙන්කළ ප්‍රවේශපත්‍රයක් රුපියල් 4000ක් සහ තුන්වන පන්තියේ වෙන්කර ඇති ප්‍රවේශපත්‍රය රුපියල් 3000ක් වේ.
ප්‍රවේශපත් මිල ගණන්
කොළඹ කොටුව - බදුල්ල
පළමු පංතිය රු.5000
දෙවනි පංතිය රු.4000
තුන්වන පංති යරු.3000
කොළඹ කොටුව - නානුඔය
පළමු පංතිය රු.4000
දෙවනි පංතිය රු.3000
තුන්වන පංතිය රු.2000
කොළඹ කොටුව - මහනුවර
පළමු පංතිය රු.3000
දෙවනි පංතිය රු.2000
තුන්වන පංතිය රු.1500,
මහනුවර - නානුඔය
පළමු පංතිය රු.3000
දෙවනි පංතිය රු.2000
තුන්වන පංතිය රු.1500
නානුඔය - බදුල්ල
පළමු පංතිය රු.5000
දෙවනි පංතිය රු.4000
තුන්වන පංතියරු.3000
ප්‍රවේශපත් මිල ගණන් එක් දිශාවකට පමණි
මෙම දුම්රියේ මැදිරි සැකැස්ම පළමු පන්තියේ මැදිරි 04 ක් ,දෙවන පන්තියේ මැදිරි 03ක්, භෝජනගාර මැදිරියක්,S14 14 බලවේග මැදිරි කට්ටලයක්
ආසන වෙන්කරවා ගැනීමට ලගම පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථානයකින් හෝ ධබකසබැ සිදුකල හැක.අදාල දිනට දින 14කට පෙර https://seatreservation.railway.gov.lk/mtktwebslr/ ඔස්සෙ ආසන වෙන් කරවාගත හැක.
දුම්රියන් ඉහළ සහ පහළ දෙසට හුවමාරුව සිදුවන බැවින් එම තත්ත්වයට අදාල නැවතුම් ස්ථානයන් දුම්රිය ප්‍රමාදයන් මත සංශෝධනය විය හැක. එමෙන්මමැදිරිවල සංශෝධනය සිදුවිය හැක
ඇල්ල ඔඩිසි එක්ක සුන්දර ගමනක් යන්න ඔබත් සදානම් වෙන්න. පාසල් නිවාඩුවේ දරුවන් සමග ලංකාවේ ලස්සන බලන්න සූදානම් වෙන්න.
ලංකාවේ දුම්රිය මගීන්ට තම ගමන් බිමන් යාම සඳහා දුම්රිය යනු අතිශය ලාබදායි මෙන්ම පහසු ගමන් ක්රමයකි. බලධාරීන් කිසිවිටෙක දුම්රිය මගීන්ට ඒ තුළ පහසුකම් සළදා දෙන්නට එතරම් වුවමනාවක් නැත.
නගරාන්තර සීඝ්‍රගාමී දුම්රීන් තුළ වුව යම්කිසි මුදලකට පහසුවෙන් ගමන් කිරීමට ජනතාවට ඉඩ සළසා දිය හැක. කොළඹ මහනුවර ,කොළඹ යාපනය, කොළඹ මාතර, කොළඹ ගාල්ල, කොළඹ හලාවත, පුත්තලම මහව වැනි දුම්රිය මාර්ගවල ධාවනය වන දුම්රිය ට නව සේවාවන් එකතු කර යම් කිසි සාධාරණ මිල වැඩිවීමකින් ජනතාවට පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාවක් සැළසේ නම් එය මානසික සතුටක් වනු ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවට නිසි සැළසුමක් වෙනම් ආකර්ශණීය ජනතා සේවයක් කළ හැකි බවට මෙය කදිම නිදසුනක් වේ.අවශ්‍යවන්නේ නිසි සැළසුම් සහගත කළමනාකාරීත්වයක් සහ දියුණු කිරීමේ දැඩි අධිෂ්ටානයක් පමණි.
සුද්දා ගල් විදලා පාරවල් කපලා ඔය රේල්වේ එක හැදුවේ නැතිනම් අපි ට කෝචිචයේ බුදුලු යන්න වෙන්නෙ නැහැ...
ජායාරූප සහ විස්තර අන්තර්ජාලය ඇසුරිණි
https://mirrorarts.lk/ar/life/tours/6577-ella-odissi-is-the-crazy-crush-in-sri-lanka#sigProId45692b010d