lan englan tam

පුවත්

සමාජ පරිණාමය හා චිත්‍ර කලාවේ ගමන්මග එළිදකී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කලාකරුවෙකු වශයෙන් සමාජයට හිතකාමීව

නිර්මාණකරණයේ නියැලීමේ අපේක්ෂාව පෙරදැරිව කටයුතු කරන චාල්ස් දයානන්දගේ අලුත්ම කෘතිය සමාජ පරිණාමය හා චිත්‍ර කලාවේ ගමන්මග මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී හෙට (23) දිනයේදී එළිදැක්වීමට නියමිතය.

උදෑසන 10ට ආරම්භ කෙරෙන එළිදැක්වීමේ උත්සවයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහාචාර්ය හිඳුම සුනිල් සෙනෙවි, මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ වැඩසටහනේ පූර්විකාව හොබවන ජ්‍යෙෂ්ඨ මාද්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර සහභාගි වීමට නියමිතය. 
 
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවනු ලැබූ 71 අරගලයේ සක්‍රීය චරිතයක් වූ චාල්ස් දයානන්ද සිය චිත්‍රකරණය සිර ගෙදරදී ආරම්භ කළ අයෙකු වෙයි.
'සිපිරිගෙදරක වසර හයක්' කෘතිය රචනා කළ ඔහුගේ ලිවීමේ හැකියාව බෙහෙවින් පාඨකයා කම්පනය කරන එකක් වන අතර ඔහු මනෝ සායනික චිත්‍ර කලාව කෙරෙහිද බෙහෙවින් අවධානය යොමු කරයි. 
 
එවන් කලාකරුවකු වූ චාල්ස් දයානන්දගේ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සංවිධායකයෝ විවෘත ආරාධනයක් කරති.
Back to top
Go to bottom

Popular News