lan englan tam

පුවත්

ලූර්දු මාතාවන්ට ප්‍රශංසාව පිණිස හැදූ චොක්ලට් බෝලයේ කතාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

Ferrero Rocher කියන්නේ අපි හැමෝම කන්න කැමති

හේසල් නට් දාපු චොකලට් එකක්. නමුත් අපි කව්රුවත් හිතුවද මේ චොකලට් එකයි මරිය තුමියයි අතර තියෙන සම්බන්ධය.

මේ කර්මාන්තශාලාවේ නිර්මාතෘ මයිකල් ෆෙරේරෝ ඉතා හොඳ කතෝලිකයෙක්.
 
ඒ වගේම ඔහු තුළ දේව මාතාවට ඉතා දැඩි ලෙන්ගතුකමක් තිබුණ.
 
ඉතින්, ඔහුට ඕනි උනා ඔහුගේ නිපැයුම් තුළින් මරිය මාතාවන්ව ප්‍රශංසාවට ලක් කරන්න.
 
එම නිසා මරිය මාතාවන් බර්නදෙත් තුමියට දර්ශනය වුණ තැන එනම් රෝචේර්දී මසාබිඑල් යන නාමය පාදක කරගෙන ඔහු ඔහුගේ කර්මාන්තය රෝචේර් ලෙස නම් කළා.
 
ප්‍රංස බසාවෙන් රෝචේර් යන්නෙහි තේරුම ගල. මෙයත් සමගම බොහෝ දෙනෙක් කිව්වා චොක්ලට් එකේ රළු මතුපිටත් රැලි සහිත රං දවටනයත් ෆෙර්රෙරෝ ලූර්දු පර්වතය සමාන කරන්න ගත්තු උත්සහයක් කියලා.
 
ඔහුගේ කර්මාන්තයේ 50 වෙනි සංවසරයේදී ඔහු කියා සිටියේ ෆෙරේරෝහි සාර්ථකත්වය පිටුපස සිටින්නේ අති උතුම් ලූර්දු මාතාව බවත් එතුමිය නැතිව අපට කළ හැකි දේ ඉතා සුළු බවයි..
 
Catholic News Agency වෙතිනි
Back to top
Go to bottom

Popular News