lan englan tam

පුවත්

මෙතක් නරඹා ඇති හොඳම මලයාලම් චිත්‍රපට එකතුවට Aattam

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'Aattam' (The Play) - 2024

මේ වසර තුළදී හොඳම මලයාලම් චිත්‍රපට රැසක් නිකුත් වෙන්නට නියමිතව ඇති. ඒ හැම එකක්ම අතරින් මෙන්න මේක ප්‍රමුඛස්ථානයක රැඳේවී.
 
මෙතෙක් නරඹා ඇති විශිෂ්ඨතම මලයාලම් චිත්‍රපටයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. මලයාලම් චිත්‍රපටයක් ගැන කියන බොහෝ අවස්ථාවන් වලදී මම එක්තරා දෙයක් සඳහන් කරනවා.
 
තමන්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණ කටයුත්තම දැවැන්ත ගුණාත්මක බවකින් සමන්විත කරවන්නට මලයාලම් සිනමාකරුවාට හැකි වෙනවා. මේක සැබැවින්ම විස්මයට කාරණාවක් වෙන්නෙ මේ වැඩේ දුලබ නොවී සුලබ වන නිසා. ඉන්දීය චිත්‍රපට කර්මාන්තය තුළ මම එවැන්නක් වැඩිපුරම දැකල තියෙන්නේත් මලයාලම් චිත්‍රපට කර්මාන්තයෙන්ම පමණයි. 
 
මලයාලම් සිනමාවේ තවත් සුලභ අනන්‍යතාවයක් තමයි එක් සිදුවීමක් පමණක් භාවිතා කරලා සමස්ත ප්ලොට් එකම ඒ ඔස්සේ ඇදගෙන යෑම. මෙතනදීත් එය එසේමයි. වේදිකා නාට්‍ය කණ්ඩායමකට මුහුණ දෙන්නට සිද්ධ වෙන '12 Angry Men' වාතාවරණයක් විදිහට හඳුන්වන්නට පුළුවන්.
 
12 දෙනෙක්‍ මෙතන ඉන්නවා. ඔවුන්ට යමක් නිරාකරණය කරගන්නට අවශ්‍ය වෙනවා. පොලිසියක් නැති අපරාධ පරීක්ෂණයක් සහ උසාවියක් නැති නඩුවිභාගයක් සහ නිරාකරණයක් නැති ට්විස්ට් එකක් විදිහටයි මේ ශක්තිමත් කතන්දරය ගොඩනැගෙන්නේ.
 
ඉතින් මෙහෙම එකක් ලියන එක සහ නිර්මාණය කරන එක සුවිශේෂී හැකියාවක්. ඒ වගේම හරිම අපූරු කාරණාවක් තමයි නාට්‍ය කණ්ඩායම ඇතුළෙ එකට ගැටෙන රංගන ශිල්පීන් සියල්ලන්ගෙම සැබෑ නාමයන් සහ චරිතයේ නමත් එකක් වීම.
 
නරඹන්නාට නිරායාසයෙන්ම 12 Angry Men සිහියට ඒවි. හැබැයි කිසිම සමානකමක් නම් නැහැ සිදුවීම් දෙක අතරේ. Suspense chamber drama ආකාරයේ සැකැස්මක් නිසාත් 12 දෙනෙක් ඉන්නා නිසාත් සම්මුතියකට එන්නට නොහැකි වාද විවාදයක් සහ තවත් නොයෙකුත් කාරණා එක්ක ප්‍රේක්ෂකයාටත් මේ ජරමරයට සම්මාදම් වෙන්නට පුළුවන්.
 
ප්‍රශ්නයේ ස්වරූපය එක එක අතට හැරෙන හැම වෙලාවකදිම නරඹන්නාටත් සිද්ධ වෙනවා ඒ හැම අතටම හැරෙන්න සහ ඔලුව වෙහෙසන්න. ට්විස්ට් පිට ට්විස්ට් ගහලා අවසානයේදී ප්‍රේක්ෂකයාව එක්තරා ස්ථානයක නිරුත්තරව රඳවා තබාගන්නවා . ඕනෑම බාසාවක චිත්‍රපටයකින් දුටු හොඳම එන්ඩින් එකක් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයාකාරයේ චිත්‍රපටයකින් නිතර දෙවේලේ දකින්නට ලැබෙන අවසානයක් නෙමේ මේක. ඒ නිසාම අනිවාර්යයෙන්ම බලන්න.
 
-ලක්ෂ්මන් අරංවල 
 
සිනමාවේදීන් - The Cinema People
Back to top
Go to bottom

Popular News