lan englan tam

පුවත්

ටියුෂන් පටන් ගත්තේ ණය ගෙවන්න බලාගෙන - චරිත දිසානායක 'මතක පද' සමග

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අතිරේක පන්ති හෙවත් ටියුෂන් ක්ෂේත්‍රයේ ජනප්‍රිය නාමයක් වන චරිත දිසානායක මෙවර (29) 'මතක පද' සමග එක් වෙයි.

ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන ජනප්‍රිය යූටියුබ් සංවාදාත්මක වැඩසටහනක් වන 'මතක පද' සෑම සිකුරාදාම 'මතක පද' යූටියුබ් නාලිකාවෙන් විකාශය කෙරේ.
තමන් ටියුෂන් ක්ෂේත්‍රයට එළඹුණ අයුරු හෙළි කරන චරිත දිසානායක, තරුණ වියේදී වූ ණය ගෙවීම වෙනුවෙන් අතිරේක පන්තිවල ඉගැන්වීම් ආරම්භ කළ අතර කොවිඩ් 19 සමයේදී සිය ජීවිතයට ලද විරාමයෙන් අලුත් පිබිදීමක් ඇති වූ බවත් හෙළි කළේය.
ආගම, ගම, ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය වැනි සමාජයේ විවිධ තැන් පිළිබඳව සිය අදහස් චරිත දිසානායක විසින් හෙළි කරන ලද සංවාදය ඉතා රසවත් එකක් වේ.

Back to top
Go to bottom

Popular News