lan englan tam

පුවත්

ටෙලිනාට්‍ය රජ කරවන ඉන්ද්‍රජාලික මායාව!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
පිරිමි හිත් වශීකරවන ඉන්ද්රජාලික මායාකාරියො වගේ කෙල්ලොන්ව දැකලා තියනවද? අන්න ඒ වගේ, ටෙලිනාට්යවල මියුසික් කියන්නෙත් අරුම පුදුම ඉන්ද්රජාලික මායාකාරියක්.

 අපේ රටේ ආණ්ඩුක්රම ව්යවස්ථාවට කරන්න බැරි දේවල් පවා ටෙලිනාට්ය සංගීතයෙන් කරන්න පුළුවන්!! ඔව්! ගෑනියෙක් මිනිහෙක් කරන්නත්, මිනිහෙක් ගෑනියෙක් කරන්නත් ටෙලිනාට්ය සංගීතයට පුළුවන්!! ඒත් ගොඩක් නිර්මාණකරුවෝ ටෙලිනාට්ය සංගීතයේ තියන ඉන්ද්රජාලික මායාකාරී විශිෂ්ටත්වය තේරුම් අරගෙන නැති නිසා, ටෙලිනාට්ය ප්රේක්ෂකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා !!

ටෙලි රූපයට අමුතුම මූඩ් එකක් දෙන්න, ඒ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න හෝ එකේ තිව්රතාව අඩු වැඩි කරන්න තරම් ප්රබලත්වයක් මේ මායාකාරී මියුසික්වලට තියනවා.
මේ දවස්වල හැමෝම කතා කරන්නෙ තත්පරයක් දෙන්න ටෙලිනාට්යයේ නළු නිළියො සහ අධ්යක්ෂණය ගැන. ඒත් කවුරුත් කතා කරන්නෙ නෑ ඒකෙ මියුසික් ගැන. ඒකෙ මියුසික් තමයි හොඳටම කරේ.
තත්පරයක් දෙන්න එකේ කුතුහලය දනවන කොටස්වල මියුසික් කොච්චර හොඳ ද කියනව නම්, සමහර සීන්වල තියන වයලින් හඬ මිශ්ර වුන කුතුහලය ඇතිකරවන සංගීත ඛණ්ඩ ඇහෙද්දි මට මතක් වුනේ, ශ්රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වුන හොඳම ටෙලිනාට්ය සංගීත ඛණ්ඩ. එහෙම මතක් වුනා කියන්නෙම, තත්පරයක් දෙන්න එකේ කුතුහලය දනවන මියුසික් හොඳටම කරපු බවට සාක්ෂියක්. ඒත් මේ හැම දෙයක්ම මට සාපේක්ෂ දේවල් නිසා ඔබේ මතය හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්.
ටෙලිනාට්යයේ වෙන හැම දේකටම පසුබිමෙන්, ඒ කියන්නෙ පිටිපස්සෙන් සංගීතය ඇහෙන නිසා ද මන්දා ගොඩක් ටෙලිනාට්ය අධ්යක්ෂවරු මියුසික් කියන විෂය ටෙලිනාට්යයේ පසුබිමටම (පිටිපස්සටම) දාලා, නොවැදගත් දෙයක් කියලා සලකන ගතියක් පේන්න තියනවා. ඒත් ටෙලිනාට්යයක් රජ කරවන්නත්, බලු කරවන්නත් මේ පසුබිම් සංගීතයට පුළුවන්.
මට අනුව, එතෙක් මෙතෙක් බිහිවුන මෙරට ටෙලිනාට්ය අතරින් විශිෂ්ටතම ඉන්ද්රජාලික මායාකාරී සංගීතය තියෙන්නෙ දඬුබස්නාමානයේ. ඊට අමතරව ‘රතු රෝස සහ කෝපි කඩේ’ තේමා වාදන, ‘කූඹියෝ සහ පොදු’ පසුබිම් සංගීතය, ‘වෙස්, ෆැන්ටසි ඇවනිව්, දාමිණී, මුතු කිරිල්ලී, නෝනාවරුනි මහත්වරුනි' තේමා ගීත තාමත් මගේ හිතේ සැරිසරන ඉන්ද්රජාලික මායාකාරියන්ගේ ලැයිස්තුවේ ඉන්නවා.
දූ දුරුවෝ, දියසුළිය, අසල්වැසියෝ, අඹ යාළුවෝ, වෙදහාමිනේ කියන්නෙත් මියුසික්වලින් වැඩ පෙන්නපු ටෙලිනාට්ය ලැයිස්තුවේ උඩින්ම තියන නම් කිහිපයක්.
තත්පරයක් දෙන්න ටෙලිනාට්යයේ වයලින් හඬ මූලික කරගත්ත සංගීත ඛණ්ඩ ඇහෙද්දි මට මතක් වුනේ දඬුබස්නාමානයේ තියන වයලින් මූලික කරගත්ත ප්රබල තියුණු සංගීත ඛණ්ඩ. ඒත් මේ දෙකේ රිද්ම, භාවිතය සහ තාක්ෂණය ගොඩක් වෙනස්.
තත්පරයක් දෙන්න ටෙලිනාට්යයේ කුතුහලය මුසු සංගීත ඛණ්ඩවල නිර්මාණාත්මක බව දඬුබස්නාමානය තරම් විශිෂ්ට නොවුනත්, අද කාලේ ටෙලිනාට්යවල ඇහෙන නොගැලපෙන, රූපයට බාධාකරන සංගීත ඛණ්ඩත් එක්ක බලද්දි ප්රේක්ෂක හැඟීම්වල රිද්මය අති සාර්ථකව කුළුගන්වන්න තත්පරයක් දෙන්න ටෙලිනාට්යයේ කුතුහලය දනවන කොටස්වල සංගීත ඛණ්ඩවලට පුළුවන්.
පසු-බිමේ නිකම්ම වාදනය වුන සංගීතය පෙර-බිමට ගෙනල්ලා ප්රධාන චරිතත් එක්ක කරට කර රංගනයේ යෙදෙන්න පුළුවන් කියලා මුලින්ම දේශීය ටෙලි කතා ඇතුලේ ඔප්පු කරලා පෙන්නුවෙ දඬුබස්නාමානයේ සංගීතය කියලා මට හිතෙනවා.
දඬුබස්නාමානය කියන්නෙ වෙනස්ම විදිහේ රිද්මයක්, ගැඹුරක් තියන සහ අංගම්පොර ගැන කියවෙන කුතුහලය පිරුන ජවසම්පන්න කතාවක්. එතෙන්දි රූපයේ තියන රිද්මයට සහ ගැඹුරට හරියටම ගැලපෙන සංගීතයක් නිර්මාණය කරන්න ඛේමදාස මාස්ටර්ට තිබුනෙ පුදුම හැකියාවක්.
දඬුබස්නාමානයේ සංගීතයත් එක්ක මුසුවුන, ශ්රියන්න මෙන්ඩිස් සහ බුද්ධදාස විතානාරච්චි ඇවිදගෙන එන සහ සටන් කරන ෆ්රේම් මතක් වෙද්දි ඇඟ හිරිවැටිලා මයිල් කෙලින් වෙනවා.
දඬුබස්නාමානයේ තිබුන මාස්ටර්ගේ සංගීතය ඇතුලෙ තියුණු දෙබස් තිබුනා. ඒ වගේම ශ්රියන්ත, බුද්ධදාස, කමල්, ඩබ්ලිව් ජයසිරි, දමිතා වගේ දක්ෂ නළු නිළියන් එක්ක කරට කර හැප්පිලා, රූපවල හැඟීම්වලට කිසිම බාධාවන් වෙන්නෙ නැති විදිහට සහ පසුබිමේ හැංගෙන්නෙ නැතුව මාස්ටර්ගේ සංගීතය අති විශිෂ්ටව රඟපෑවා. මාස්ටර්ගේ සම්ප්රදායක් නැති අකාලික සංගීතය ඒ තරම් විශිෂ්ටයි. මගේ නිරීක්ෂණයට අනුව මාස්ටර්ගේ සංගීතය සහ තනු තමයි දඬුබස්නාමානයේ ප්රධානම නළුවා.
දඬුබස්නාමානයට ඉන්ද්රජාලික මායාකාරී සංගීතයක් හදලා දෙන්න, ජෑන්ත චන්ද්රසිරි අධ්යක්ෂවරයාට සමකාලීනව ඛේමදාස මාස්ටර් වගේ කෙනෙක් හිටපු එක දඬුබස්නාමානයේ ප්රේක්ෂකයින්ගේ අහඹු වාසනාවක්.
මාස්ටර්ගේ සංගීතය නොතිබෙන්න දඬුබස්නාමානයේ සමහර අවස්ථා, සිද්ධි සහ දර්ශන මේ තරම් මගේ පපුවට කිඳා බහින්නෙ නෑ. දෙවියන්වහන්සේට පමණක් නිර්මාණය කරනන් පුළුවන් අති විශිෂ්ට ප්රාණවත් සංගීත ඛණ්ඩ බරගාණක් දේශීය සංගීතය වෙනුවෙන් ඛේමදාස මාස්ටර් නිර්මාණය කරලා තියනවා. ඇත්තටම මාස්ටර්ගෙ සංගීතය මේ රටට බර වැඩියි.
දඬුබස්නාමානය ආයෙත් ප්රතිනිර්මාණය කරන්න ජෑන්ත චන්ද්රසිරි අධ්යක්ෂවරයාට හිතුනොත් ඒකෙ සංගීතය කරන්න Nadeeka Guruge, Dinesh Subasinghe, Dr. Rohana Weerasinghe Navarathna Gamage, Samantha Perera වගේ කෙනෙක්ට ලේසියෙන්ම දෙන්න පුළුවන්. ඒත් තත්පරයක් දෙන්න ටෙලිනාට්යයේ 'සමහර' සංගීත ඛණ්ඩ ඇහෙද්දි මට හිතෙනවා, ඒ සංගීත අධ්යක්ෂවරයා පර්යේෂනාත්මකව සංගීතය කරලා තව තවත් දියුණු වුනොත්, ඔහුට නූතන දඬුබස්නාමානයට යම් සාධාරණයක් කරන්න තරම් විභවයක් තියනවා කියලා.
කොහොම වුනත් තත්පරයක් දෙන්න කියන්නෙ කුතුහලය උතුරන කතාවක්. ඒ කුතුහලය තව තවත් තියුණු කරන්න ඒ ටෙලිනාට්යයේ කුතුහලය මුසු මියුසික් කොටසට පුළුවන් වෙලා තියනවා. ඒකෙ අනිත් සංගීත ඛණ්ඩවලට නම් තව ටිකක් මහන්සි වෙන්න තිබුනා කියලා මට හිතෙනවා.
දැන් තියන ගොඩක් ටෙලිනාට්යවල සංගීතයයේ කෘතිම ගතියක් සහ රූපයෙන් පේන මානව හැඟීමත් එක්ක සමපාත වෙන්නෙ නැති ගතියක් දැනෙනවා. සිද්ධියේ තියන "මානව රිද්මය" හඳුනගන්න ගොඩක් ටෙලිනාට්ය සංගීත අධ්යක්ෂවරුට බැරිවෙලා තියනවා.
ආදරය කරද්දි, සියදිවි නසාගනිද්දි, පිහියෙන් අනිද්දි, පෙම්වතිය එක්ක රණ්ඩු වෙද්දි, පෙම්වතියගේ දෙතොල් සිපගනිද්දි, විකල්ප පෙම්වතියගේ දෙතොල් සිපගනිද්දි කියන එකකට එකක් වෙනස් සිද්ධිවලදි අපිට දැනෙන මානව රිද්මය වෙනස්. පසුබිම් සංගීතය නිර්මාණය කරද්දි මෙන්න මේ මානව රිද්මය ගැන හරි අවබෝධයකින් වැඩ කරන්න ඕනෙ.
ටෙලිනාට්යයේ ඒ ඒ සිද්ධිවලදී අදාළ චරිතයේ හදගැස්මේ රිද්මයට සමපාත වෙන විදිහටවත් සංගීතයේ බීට් එක / ටෙම්පො එක නිර්මාණය වෙන්න ඕනෙ සහ ඒ සිද්ධියේ මූඩ් එකට හරියන සද්ද සංගීතය ඇතුලෙන් ඇහෙන්න ඕනෙ. දඬුබස්නාමානය මේකට හොඳ උදාහරණයක්.
ටෙලිනාට්ය ක්ෂේත්රයේ ඉතා හොඳ තරගකාරීත්වයන් බිහිවෙමින් තියන මේ කාලේ, ටෙලිනාට්ය අධ්යක්ෂවරු සහ සංගීත අධ්යක්ෂවරු තව ටිකක් මහන්සි වුනොත් සහ මිනිස් සිතුවිලිවල තියන සද්දෙට තවත් හොඳට කන්දීලා මියුසික් කළොත්, ටෙලිනාට්ය පසුබිම් සංගීතය කියන ඉන්ද්රජාලික මායාකාරියන්ලවා ටෙලිනාට්ය රජ කරවන්න පුළුවන් වෙයි.
 
-- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- --
මෙම ලිපිය පළකිරීමට පෙර මෙහි දක්වා ඇති කරුණුවලට විචාරාත්මක මත දක්වමින්, පර්යේෂණාත්මකම සහ විද්වත් අදහස් ලබාදුන් පහත නම් සඳහන් සියලු ජ්යෙෂ්ටයින්ට ස්තූතියි.
* ප්රවීන සංගීත අධ්යක්ෂ, Pearl Bay සංගීත ඇකඩමියේ පීඨාධිපති, සම්මාන ජූරි සභික: රංග දසනායක. Ranga Dasanayake
* TV දෙරණ වැඩසටහන් අංශයේ අධ්යක්ෂිකා, ප්රවීන නිර්මාණවේදිනී, ටෙලිනාට්ය සහ චිත්රපට අධ්යක්ෂිකා: ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා
* ජාතික රූපවාහිනී හිටපු සංගීත අංශයේ අධ්යක්ෂ, සෞන්දර්ය සරසවියේ බාහිර කථිකාචාර්ය, ප්රවීන වයලින් වාදක, විශාරද: අජිත් දර්ශන ජයවීර.
* සම්මානනීය ජ්යෙෂ්ඨ රංගන ශිල්පී: Jude Neil Sriyantha Mendis
Back to top
Go to bottom

Popular News