lan englan tam

පුවත්

දෙවෙනි ඉණිම සම්මානය ගැන විශේෂ සතුටක් නෑ; සමන් එදිරිමුණි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සමන් එදිරිමුණි ජනප්‍රිය ටෙලි කතා මාලාවක් වන 'දෙවැනි ඉණිම'හි රචකයා වේ.

පසුගියදා ස්ලිම් කාන්ටර් අවෝඩ්ස් හි දෙවැනි ඉණිම ජනප්‍රිය සම්මානය ලබාගැනීම පිළිබඳව විවිධ පාර්ශ්ව දක්වන අදහස් සම්බන්ධයෙන් සමන් එදිරිමුණි සිය අදහස මෙසේ ප්‍රකාශ කරයි. එම අදහස් දැක්වූ අය අතර රංගන ශිල්පී කංචන කොඩිතුවක්කුද විය.

 
8 වෙනි පාරටද 9 වෙනි පාරටද මම දන්නේ නෑ ඊයේ SLIIM සම්මානයක් ආයි දෙවෙනි ඉනිමට හම්බ වුණා. මට ඒක ගැන විශේෂ සතුටක් නැහැ. එකක් මං ලියන්න ගත්තු දවසෙ ඉදලා ඒවා මං ලියන නිර්මාණ වලට හම්බ වෙලා තියෙනවා.
 
අනික තමයි අපිට මේවා හම්බ වෙනකොට දරාගන්න බැරි කොටසක් මේ සමාජයේ අපි අතරම ඉන්නවා. සම්මානයක් අරන් සතුටු වෙනවට වඩා මං ආසයි දරාගන්න බැරි මිනිස්සුන්ව අවුස්සන්නේ නැතිව ඉන්න.
 
එතකොට නිදහස්. ඇත්තමට මං කියන්නෙ SළෛM  හරි සුමති හරි රයිගම් හරි ඕන මගුලෙ සම්මානයක්, අනේ දෙයියන්ගෙ නාමෙට අපිට නොදී ඔය කියන අයට දෙන්න. මං මගේ රස්සාව කරන් යනවා.
 
මට පුළුවන් තරං කල්. ඒ වගේම තමයි කාංචන කොඩිතුවක්කු දාපු මේ පොස්ට් එකත්, තව ගොඩක් අය දාලා තිබුණ පොස්ට් බැලුවාම මට හිතුනේ මෙච්චරයි. SළෛM  එකේ ඉතිහාසය පුරාවට, ජනතාවගේ ගීතය අම්මාවරුනේ ගීතය, ජනතාවගේ ගායිකාව නන්දා මාලීනි,ශෂිකා නිසංසලා. ජනතාවගේ නිලිය මාලනී ෆොන්සේකා.  , ජනතාවගේ නළුවා හේමාල් රණසිංහ, ජනතාවගේ ගායකයා චාමර වීරසිංහ, ජනතාවගේ සංගීත කන්ඩායම ෆ්ලෑෂ් බැක්, ජනතාවගේ පත්තරේ ලංකාදීප, ජනතාවගේ බැංකුව ලංකා බැංකුව වගේ සම්මාන හම්බ වෙලා තියෙනවා.
 
කාංචන කොඩිතුවක්කුට අනුව, නන්දා මාලීනී, ශෂිකා නිසංසලා, මැරෙන්න ගිහින් ගොඩ ආපු චාමර විරසිංහ, හේමාල් රණසිංහ මේ හැමෝම සල්ලි ඒම මේම ඒම මේම විසි කරලා සම්මාන ගත්තු අය.
 
සම්මාන ලැබිය යුතු නැති අය. එයාල කිසිම දක්ෂතාවයක්, හැකියාවක් කලාවක් දන්නෙ නැති අය. ඒ වගේම තමයි පහුගිය අවුරුදු දෙකක් දෙවෙනි ඉනිමට සම්මාන හම්බ වුනේ නෑ SළෛM එකේදි. ඒ අවුරුදු දෙකේ පාර දිගේ සහ නාඩගංකාරයෝ සම්මාන දිනාගත්තා.
 
ඒ අනුව එයාල ඒ අවුරුදු දෙකේ සල්ලි දීලා සම්මානේ අරන්. අපිට ඒ අවුරුදු දෙකේ සල්ලි මදි වෙලා කාංචන. අපිට ​මේ අවුරුද්දේ ඔයා කියන විදිහට සල්ලි තිබුන විසි කරලා සම්මානේ ගන්න. හරි කාංචන අපි ඔයාගේ හිට් කාලෙදි ඔයාගේ නිර්මාණ බැලුවා.
 
රසවින්දා. ඊට පස්සෙ අපි මේවයේ වැඩ කරන්න ආවා. වැඩ කලා. මං හිතන්නේ අපෙන් පස්සෙ තව සෙට් එකක් මේකට එනවා. මට තියෙන්නෙ එකම හැගීමයි කාංචන.
 
මගෙන් පස්සෙ මේ ෆීල්ඩ් එක රන් කරන්න එන ළමයි SළෛM හරි වෙන සම්මානයක් හරි ගන්න දවසට, ඔයා ඔය දැම්මා වගේ පෝස්ට් එකක් නොදා ඉන්න තරමට කුහක නොවී, නිහතමානීව අප්පුඩියක් ගහන්න තරමට පරිනත වෙන එක විතරයි. මිනිස්සු විසි වුණාම එහෙම වෙනවා. මිනිස්සු විසි වෙන බව දැනගෙන ජීවත් වුණාම දරාගන්න පුළුවන්. ගස්වල කාංචන දළු එනවා. කොල මෝරනවා. ඒවම කහ ගැහෙනවා.
 
හැලෙනවා. ආයි ආයි අලුත් දළු එනවා. අපි දැන් කහ ගැහිච්චි කොල කාංචන. දළු වලට සුබ පතමු. කොල හැලුනට ගහ තව කල් තියෙන්න ඕන නිසා. කොලේ හැලෙද්දි ගහත් මැරිලා යන්න ඕන කියලා හිතන එක අවුල්. ලෝකය පවතින්නේ එහෙම ලස්සනට හිතුවාම.
 
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපිට සම්මාන ලැබුනාම හිත රිද්ද ගන්න අයගේ හිතේ සතුට වෙනුවෙන් අපිට සම්මාන අතාරින්න පුළුවන්. ප්ලීස් අපිට සම්මාන එපා. අපි රස්සාව කරන් ඉන්නම්. 
 
ආදරෙයි හැමෝටම. කවුරු හරි මේක කාංචනට පෙන්නන්න.
 
සමන් එදිරිමුණි
20/03/2024
Back to top
Go to bottom

Popular News