lan englan tam

පුවත්

ආධුනික තිරරචකයන් වෙනුවෙන් ඔන්ලයින් වැඩමුළුව සාර්ථකයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය විසින් මාර්ගගත

(ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ සංවිධානය කරනු ලැබූ තිර රචනා වැඩමුළුවක් පසුගිය මාර්තු 23 සහ 24 යන දෙදින තුළ සාර්ථකව පැවැත්විණ. 

ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදයේ ගරු සභාපති අරුණ ජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව තිර රචනය සම්බන්ධ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම යන අරමුණ සාක්ෂාත් කරගැනීමේ එක් පියවරක් ලෙස මෙකී වැඩමුළුව ක්‍රියාත්මක විය. 
 
මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වූ වැඩමුළුවකි. වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක 18කින් දෙසියයක් පමණ දෙනෙක් ලියාපදිංචි වූ අතර සියයකට ආසන්න ප්‍රමාණයක් මෙකී වැඩමුළුවට සම්බන්ධ විය.
 
තිර රචනය සහ තිර රචකයා හැඳින්වීම, තිර රචනයේ මූලිකාංග, තිර රචනා ආකෘති, චරිත ගොඩනැංවීම, ගැටුම් සහ තිර රචනය සම්බන්ධ තවත් නොයෙකුත් මාතෘකා සම්බන්ධයෙන් මූලික අවබෝධයක් ලබා දෙමින් දිගහැරුණු මෙම දෙදින වැඩමුළුව අවසානයේ සහභාගී වූවන් වෙත පැවරුමක් ලබා දුන් අතර එකී පැවරුම සාර්ථකව නිම කරන අයට ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය හා එක්ව චිත්‍රපට හා ටෙලි නාට්‍ය තිර රචනය සඳහා යොමුවීමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය අපේක්ෂා කරයි. 
 
විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු ආරාධනා අනුව, ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ කිහිපයක මේ ආකාරයේ වැඩමුළු කිහිපයක්ම නොමිලේ පැවැත්වීමට ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය මේ වන විටත් කටයුතු කරමින් සිටියි.
 
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක මෙවැනි නොමිලේ වැඩමුළුවක් සංවිධානය කර ගැනීමට ඔබට අවශ්‍යයි නම් දුරකථන අංක 0766443364 ඔස්සේ ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය සම්භන්ධ කරගත හැකියි.
 
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
Back to top
Go to bottom

Popular News