lan englan tam

පුවත්

'පාංශු' ලද සම්මාන අතරින් සැමරිය යුතුම සම්මානයේ හිමිකරු - මයුර

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සරසවිය සම්මාන උළෙලේදි පාංශු චිත්‍රපටියට සම්මාන දහයක් විතර ලැබී තිබුණා. හොදම නිළිය නීටා, හොදම සහාය නිළිය නදී අක්කා, හොදම තිර රචනය, නැගී එන නළුවා කනිෂ්ක ආදී මෙකී නොකී සම්මාන ලැබිය යුතු පරිද්දෙන් එයට ලැබී තිබුණා.

එහෙත්, ඒ සියල්ලට වඩා මයුර කාංචනට සම්මානය ලැබීම අප මොහොතකට සැමරිය යුතුයි. මයුර තමන්ව ප්‍රවර්ධනය කරගන්නේ නැහැ. වතාවක් මයුරව මා ඉන්ටවීව් කළ පසු ඔහු කීවා, දශක ගණනක් රගපාලාත් තමන්ව ඉන්ටවීව් කළ පළමු වතාව මේක කියලා. ඒක කලාකරුවන්ව ඉන්ටවීව් කරන ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ගොබ්බකම. පාට් ටයිම් ආට්ස් කවර් කරන පොලිටිකල් මාධ්‍යවේදියෙක් කරනතුරු, මයුර කාංචනව ඉන්ටවීව් නොකර තිබීම. මෙය තුවක්කුවක් නොවේ හෝ ඔහුගේ අනෙක් වේදිකා රංගනයන් කවුරුත් දැකලා නැද්ද?
මයුර සතු ඉතා සුවිශේෂී පෞරුෂය ඔහුව සිනමා සහ නාට්‍ය කලාවන් තුළ අතිවිශේෂ චරිතවල ස්ථානගත කරන්නට තරම් ප්‍රබලයි. ලංකාවේ සිනමාවේ අනාගත පිරිමි පෞරුෂයන් ගැන කල්පනා කරද්දී ජගත් මනුවර්ණ එක් පසෙකින්, කනිෂ්ක තවත් පසෙකින්, රන්දික තවත් පැත්තකින්, සම්පත් ජයවීර තවත් පැත්තකින් ආදී ලෙස මෙකී නොකී කිහිපදෙනෙකු සුවිශේෂී පෞරුෂයන් තිරය මතට ගේනවා. (කළණ සහ දසුන් ඇතුළු තව බොහෝ අය ඉන්නවා.) එහෙත්, මයුර ගෙනෙන්නේ තමන්ටම ආවේණික විශේෂ පෞරුෂයක්.
මෙහෙම කීවාට දඩු කදේ ගහන්න එපා, මයුරට තියෙන්නේ ජෝ අබේවික්‍රම ලෙවල් එකේ පෞරුෂයක්. රළු සහ ඍජු පිරිමිකමක් ඔහු ගේනවා. අනුකම්පා විරහිත සහ සමහරවිට කිසිවක්ම නොකියන ඇස් ඔහුට තියෙනවා. ඒ ඇස්වලින් එන බැල්ම කැමරා ලෙන්ස් කඩාගෙන යනවා. හැබැයි, ඒ අතරෙම හාස්‍ය අවශ්‍ය වෙලාවට කොමීඩික් ටයිමින් පවා ඔහුට තියෙනවා. බොහෝ දේ හිතේ හංගාගෙන ඉන්න- ගුප්තකමක් ඒ නිසා තියෙන විවෘත නැති සමහරවිට බිහිසුණු විය හැකි පිරිමියෙකුගෙ පෞරුෂය මයුරට ගේන්න පුළුවන්. තනි මිනිහෙක් වුණාට මයුර යම් චරිතයක් එක්ක ඔබ ඉදිරියේ හිටගත්තොත්, ඒ චරිතය ඉතාම තීරණාත්මක බලපෑමක් කතාව ඇතුළේ කරනු ඇති බව ඉබේම ප්‍රේක්ෂකයාට කන්වින්ස් වෙනවා.
මයුරගේ රංගනය. පාංශු එකේ ඔහු කරන චරිතය අතීතයේ ඉහළ අණින් අපරාධ කළ නිලධාරියෙකුගෙ චරිතයක්. දැන් ඔහු උසාවි ගාණෙ රස්තියාදු වෙනවා. බිරිද (නදී අක්කාගේ සුපිරි රංගනය) ගැබිණියක්. ඔහු කරපු අපරාධ කියලා, ඔහුට සුඛිත මුදිත ජීවිතයක් ලැබිලා නෑ. ඔහු විසින් අතුරුදන් කරපු කොල්ලාගේ පංතියේමයි- මේ මිනිහාත්. දැන් ඔහුට අසනීප. ඔහු විසින් අතුරුදන් කළ කොල්ලා (රන්දිකගේ චරිතය) සටන් කළේ යම් දුක්ඛිත ජීවන තත්වයකට එරෙහිවද, මේ මනුස්සයාත් ඉන්නේ ඒ දුක්ඛිත ජීවිතය විදිමින්මයි. ඉතින්, ඒ කන්ෆියුෂන් එක- ඒ බර- වරදකාරී හැගීමක් ඇතිකම වගේම ඒකත් එක්ක ගැටගැහිච්ච තමන් කළේ හරි දෙයක්ද යන අභ්‍යන්තර ගැටුම, සමාව ඉල්ලන මුහුණ ආදී සියලු සංකීර්ණ හැගීම් මයුර ෆිල්ම් එකේ තමන්ට ලැබෙන පුංචි කාලසීමාවන් තුළ පෙන්වනවා. මයුරගේ රංගනය නොමැති නම්, විසාට චිත්‍රපටියේ තමන් ගේන අවසානය කෙරෙහි ප්‍රේක්ෂකයාගේ කැමැත්ත දිනාගන්න බැරි වෙනවා.
අපට ෆිල්ම් කරන්න වෙලාව හෝ අනෙක් පහසුකම් නෑ. කරන උංට කියන්නේ, මයුරගේ ටැලන්ට් අපතේ හරින්න එපා.

සටහන : තරිඳු උඩුවරගෙදර

Back to top
Go to bottom

Popular News