lan englan tam

පුවත්

අසංඛ්‍යාත මව්වරුන්ගේ බලාපොරොත්තුවේ පහනක් වූ 'රාණි'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රාණි චිත්‍රපටය සඳහා පාදකව ඇත්තේ මෙරට විසූ ප්‍රකට මාධ්‍යවේදයකු, ලේඛකයකු, මානව හිමිකම් ක්‍රියාකරුවකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රිචඩ් ද සොයිසා 1990 පෙබරවාරි මස 18 වන දින බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් මරා දැමීමෙන් අනතුරුව, ඔහුගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මහත්මිය විසින් තම පුතුගේ මරණය වෙනුවෙන් යුක්තිය පසිඳලීම සඳහා කරනු ලබන අභියෝගාත්මක වූත්, අනුවේදනීය වූත් ක්‍රියාදාමයයි. රිචඩ් ද සොයිසාව දේශපාලන මැරයන් විසින් බලහත්කාරයෙන් ඔහුගේ නිවසින් පැහැරගනු ලබන්නේ, එකල මෙරට දූෂිත දේශපාලන දර්ශනය පිළිබඳව ඔහුගේ විවෘත විවේචනයට පළිගැනීමක් වශයෙනි. මෙම මව හා පුතු අතර ගොඩනැගී තිබුණේ මහා ලෙන්ගතු ආදරණීය බැඳීමකි. තම ආදරණීය පුත්‍රයාගේ දරා ගත නොහැකි වියෝව හමුවේ වික්ෂිප්තව සිටින මනෝරාණි වෙත වෙනත් දේශපාලන කණ්ඩායමක් ළංවන්නේ, ඇය වැනිම කිසිදු සලකුණක් නොතබාම තම දරුවන් පැහැරගත් මව්වරුන් වෙත, ඇයගේ නායකත්වය ලබා ගැනීමේ අරමුණෙනි. පීඩිතයන්ගේ සහ නිශ්ශබ්ද වූවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා සම්මත සීමාවන් ඉක්මවා යන ඇය, අසංඛ්‍යාත මව්වරුන්ගේ බලාපොරොත්තුවේ පහනක් බවට පත්වේ. “රාණි” යනු දැරිය නොහැකි ඛේදවාචකයන් හමුවේ ඔරොත්තු දීමේ ශක්තිය ධෛර්යය සහ මව් සෙනෙහසේ උත්තරීතර භක්තිය ග්‍රහණය කරගත් ශක්තිමත් එඩිතර මවකගේ කතාවද වේ.

ප්‍රවීණ සම්මානනීය නිර්මාණවේදී අශෝක හඳගම කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වනුයේ පාසැල් වේදිකාවේ රඟපාමිනි. දාහත් වන වියේදී තිර පිටපත් රචනයට පිවිසි ඔහු, “තවද එක් නිදසුනක්”, “පරසතු”, “තටාකයේ යක්ෂයා” යන වේදිකා නාට්‍ය ත්‍රිත්වය නිෂ්පාදනය කරමින් ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත. “හෙණ” වේදිකා නාට්‍ය සමඟින් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන ඔහු “අවුරෝරා”, “භූමිකා”, “මා ඝාත” සහ “ඇන්ටික් කඩයක මරණයක්” යන වේදිකා නාට්‍ය ඉදිරිපත් කළ අතර, “ප්‍රභාතය” ටෙලි සිත්තම නිර්මාණය කරමින් පුංචි තිරයට පිවිස පසුවදී, “දුන්හිද අද්දර”, “දිය කැට පහන”, “සින්තටික් සිහින”, “මේ පාරෙන් එන්න”, “නැගෙනහිර වෙරළින් ඇසෙන” වැනි ප්‍රාසංගික නිර්මාණ රැසකින් පුංචි තිරය සැරසීය. තිර පිටපත් රචකයෙකු, ගීත නිබන්ධකයකු හා ග්‍රන්ථ කතුවරයෙකු වන අශෝක හඳගම “අම්මා සහ සඳ එළිය” යන කෙටිකතාවත්, වේදිකා නාට්‍ය හා චිත්‍රපට තිර රචනා කිහිපයක්ම මුද්‍රණයෙන් එළිදක්වා ඇත. 1998 වසරේ තිරගත වූ “චන්දකින්නරී” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවද ජයගන්නා ඔහු, “මේ මගේ සඳයි” (2001), “තනි තටුවෙන් පියාඹන්න” (2003), “විදූ” (2010), “ඉනි අවන්” (2012), “ඇගේ ඇස අග”(2016), “අසන්ධිමිත්තා” (2019), “ඇල්බොරාදා”(2019) යන චිත්‍රපට තිරයට එක්කළ අතර, මෙතෙක් තිරගත නොවූ “අක්ෂරය” හා “සඳ දඩයම” යන චිත්‍රපට ද්විත්වයද ඔහුගේ නිර්මාණ අතර වේ. තුන් දෙනෙක් (ඈ, ඔහු, අනෙකා) නමින් ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර සමඟ එක්ව චිත්‍රපට ත්‍රිත්වයක එකතුවක් නිර්මාණය කරන ලදී. එහිදී අශෝක හඳගම “අනෙකා” චිත්‍රපටය නිර්මාණය කරන්නට යෙදුණි. රාණි ඔහුගේ එකොළොස්වන වෘත්තාන්ත සිනමා නිර්මාණයයි.

රංගන දායකත්වය

ස්වර්ණා මල්ලවආරච්චි (මනෝරාණි), සනත් ගුණතිලක (ලලිත්), මයුර කාංචන (කරු), රිතිකා කොඩිතුවක්කු (තරුණ කාන්තාව), රොහාන් අමරතුංග (රිචඩ්), සජිත අනුත්තර (ගයාන්), බිමල් ජයකොඩි (මහින්ද), අශාන් ඩයස් (මංගල), සෞම්‍ය ලියනගේ, අනුසුයා සුබසිංහ, කින්ග් රත්නම්, අනුරාධ මල්ලවආරච්චි, නලින් ලුසේනා, සමන්ත පරණලියනගේ, ජූඩ් ක්ලෝඩියස්, ගිහාන් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, ප්‍රියන්ත ලලිත්, ස්ටෙෆාන් තිරිමාන්න, රොෂාන් පොල්වත්තගේ, සුරංග පෙරේරා, මනෝජ් ජයකොඩි, උපුල් වීරසේකර, අජිත් සමන්ත

කාර්මික දායකත්වය

තිර රචනය සහ අධ්‍යක්ෂණය – අශෝක හඳගම

දෙබස් රචනය – අශෝක හඳගම, උදාන් ප්‍රනාන්දු

නිෂ්පාදනය – සුභාෂ්කරන් අල්ලිරාජා

නිෂ්පාදන ප්‍රධානී – ජානකී විජේරත්න

රේඛීය නිෂ්පාදනය – ඉරන්ති අබේසිංහ

විධායක නිෂ්පාදනය – ටි‍්‍රලාන් ශාස්ති ගනේෂන්, නයෝමි අප්සරා

කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය

සංස්කරණය – රවීන්ද්‍ර ගුරුගේ

ශබ්ද සැලසුම – අරුණ ප්‍රියන්ත කළුආරච්චි

කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම – බිමල් දුෂ්මන්ත

අංගරචනය සහ කොණ්ඩා මෝස්තර – ප්‍රියන්ත දිසානායක

ඇඳුම් නිර්මාණය – පියතිස්ස අකුරන්බොඩ

නිෂ්පාදන සහය – උදිත කහඳවආරච්චි, ධනංජය බස්නාගොඩ

නිෂ්පාදන කළමනාකරණය – මංජුල පෙරේරා විතානගේ

වර්ණ සංයෝජනය – දිනිඳු ජාගොඩ

සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය රෝහණ වීරසිංහ

ගී පද රචනය – අශෝක හඳගම

ගීත ගායනය – නිපුනි සාරධා, ස්ටෙෆාන් තිරිමාන්න, සදනි විජේතුංග

කැමරා සහය – දිලංග දිනූෂන්, රාජිත හෙට්ටිආරච්චි, තිළිණ ප්‍රසාද්

නාභිගත කිරීම – මුදිත විතාන

ආලෝකකරණය – ආරියරත්න පෙරේරා, හිරාන් ඉන්දික, කෝසල මනෝජ්, කීර්ති වසන්ත, ගයාන් බුද්ධික, රොහාන් දේවින්ද, කනිෂ්ක මන්දාර, සමන් කුමාර

නිශ්චල ඡායාරූප – චාමර නුවන්ත

සංස්කරණ සහය – මහේෂ් සංජීව

දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය – චත්‍ර විරමන්

දෘශ්‍ය ප්‍රයෝග සහය – නුවන් ගුණරත්න

දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණකරණය – නුවන් ගුණරත්න, අශාන් අමරසිංහ

නිෂ්පාදන සම්බන්ධීකරණය – බුද්ධිනී ජයවර්ධන, අකලංක රත්නායක, උදිත කහඳවආරච්චි, උපමාලි නුවරපක්ෂ

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News