lan englan tam

පුවත්

හත්වැනි වරටත් තාරුණ්‍යයේ නළුවා වූ හේමාල්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය නළු හේමාල් රණසිංහ 07 වැනි වරටත් ස්ලිම් සම්මාන උළෙලේ 'තාරුණ්‍යයේ නළුවා' සම්මානයෙන් ඊයේ (19) පිදුම් ලැබීය.

 

'ස්ලිම් කාන්ටර් ජනතා සම්මාන 2024'දී හේමාල් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අතර මේ වන විට හේමාල් රංගනයෙන් දායක වන සිහිනයකි ආදරේ සහ 1970 චිත්‍රපට දෙක සාර්ථක ලෙස තිරගත වෙයි.
1984දී උපත් ලද හේමාල් නිරූපණ ශිල්පියෙකු සහ රූපවාහිනී වැඩ්සටහන් පූරකවරයෙකු ලෙසද ජනප්‍රිය වේ. ජනප්‍රිය වෙළඳ දැන්වීම් මෙන්ම චිත්‍රපට කිහිපයකද ප්‍රධාන තාරකාවක් වන හේමාල් ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි. 'සුපර් සික්ස්' චිත්‍රපටය හේමාල්ගේ සිනමා ජීවිතයේ ආරම්භය වූ අතර මේ දක්වා ජනප්‍රිය චිත්‍රපටයක්ද වෙයි. හේමාල්ගේ තාරුණ්‍යයේ සම්මානයට අපගේ උණුසුම් සුබ පැතුම්!

Back to top
Go to bottom

Popular News