lan englan tam

පුවත්

රොශාන්ගෙ සදාකාලික ආදරයට අවුරුදු 21ක්   

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රොශාන් රණවන ශ්‍රී ලාංකික සිනමාවේ

ජනප්‍රියම නළුවෙකු මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත් නම ගිය නළුවෙක්. 

රංගන ජීවිතයේ ජනප්‍රියකම මෙන්ම රොෂාන්ගේ පවුල් ජීවිතය නො එසේ නම් ආදර ජීවිතයත් මේ වන විට ඉතා ජනප්‍රිය වූවක් ඒ ඔහුගේ බිරිඳ සමග නිතර රොශාන්ද සමාජ ජාලවල පෙනී සිටීම හේතුවෙනුයි. 
 
ලාංකික කලා ක්ෂේත්‍රයේ ආදර යුවල අතර රොශාන් සහ ඔහුගේ බිරිඳද ඉතා ආදරණීය යුවලක් ලෙස හඳුනාගත හැකියි. 
 
ඔවුන්ගේ ආදර දිවියට පසුගියදා වසර 21ක් සපිරුණ බව රොශාන් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.
 
අවුරුදු 20කට පෙර, අද වගේ දිනයක මට මුල් වතාවට කෙනෙක්ට ආදරයක් දැනුණා..
 
එදා ඇය මගේ පෙම්වතිය වුනා.. අවුරුදු 9කට පෙර ඇය මගෙ බිරිඳ වුනා..අද ඇය මගෙ පුංචි පුතාගේ අම්මා..
 
එදා ඉඳන් අද වෙනකං නොවෙනස් වු ඒ ආදරයට, ඒ අවංක කමට, සැපේදි මෙන්ම දුකේදීද , වැටෙන වගේම නැගිටින වෙලාවල්වලදීද, මගේ ළඟින්ම ඉඳන් මට ශක්තියක් වුනාට, ගොඩක් පිං.. එදා ගත්ත තීරණය හරියටම හරි කියලා හැමදාම හැගෙනවා..සසරෙන් එතෙර වන තුරු හැම භවයකදිම ඔබ මගේම වේවා.. 
 
❤ ආදරෙයි ❤
Back to top
Go to bottom

Popular News