lan englan tam

පුවත්

පෑනෙන් වැඩ දැමූ දොඩා වේදිකාවේ වැඩ අරඹයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චන්ද්‍රසේකර දොඩාවත්ත යනු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වෙයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මීට පෙර සිටි කැඳවුම්කරු වන ඔහු පසුගියදා විශේශ අවධානයක් දිනමින් වේදිකා නාට්‍යයක කළ රංගනයක් පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වත්මන් කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සටහනක් පළ කර තිබේ.

දැක දොඩා නොදොඩා ඉම්ද කෙලෙසා…
ගොවියා පත්තරෙන් වෙන්නට ඇති ඔහු ගමන පටන් ගත්තේ. පස්සෙ යුක්තියේ හිටි දොඩා කදිම ලියන්නෙක්. විශේෂාංග කලාවෙ සුරුවෙක්. ජනමාධ්‍යවේදීන් පුහුණු කරන්නට මනා නිපුණත්වයක් හා පෞරුෂයක් ඇතිව සිටි ඔහු දිනමිණ කර්තෘ ධූරයට ආයේ ලේක්හවුසියට බැඳී ටික කලෙකින්.
නමුත්, ඒ පුටුවේ වැඩි කලක් නොසිටි ඔහු ලේක්හවුස් හී පුහුණු කිරීම් භාර අදියුරුවා වෙනවා.
මට දොඩා හමුවන්නේ අපි දෙන්නාම පුහුණු කරන්නන්ව වැඩ කළ කාලෙ. හුඟ වෙලාවල දොඩා මගේ කාමර සගයා. පස්සෙ කාලෙක අපි දෙන්න මාධ්‍ය සංවිධාන වැඩවලත් එකට හිටගන්නවා. දොඩා එක්ක මීවිත නොබීව තැන් කොළඹ මට ඇත්නම් ඒ ටිකයි. අපි දෙන්න පයින් ගිහින් සෙට් වුණ තැන්. හෙල්මට් නැතුං බයික් එකක ගිහින් පොලීසියට අහුවුණ හැටි වාගෙ එව්වා ගැන කතා දොඩා ඇතුළු නඩේ එක්ක දොඩා වුණත් දවසකින් අහවර කරන්න බැහැ.
දැන් අපේ දොඩා අලුත් වැඩකට අත ගහලා. ඒ කිරි කිරි බෝලෙ නටන්න.
ඒ ගැන නොදොඩා කොහොම ඉන්නද දොඩා.

Back to top
Go to bottom

Popular News