lan englan tam

පුවත්

අවුරුදු 37ක් පැරණි 'සිතුවිල්ලක් විලසින්' ගීතිකාවේ නොදත් කතාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'සිතුවිල්ලක් විලසින් මා' කතෝලික ගීතිකාව බොහෝ කතෝලික දේවස්ථානවල බෙහෙවින් සංවේදී මෙන්ම ගායනා කෙරෙන ගීතිකාවකි.

කෙතරම් ජනප්‍රියකමක් ඉසිලුවද මෙම ගීතයේ ඉතිහාසය ගැන දන්නේ ඉතා අල්ප දෙනෙකු වන අතර ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල් විසින් ඒ පිළිබඳව ඉතිහාසය හෙළි කර තිබුණේ ඒ මෙම ගීතිකාව ගායනයේ මුල් ගායකයා වන්නේ තමන් බව අනාවරණ කරමිනි.
'සිතුවිල්ලක් විලසින් මා' ගීතිකාව පටිගත කර ඇත්තේ 1987දී "ඇයි කඳුළ මට දුන්නේ" කැසට් පටය වෙනුවෙනි. එනම් අවුරුදු 37කට පෙරාතුවය. ගීතිකාවේ තනුව සහ පදමාලාව පෝල් පෙරේරා පියතුමා විසින් නිර්මාණය කර ඇති අතර සංගීතය රූකාන්ත ගුණතිලක විසින් සිදු කරනු ලැබ තිබේ.
කොළඹ ජෝ නෙත් ශබ්දාගාරයේදී පටිගත කළ ගීතිකාවකි.
මේ වන විට කතෝලිත ගීතිකා පොතට ඇතුළත් කරමින් දේවස්ථානවල නිරතුරුවම ගැයෙන ගීතිකාවක් මෙය බවට පත් වීම සිය ජීවිතයේ තමන් ලද භාග්‍යයක් ලෙස කීර්ති පැස්කුවෙල් ගායකයා පවසයි. බෞද්ධයෙකු වීම හේතුවෙන් එම භාග්‍යය වඩා හොඳින් දැනෙන බව ඔහු පවසයි.

Back to top
Go to bottom

Popular News