lan englan tam

පුවත්

ලංකාව සංචාරයට සුදුසුම තැන්වලින් 09 වැනියා වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය සන්නාමයක් සහ ආයතනයක් වන බීබීසී නාලිකාව විසින් තෝරා ගනු ලබන ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන 25ක් අතරින් මේ වසරේ සංචාරය සඳහා සුදුසු 09 වැනි ස්ථානයේ රටක් හැටියට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

බීබීසීය විසින් නිකුත් කරන ලද නව සංචාරක මාර්ගෝපදේශයට අනුව සංචාරකයන් සාදරයෙන් පිළිගන්නා රටක් හැටියට ශ්‍රී ලංකාව නම් කළ හැකිවාක් මෙන්ම සංචාරකයන්ට වින්දනීය සංචාරක අත්දැකීම්ද ලබා දෙන බව පවසා තිබේ.
ලොව පුරා වෙසෙන සංචාරකයන් සඳහා බීබීසීය නිබඳව මෙවන් මගපෙන්වීම් සිදු කරයි.
පරිසරය සහ රටේ අද්විතීය සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමටද ශ්‍රී ලංකාව කටයුතු කරන බව බීබීසීය එහිදී පෙන්වා දී තිබේ.

Back to top
Go to bottom