අශෝක හඳගම ගේ අලුත්ම සිනමා නිර්මාණය වන අසන්ධිමිත්තා මාර්තු මස 22 දා සිට CEL සහ රිද්මා මණ්ඩලයේ සිනමාහල් වල ප්‍රදර්ශනය සඳහා මුදා හැරෙයි. සමන් වික්‍රමාරච්චි ගේ පාරකාල්පනිල්ක නවකතාව ඇසුරින,නිර්මාණය වුනු අසන්ධිමිත්තා චිත්‍රපටයේ ලෝක මංගල දැක්මල 23 වෙනි බූසාන් සිනමා උළෙලේදී පැවැත්වුනු අතර එය ලොව ප්‍රධාන සිනමා උළෙල කිහිපයකම තරඟකාරී අංශය නියෝජනය කළේය.
අසන්ධිමිත්තා සිනමාව තුළ අධ්‍යක්ෂකගේ සිනමා අභිප්‍රාය.
යථාර්ථයේ ප්‍රබන්ධ මානය.
මෙම චිත්‍රපටයේ ආඛ්‍යානය ගොඩ නැංවෙන දාර්ශනික පිවිසුම මුළුමනින්ම මනෝ විශ්ලේෂනාත්මකයි.. ප්‍රබන්ධයකට මුවා වෙමින් චරිතවල සත්‍යය පැහැදිලි වන ලෙස ගෙනහැර දැක්වෙනවා. මේ සිනමා අභ්‍යාසයේ මුඛ්‍ය පරමාර්ථය ප්‍රබන්ධ ආඛ්‍යානයක යතාර්ථය ප්‍රතිනිර්මාණය කිරීම නොවෙයි. ඒ වෙනුවට ප්‍රබන්ධයක් ලෙස යතාර්ථය නිරීක්ෂණය කිරීමයි. චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වාම නරඹන ප්‍රේක්ෂිකාවට දැනෙන්නේ ඇත්ත ජීවිතය නිරූපණය කලහැක්කේ ප්‍රබන්ධයක් ලෙස පමණක් බවයි. එමගින් අද්‍යතන සමාජ යතාර්ථය අප සිතනවාට වඩා හාස්‍යජනක බව අපට හඳුනාගත හැකි වෙනවා.
"මම රාත්තල් 300කට වඩා බර කසාද දෙකක්ම කැඩිච්ච අවුරුදු 38ක ගෑනියෙක්"
මම අඩි 5යි අගල් 03ක් උස, රාත්තල් 150ක් බර, ඒත් කිසිම පවුල් බරක් නැති, තනිවූ හදවතක් හොයන, වරදට සමාව දෙන්න සූදානම් තනිකඩ පිරිමියෙක්."
"මට ඔිනෙ මිනිහෙක් කියලා කව්රුහරි රූකඩයක් . මේ එක එකාලගෙ කටවල් වහන්න.ඔයා මට රූකඩයක් වෙනවා නේද?"
"හා... මම ඔයාට රූකඩයක් වෙන්නම්".
"හැබැයි රජෝ... මට රෝන්දෙ යන්න හිතුනහම ඔන්න මම යනවා.කාටවත් බැහැ ඒක නවත්තන්න."
"අපේ ගෙදර පිරිමිනම් නැහැ.... ඒත් සරම් තියෙනවා ඔිනෙ තරම්....මේ මම ආසම සරම"
අසන්ධිමිත්තා හි රංගනයෙන් නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිවු ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු,යශෝධා විමලධර්ම, රුක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල, ගයනි ගිසන්තිකා,සඳලි හඳගම, රිතිකා කොඩිතුවක්කු, ප්‍රදීප් රාමවික්‍රම, විදත් වීරකෝන් සහ අහස් දිසානායක දායකවන අතර අසන්ධිමිත්තා සරසවි සිනෙරූ වෙනුවෙන් එච් ඩී ප්‍රේමසිරි ගේ නිෂ්පාදනයකි. අමල් අල්විස් සහාය අධ්යක්ෂනයෙන් ද, මංජුල පෙරේරා නිෂ්පාදන කලමනාකරනයෙන්ද එක්වන මෙහි රේඛීය නිෂ්පාදන ය ඉරන්ති අබේසිංහ ගෙනි. චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයෙන් ද, කපිල පූගලආරච්චි ගේ සංගීතයෙන් ද දිනිඳු ජාගොඩ ගේ වර්ණ සංයෝජනයෙන් ද නිසල් ගංගොඩගේ ගේ ශබ්ද සංකලනයෙන් ද නිමැවුණු අසන්ධිමිත්තා සරසවි සිනෙරූ ඉදිරිපත් කිරීමකි.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/4943-handagama-s-new-film-release-on-22nd#sigProId8901080e6f