lan englan tam

පුවත්

ලංකාවේ රංගනය මනින මිනුම් ඒකකය  

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

විවිධ දේවල්වල ප්‍රමාණ මනින්න ලීටර්, ග්‍රෑම්, මීටර්, අලෝක වර්ෂ, බයිට්, නිව්ටන්, ඩෙසිබල් වගේ මිනුම් ඒකක තියනවා.

ඒත් රංගනය මනින්න සම්මත මිනුම් ඒකකයක් නෑ. රංගනය කියන්නෙ කලාව සහ විද්‍යාවේ මිශ්‍රණයක්.

ඒ නිසා කලාත්මක මිශ්‍රණයක් තියන ගායනය, නැටුම්, චිත්‍ර, රංගනය වගේ සෞන්දර්යාත්මක දේවල් මනින්න පුළුවන් නිශ්චිත විද්‍යාත්මක මිනුමක් හදන්න බෑ.

මේ නිසා විවිධ අයගේ මනස ඇතුලෙ තියන තාර්කිකත්වය, අත්දැකීම්, රුචි අරුචි, දැනුම, හැඟීම්, කපාල ධාරිතාව, දේශපාලනය, පෞද්ගලික වාසි, රීති, සංස්කෘතිය වගේ ගොඩක් දේවල්වලට සාපේක්ෂව තමයි මිනිස්සු කලාත්මක දේවල්වල අගය මනින්නෙ. මේ නිසා රංගන දක්ෂතා ඇගයීම පුද්ගයාගෙන් පුද්ගලයාට අතිශය සාපේකෂයි.
 
විවිධ පුද්ගලයින් රංගන දක්ෂතා මනිද්දි එන ප්‍රතිඵල විවිධ වෙන්නෙ ඒ නිසයි. මේ විවිධත්වය අතිශය සාධාරණයි සහ ස්වභාවිකයි.
 
ඔය හේතුව නිසා තමයි සම්මාන උළෙලවල්වලදී එකම රංගන නිර්මාණවලට විවිධ ජූරිවලින් විවිධ තීරණ ලැබෙන්නෙ. ඒත් ඒ ප්‍රතිඵලවල මොකක් හරි පොදු එකඟතාවක් තියෙන්න පුළුවන් නම් හොඳයි.
 
අන්න ඒ නිසා තමයි "ප්‍රායෝගික චිචාර බුද්ධිය"ක් තියන අයව ජූරියට තෝරගන්න ඕනෙ. එහෙම තෝරගත්තත් ඒ ඒ සාමාජිකයිනට සාපේක්ෂව ප්‍රතිඵල දෙන නිසා කොහොමත් විසංවාද ඇති වෙන එක ස්වභාවිකයි. ඒ නිසා සම්මාන උළෙලවල් ඉවර වුනාට පස්සෙ ඒ විනිශ්ච්‍යය ගැන මරා ගන්න එක තේරුමක් නෑ. මොකද ඉතිං ජූරියේ අය හරිද වැරදිද කියලා බලන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමයක් හෝ සාධාරණ පරීක්ෂණයක් නෑනෙ.
රංගන හැකියාවන් ගැන මම මනින මිනුම් ඒකකයක් මට තියනවා. ඒක ‘මට’ සාපෙක්ෂයි.
 
රංගනය මනින මගේ මිනුම් ඒකකය තමයි ‘ජෝ’.
රංගනය මනින්න විතරක් නෙමෙයි, එතනින් එහාට ගිහිල්ලා රංගනයේ පරාසය අවබෝධ කරගන්නත් මේ 'ජෝ' මිනුම් ඒකකය මට ගොඩක් උදව් වෙනවා. 'ජෝ' මිනුම් ඒකකය ගොඩනගාගන්න මම හිතපු පැති, න්‍යායන්, සිද්ධාන්ත සහ පසුබිම් කතාවෙන් ඉතා සුළු කොටසක් මම කියන්නම්.
 
මට අනුව දක්ෂ නළුවෙක් නිළියක් වෙන්න මූලික කාරණා තුනක් තියෙන්න ඕනෙ.
 
1) උපතින් ගෙනාපු ‘ජානමය හැකියාව’ (සහජ දක්ෂතාව)
2) ‘අත්දැකීම්’ (රංගන සහ ජීවන අත්දැකීම්)
3) ‘හැදෑරීම්’ (තාක්ෂණික කරුණු)
 
මේ තුනම උපරිමයෙන් තියන කෙනෙක්ට සැබෑ විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ජැක්සන් ඇන්තනී, ජයනි සේනානායක, හේමසිරි ලියනගේ, සෞම්‍ය ලියනගේ, Priyantha සිරිකුමාර, ජෝ , මහේන්ද්‍ර, තරින්දි, චාන්දනී, Jagath, ධර්මප්‍රිය කියන්නෙ සුපිරි ජානමය හැකියාවක් තියන දක්ෂයෝ. ඒ අයට රඟපාන්න අමුතුවෙන් අත්දැකීම්වත් හැදෑරීම්වත් ඕනෙ නෑ.
 
මට හිතෙන විදිහට රඟපාන්න නම් ජානමය හැකියාව කියන දේ තමයි මූලික වෙන්නෙ. සමහරු මොනතරම් අභ්‍යාස කළත්, වැඩමුළුවලට ගියත්, ඉගෙනගත්තත් විශිෂ්ට නළුවෙක් වෙන්න බැරි මේ කියන ජානමය හැකියාව පොඩ්ඩක්වත් නැති නිසා.
 
රංගන සහ ජීවන අත්දැකීම්වලින් ඉගෙනගන්න පුළුවන් දේවල් වෙන කොහෙන්වත් අපිට අරගන්න බෑ. උපතින්වත්, ඇකඩමික් හැදෑරීම්වලින්වත්, අත්දැකීම් කියන දේ අපිට ලැබෙන්නෙ නෑ. දිගු කාලයක් තිස්සෙ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ලැබෙන මේ රංගන සහ ජීවන අත්දැකීම්වලට පුළුවන් ජානමය රංගන හැකියාව තවත් පොලිෂ් කරන්න.
 
රංගනය සම්බන්ධ මහා හැකියාවක් උපතින් ගෙනාවෙ නැති කෙනෙක්ට වුනත් ලොකු කාලයක් නළුවෙක් නිළියක් විදිහට වැඩ කරලා ලැබෙන අත්දැකීම්වලිනුත් යම් මට්ටමක නළුවෙක් නිළියක් වෙන්න පුළුවන්. ඒහෙම අය ඕනතරම් ඉන්නවා. මට සාපේක්ෂව සංගීතා වීරරත්න කියන්නෙ එහෙම නිළියක්.
 
රංගනයේ තියන සියුම් නිරූපණයන්, දෙබස් උච්චාරණය, හුස්ම පාලනය, ටෙම්පො එක පවත්වාගැනීම, ඇක්ශන් සහ මූඩ් කන්ටිනිවිටි, ඇස්වලින් ප්ලේ කිරීම, කැමරා ලෙන්ස් එක පිළිබඳ අවබෝධය, සෙවණැලි මඟහැරීම, ආලෝකයේ උපරිම භාවිතය, සෙට් එකේ හැසිරීම වගේ තාක්ෂණික කාරණා ගැන දැනගෙන සහජයෙන් ලැබුන රංගන හැකියාව තවත් වර්ධනය කරගන්න නම් හැදෑරීම කියන දේත් වැදගත්. මං නම් කියන්නෙ සරස්වතී දේවිය රඟපාන්න ආවත් හදාරලා තමයි එන්න ඕනෙ.
 
මේ කියපු හැමදේම හොඳටම තියන ලංකාවේ හිටපු හොඳම රංගන ශිල්පියා හෝ ශිල්පිණිය කවුද? මේකට උත්තරේ එක එක අයට අනුව සාපේක්ෂයි. මට සාපේකෂව නම් රංගනයේ උපරිම පරිසාධන මට්ටත් ඉක්මවා ගිය, මෑත කාලීන ඉතිහාසයේ හිටපු අති දක්ෂම නළුවා තමයි ජෝ.... ඔව්... ජෝ අබේ වික්‍රම.
 
උපතින් ගෙනාපු මුළු රංගන පරාසයම රඟපාන්න ජෝට අවස්ථාවක් ලැබුනෙ නෑ. ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය සහ සිනමාවට වඩා ජෝගේ රංගන පාරාසය සෑහෙන ලොකුයි. ජෝට ශ්‍රී ලංකාව පොඩියි.
 
දීපශිකා, සරසවි, ජනාධිපති, ස්වර්ණසංඛ වගේ සම්මාන ජෝට ලැබීම ජෝ ලබපු ගෞරවයක් නෙමෙයි!! ඒ සම්මාන ජෝට ලැබෙනවයි කියන්නෙ ඒ සම්මානවලට ලැබුන ගෞරවයක්!!! ඇත්තටම ජෝ තමයි සම්මානෙ.
 
මට අනුව අංක එක තමයි ජෝ. ඉතිං රංගනය මනින්න මම යොදාගන්න මිනුම් ඒකකය තමයි 'ජෝ'. ජෝ කියන නළුවාගේ රංගන හැකියාවේ "ඇවරේජ් අගය" 100 යි කියලා මම මනසින් හදාගෙන ඉන්නවා. මෙතෙන්දි ජෝ රඟපාපු එක චරිතයකට අනුව නෙමෙයි මම මේ '100' නිර්මාණය කළේ. ජෝ රඟපාපු චරිත කිහිපයක් බලලා හදපු සාමාන්‍ය අගය... ඒ කියන්නෙ ඇවරේජ් එක තමයි '100' කියන අගය.
පුරහඳ කළුවර ෆිල්ම් එක විතරක් ගත්තොත් ජෝ අබේ වික්‍රමගේ රංගනය 110Jo. (ජෝ.110) ක්. ඇත්තටම අන්ධ මනුස්සයෙක්ටවත් ඒ තරම් හොඳට ඒ චරිතෙ කරන්න බෑ.
 
කවුරුහරි නළුවෙක් නිළියක් ජෝ.100 ක අගය පහුකරගෙන යන්නෙ ඉතාමත් කලාතුරකින්. කවුරු හරි කෙනෙක් 'එක චරිතයක් කරලා' ජෝ.100 ට වඩා වැඩි රංගන දස්කමක් දැක්වුවත්, ඒ නළුවාගේ 'සමස්ත රංගන හැකියාවේ සාමාන්‍ය' අගය (ඇවරේජ්) ජෝ.100ට වඩා අඩුයි. උදාහරණයක් විදිහට මී හරකා ෆිල්ම් එකේ ලින්ටන් සේමගේ කරපු රංගනය ජෝ.112 ක විතර අගයක තියනවා. ඉසුරු යෝගයේ ජයලාල් රෝහණ කරපු රංගනය ජෝ.107 ක වගේ අගයක තියනවා. ගරිල්ලා මාර්කටිං එකේ කමල් අද්දර ආරච්චි සහ ජැක්සන් ඇන්තනී කරපු රංගනයන් වගේම දඬුබස්නමානයේ බුද්ධදාස විතානාරච්චිගේ රංගනයන් ජෝ.105ට වඩා කොහොමත් වැඩියි. මනෝකාය ටෙලිනාට්‍යයේ ග්‍රැන්විල් රොද්‍රිගෝ ජෝ.102 ක හෝ ඊට ආසන්න රංගනයක් කළා. ඒත් ලින්ටන්, ජයලාල්, ජැක්සන්, කමල්, බුද්ධදාස, ග්‍රැන්විල් කියන අයගේ දක්ෂතාවේ ඇවරේජ් අගය ජෝ.100 ට වඩා අඩුයි.
 
ඔන්න ඔහොම තමයි මම රංගන දක්ෂතා මනින්නෙ. අනිත් නළු නිළියන්ගේ දක්ෂතා, ජෝ.100 ට සාපේක්ෂව.. ඒ කියන්නෙ ජෝ අබේ වික්‍රමගේ දක්ෂතාවත් එක්ක එකට තියලා සන්සන්දනය කරලා තමයි මම බලන්නෙ. මගේ ඔළුව ඇතුලේ රංගනය සම්බන්ධ නිශ්චිත මිනුම් ඒකකයක් තියන නිසා හැම නළු නිළි රංගනයක්ම මම මනින්නෙ එකම මිම්මෙන්.
 
ඒ නිශ්චිත මිනුමට අනුව කවුරු හරි ශිල්පියෙක්ගේ රංගන දක්ෂතාවක් ජෝ.100 ට වඩා අඩුද වැඩිද කියලා මුලින්ම බලනවා. ඊළඟට බලන්නෙ... අඩු නම් කොච්ර අඩුද, වැඩි නම් කොච්චර වැඩි ද කියලා. ජෝ අබේ වික්‍රමට වඩා හොඳට රඟපාන කෙනෙක්ට ජෝ.100 කියන ඇවරේජ් එක පහුකරගෙන යන්න පුළුවන්. ඒත් තාමත් ජෝ.100 පහුකරගෙන ගිය ඇවරේජ් එකක් තියන නළුවෙන් ශ්‍රී ලංකාවෙ මම දැකලා නෑ. ජෝ.92, ජෝ.95 නළුවො නම් ඉන්නවා.
 
අනාගත පරපුර ගැන බැලුවොත් Randika Gunathilake, Uma Aseni , X.කණිශ්ක කියන්නෙ ජෝ.100ට ළං වෙන්න පුළුවන් අති දක්ෂයෝ.
අනාගතයේ දවසක ජෝ.100 කියන ඇවරේජ් අගය පහුකරයි කියලා හිතෙන එක්කෙනෙක් මගේ හිතේ ඉන්නවා. ඒ තමයි ජානමය රංගන හැකියාව ඕනවටත් වඩා තියන Tharindi Fernando. තවත් චරිත 50 ක් 60 ක් කරද්දි තරින්දිගෙ ඇවරේජ් එක ජෝ.100 පනී කියලා මට හිතෙනවා. තරින්දි කියන්නෙ වෙනමම කතා කරන්න ඕන රංගන ජානයක්. ඒ ගැන පස්සෙ කතා කරමු.
 
පක්ෂ සහ විපක්ෂ කරුණු දක්වමින් තමන්ගෙ වටිනා කාලය කැප කරලා මේ මාතෘකාව ගැන අවංකව මාත් එක්ක අදහස් බෙදාගත්ත Mahendra Pereraලොකු අයියටත්, Kamal Addara Arachchiඅයියටත්, Isuru Lokuhettiarachchi ටත් thank you very much!!!
 
ලක්මිණ රණසිංහ
Back to top
Go to bottom

Popular News