lan englan tam

පුවත්

විද්‍යාත්මකව අනුමාන කර සකසා ප්‍රදර්ශනයට තැබූ ජේසුස්ගේ අනුරුව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජේසුස් ක්‍රිස්තුස්ගේ සොහොන් වස්ත්‍රය

ලෙස සලකන ටියුරින් ආවරණය සියවස් ගණනාවක් මුළුල්ලේ එනම්, 1578 සිට ඉතාලියේ ටියුරින්හි සැන් ජියෝවන්නි බැටිස්ටා රාජකීය ආසන දේවස්ථානයේ සංරක්ෂණය කර ඇති එකකි. 

මීටර් 4.3ක් දිග සහ මීටර් 1.1ක් පළල, සිහින් දුඹුරු පැහැති රූප දෙකක් නිරූපණය කරන බව පෙනෙන මෙය ගිලුණු ඇස් ඇති අඩි 5ක් අඟල් 7ක් වන මිනිස් සිරුරක ආවරණයකි. 
 
ජේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමේ තුවාලවලට සමාන බව කියන සලකුණු මෙම පින්තූරවල අඩංගු වේ. හිසෙහි කටු සලකුණු, පිටුපස කස පහර දීමෙන් මෙන් බව හැඟෙන තුවාල, උරහිස්වල තැලීම් සහ රුධිරය යැයි අනුමාන කරන පැල්ලම් තිබේ. 
 
ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ පිස දැමුණු බව කියන වෙරෝනිකා වේල් ආවරණයට වඩා මෙය වෙනස්ය.
 
2010දී මහජන ප්‍රදර්ශනයට තැබූ මෙම ආවරණය ප්‍රථම වරට ඓතිහාසිකව මතු වූයේ 1354දීය. 1389දී එය ප්‍රදර්ශනයට ගිය විට, ට්‍රෝයිස් හි ප්‍රාදේශීය බිෂොප්වරයා විසින් එය අසත්‍යයක් බවට හෙළා දකින ලද අතර ඔහු එය ප්‍රකාශ කළේ 'කපටි ලෙස පින්තාරු කළ එකක්' හැටියටය.
 
වරින් වර ප්‍රතික්ෂේප වීම් සහ හානියට ලක් වූ මෙය 1578දී ටියුරනයේ නව සැවෝයාඩ් අගනුවරට ගෙන යන ලදී. එතැන් පටන් එය ප්‍රසිද්ධියට පත් විය. 
 
1988 දී වතිකානුව විවිධ රටවල රසායනාගාර තුනකට තැපැල් මුද්දර ප්‍රමාණයේ රෙදිවලින් රෙදි කැබැල්ල බැගින් ලබා දීමෙන් මෙහි සාම්පල කාබන්-14 කාල නිර්ණයට ලක් කළ අතර ඉන්පසු රසායනාගාර තුනම නිගමනය කළේ 1260 සිට 1390 දක්වා කාලය තුළ මෙම ආවරණයේ රෙදි සාදා ඇති බවයි.
 
පරීක්‍ෂණවල ප්‍රතිඵල ලැබීමෙන් පසු, වතිකානුව, වස්ත්‍රයේ සත්‍යතාව පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට විද්‍යාඥයන් දිරිමත් කළ අතර ක්‍රිස්තුස්ගේ ආනුභාවසම්පන්න ප්‍රතිරූපයක් ලෙස ක්‍රිස්තියානීන් එම වැස්ම දිගටම වන්දනා කරන ලෙස නිර්දේශ කළේය. 
 
වර්තමානයේ එම වස්ත්‍රයේ මිනුම් අනුව යමින් එයට අදාළ ජේසුස්ගේ මිය ගිය සිරුර නිර්මාණය කිරීමට සමත් වී අති අතර ජේසුස් වහන්සේගේ අනුරූපය ස්පාඥයේ සලමන්කා දේවස්ථානයේ මහජන ප්‍රදර්ශනයට තැන්පත් කර ඇත.
 
Back to top
Go to bottom

Popular News