lan englan tam

පුවත්

ලංකාවට ඔලිම්පික් ජය දී 'ඔසී' ගිය සුසන්තිකා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් රිදී පදක්කම් ලාභිනී ඕස්ට්‍රේලියාව බලා ගොස් තිබුණේ මේ වසර මුල් භාගයේදීය.

මේ වෙද්දීත් ඔලිම්පික් කෙටි දුර ධාවන පදක්කමක් දිනූ එකම ආසියානුවා වන්නේ සුසන්තිකා ජයසිංහයි.
2000 වර්ෂයේදී මෙම පදක්කම දිනූ සුසන්තිකාගේ විශේෂත්වය වන්නේ එම තරඟයේ පළමු පදක්කම්ලාභිනිය වූ ඇමරිකාවේ මේරියන් ජෝන්ස් පසු කලෙක තමන් එම තරඟයේ නීති කඩ කර ජයග්‍රහණය ලැබූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමයි. ඒ අනුව තරඟයේදී ලෝකඩ පදක්කම දිනා සිටි සුසන්තිකා රිදී පදක්කම්ලාභිනිය වූවාය.
සුසන්තිකාගේ කීර්තිමත් නාමය මෙන්ම ඈ සඳහා ඇති ගෞරවාන්විත පිළිගැනීම හේතුවෙන් ඇයට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරින් ඉහල පිළිගැනීමක් ලැබෙනු ඇති බව ඇගේ ඕස්ට්‍රේලියානු ආගමනයත් සමග බොහෝ දෙනා පවසනු දක්නට ලැබිණි.
සුසන්තිකා ඔබට සුබ පැතුම්!

Back to top
Go to bottom