ශ්රී ලංකාවේ සිංහල ගීත කලාවේ කෝකිලාවිය වශයෙන් හඳුන්වන ජනප්රිය ගායිකා ලතා වල්පොල මහත්මිය අද (11) සිය 90 වැනි උපන්දිනය සමරන්නීය.
ගීත කෝකිලාවියගේ පවුලේ සාමාජිකයින්ද ළඟම හිත මිතුරන්ද සහභාගි වන සුන්දර උපන්දින සැමරුමක් පැවැත්වීමට ඇයගේ දියනිය ප්රමුඛ කාණ්ඩය කටයුතු කර තිබිණි.
ලතා වල්පොලයන්ගේ ශ්රී ලංකාවේ සමීපයේ නොමැති දරු මුණුබුරන්ද ඇයට උදෑසනම සුබ පැතුම් එක් කර තිබිණි.
හෙළ ගීත කලාවේ ගීත කෝකිලාවිය ඔබට අපි දීර්ඝායුශ සමග සුබ උපන්දිනයක් වේවා යැයි පතමු!