lan englan tam

පුවත්

උපන්දින සතපහකට මායිම් නොකළත් භාතියගෙ උපන්දිනය විශේෂයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අද භාතිය ජයකොඩිගේ උපන්දිනේ. මං ඔය උපන්දින වගේ රෙද්දවල් සත පහකට තකන්නේ නෑ. දන්න එකෙක්ට ආදරෙයි කියන්න එදාට ඉන්බොක්ස් මැසේජ් එකක් දැම්මොත් හෝ මට විශේෂිතම මිනිහෙක් ගැන පොඩි හෑල්ලක් ලියන්න ඒක දවසක් කරගත්තොත් හැර.....

භාතිය සහ සන්තුෂ්ව මට දකින්න හම්බෙන්නේ 1998 දි වගේ. මම ඒ කාලේ ඔය modern පොෂ් කියන වර්ගය දැකලා තිබුණේ නෑ. මගේ ඕලෙවල් කාලේ.... අපි දැකලා තිබුණේ සිංහල සිංදු කියන සිංහල හැඩයේ පිරිස් සහ ඉංග්‍රීසි සිංදු කියන සුද්දා මෙහේ අතෑරලා ගියා වගේ පිරිස් තමයි.
නමුත් ඉංග්‍රීසි සිංහල මිශ්‍ර ඌරුවකින් සිංදු කියන රැප් කියන නාගරික තරුණ තරුණියෝ කීපදෙනෙක් අපිට දකින්න පුළුවන් උණා "වසන්තේ" එක්ක. මම ඇතුළු අපේ යාළුවෝ කටඇරගෙන හිටියේ ඒ සොමිය දිහා. ඇත්තටම අපි නොදන්නවා උණාට අපේ ලෝකයට විසාල වෙනසක් ආවා භාතිය සන්තුෂ් ආගමනය. ඒක මට තේරුණේ පස්සේ කාලෙක. වසන්තේ, සිරිසඟබොදි, කිරිකෝඩු හිතට වගේ සිංදු වලින් අපේ ලෝකයට අපේ දූපතට එළියෙන් තිබුණ ශබ්ද, තාල, performing හැඩයන් ටික සිංහලෙන් දෙන්න පටන්ගතතේ භාතියලා.
භාතියලා මේ වෙනුවෙන් ගත්තේ නිලාර් එන් කාසිම්, වසන්ත දුක්ගන්නාරාල වගේ සිංහල භාෂාව, ලංකාවේ පොලවේ හැඩය වගේ ඒවා එක්ක ගණුදෙනු කරන්න පුළුවන් ඒ වෙනකොට ලොකුවට එළියේ පහලියේ නොගැවසුන ගීයපද රචකයන්. මේ වෙනස විසින් අපේ ජීවිත වලට ගෙනාපු සෞන්දර්මය වෙනස මම හිතන්නේ අපි කවුරුත් ගණන් බලලා නෑ. නමුත් මම දන්නවා මම හිතන පතන හැඩේ මූලික වෙනස්කම් වෙනුවෙන් භාතියලාගේ සංගීතය විශාල බලපෑමක් කරපු බව.
ඒ එක්කම භාතියලා විශාල වෙනසක් ගෙනාවා ලංකවේ සංගීතය කේනද්‍රීය ව්‍යාපාරික ක්ෂේස්ත්‍රය​ට. තැන තැන මියුසිකල් ෂෝ වලට ගිහිල්ලා බීලා සිංදු කියන, අතේ සතේ නැති, හොඳ එකා මාර අවංකයා කියලා අන්දලා උගෙන් කැසට්කාරයෝ සල්ලි හම්බකරගත්තු ගායක කලාකාරයන්ගේ ජීවිත වෙනුවට භාතියලා සිංදු වලට වඩා උඩින් යන බිස්නස් මොඩියුල් එකක් පිච්කළා. මට අනුවනං අද ලංකාවේ සංගීත ක්ෂේස්ත්‍රයේ තියන "මූල්‍ය ස්ථාවරය" කියන එක ගොඩනැගීමේ පුරෝගාමීන් තමයි භාතියලා.
මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ අද වෙනකොට ආර්ථික වශයෙන් ස්ථාවරව ඉන්න තාරුණ්‍ය ඇත්තමට ණයයි ඒ කාරණාවෙදි භාතියලට. අපේ සිනමාවේ ප්‍රශ්නේම අපිට එහෙම සොලිඩ් ඉන්ඩස්ට්‍රි එකක් ගොඩනගන්න පුළුවන් භාතියලා වගේ පරපුරක් ගොඩනගාගන්න බැරිවීම. කොහෙහරි ෆෙස්ටිවල් එකක් ටාගට් කරගෙන හොරෙන් චිත්‍රපටි හදන සංස්කෘතියෙන් මිදෙනකල් අපිට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් හදාගන්න එක ලේසි නෑ. දැන්නං පොඩි වෙනස්කං ටිකක් පේනවා අපේ පරම්පරාවේ එවුන් අතරේ.....
ඉතිං අපි වගේ අය භාතියලගේ සිංදු එක්ක නවතිනකොට භාතියලා මියුසික් බිස්නස් ඉන්ඩස්ට්‍රි එකක් හැදුවා. ඒ නිසාම භාතියලාට පසුකාලීනව ඕනැතරං විවේචත් ආවා. ඊළඟට ඒගොල්ල රාජපක්ෂවරන්ගේ දේශපාලන මාවත තෝරාගත්ත ව්‍යාපාරිකයන් විදියට. භාතියලා ගායකයෝ කියන තැනින් වේගයෙන් මාරුවුණා ව්‍යාපාරික කියන තැනට. පස්සේ පස්සේ භාතියලා සිංදු නොකියන තැනටම ඇවිත් පූර්ණකාලීන ව්‍යාපරිකයන් බවට පත්වුණා.
ඒත් මම වගේ 90 දශකයේ ළමයි හැමදාම භාතියලාගේ පරණ සිංදු ඇහුවා... අදත් අහනවා... හෙටත් අහනවා... කරන කරන අළුත් සිංදුවලට මොකා බැන්නත් එකපාරක් හරිත් අහනවා... ඇත්තටම අළුත් එකක් කරලා දානකල් හැමවෙලාවේම බලාගෙනත් ඉන්නවා....
ඉතිං භාතිය, 90 ගණන් වලදී අපේ ජීවිත වලටත්, ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකටත් ගෙනාපු වෙනසටත් ඔබට ස්තූතියි....
සුබ උපන්දිනයක් වේවා සහෝදරයා... ආදරෙයි......
ප.ලි
මේක කියවන කවුරු හෝ භාතිය මගේ යාළුවෙක් කියලා හිතුවොත්... නෑ....
මට භාතිය එකපාරක් දෙපාරක් හම්බෙලා තියනවා. හලෝ කියලා තියනවා. එයා මගේ යාළුවෙක් නෙවෙයි. මට ඇත්තටම පුළුවත් තරං මම ආස කලාකරුවෝ සහ චරිත මගාරිනවා සහ එයාලගෙන් ඈත්වෙනවා. මම එක්ක වැඩකල අයගෙන් පවා. භාතියලට අයිති 'සරිගම' කියන ආයතනයෙන් කීප පාරක් මට වැඩවලට කතාකලත් මම මගෑරියා. හෙටත් මගාරිනවා.... හේතුව භාතියලව මගාරින්න ඕනෑවට.
ඒකට හේතුව අපි ආසා තරු තියෙන්න ඕනේ ඈත අහසේ අපිට දුරින්. එතකොට තමයි අපිට ඒවල ලස්සන බලන්න පුළුවන් වෙන්නේ.... කවුරුහරි දන්න කෙනෙක් භාතියට කියන්න එයා ව්‍යවසාකයෙක්ට වඩා මම වගේ අයගේ පුංචි ලෝකවල ඈතින් දිලිසි දිලිසී ඉන්න තවත් එක ලස්සනම ලස්සන තරුවක් කියලා....
ප.ප.ලි
මේක මෙහෙමම නම මාරුකලාම සන්තුෂ්ටත් වලංගුයි...

ලක්මාල් ධර්මරත්න ෆේස්බුක් සටහනකි

Back to top
Go to bottom

Popular News