lan englan tam

පුවත්

ලේ දීම ජනප්‍රිය කළ ලංකාවේ 'භාරතය'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලේ දන් දීම යනු හින්දි සිනමා රසිකයින් ජනප්‍රිය කාරණයක් බවට පත් කරමින් ශ්‍රී ලංකාවේ 'භාරත රසික සිනමා සංසදය' පසුගිය සතියේදී ලේ දන් දීමේ ව්‍යාපාරයක් පැවැත්වීය. මේ ඒ පිළිබඳව එහි නිර්මාතෘ නිරෝෂ් ගුණසේකර තැබූ සටහනකි.

ලේ දෙනවා කියන එක එච්චර ජනප්රිය දෙයක් නෙවෙයි.
කොහොමත් දෙනවා කියන දේ ගන්නවා තරම් ජනප්රිය වෙන්නෙම නෑ.
හැබැයි එහෙම තියෙද්දිත් ශ්රී ලංකාවෙ ලේ බැංකුව,රටේ දෛනික ලේ අවශ්යතාවය කිසිඳු හිඟයකින් තොරව සපුරනවා.
රටේ වගේම සෞඛ්ය ක්ෂේත්රයෙත් මොනවා නෑ කිව්වත් ,ඔබ කවදාවත් අහල නෑ නේද "ලේ නෑ" කියලා..
ශ්රී ලංකාවෙ රාජ්ය ආයතන රේට් කරන්න කිව්වොත් මම දෙසැරයක් හිතන් නැතුව ජාතික රුධිර පාරවිලයන මධ්යස්ථානය එහෙම නැත්නම් ලේ බැංකුව ,අංක 1 ට රේට් කරනවා.
ඔවුන්ගේ සේවය ඒ තරම් අනුපමේයයි,සුවිශේෂීයි,විශිෂ්ටයි.
මගේ දැනුමෙ හැටියට ශ්රී ලංකාවෙ ලේ බැංකුව දකුණු ආසියාවේ හොඳම එක වගේම ආසියාවේ හොඳම දෙක තුන අතර තියනවා.
ඒ වගේම ලේ පරිත්යාගයෙදි ශ්රී ලංකාව අන් හැම රටකටම වඩා අද්වීතියයි,අසමසමයි.
තමන්ගෙ වෙලාව,ශ්රමය සහ මුදල් කැප කරගෙන ඇවිත් ලේ පරිත්යාග කරන,ජංගම කඳවුරු සංවිධානය කරන දායකයො 100%ක් ඉන්නෙ ශ්රී ලංකාවෙ විතරයි.
ඒකට ප්රධානම හේතුව බෞද්ධාගමික සංස්කෘතිය මතින් ගොඩනැගිලා තියන දානමය ආනිශංස සංකල්පය වෙන්න ඕන කියල මම විශ්වාස කරනවා.
රුධිර දානමය කඳවුරක් සංවිධානය කරන්න ඕන කියල මට හිතුනෙ ගිය අවුරුද්දෙ අගෝස්තුවෙදි කොළඹ වුමන්ස් ඉන්ටනැෂනල් ක්ලබ් එකේ පවත්වපු රුධිර පරිත්යාග කඳවුරට ගිය වෙලාවෙ.
අවුරුදු කීපයක් පුරාවටම මට මගහැරිලා තිබුනු ලේ පරිත්යාගය ගැන නැවත මතක් කරලා මාව එතෙනට යොමු කලේ මගෙ සන්මිත්ර Mmp Ranaweera .
සංවිධානාත්මක වැඩක් නිසා මම මේ අදහස ,යෝජනාවක් විදිහට Indian Cinema Fan Club - භාරත සිනමා රසික සංසදය සහ සිනෙමායා Entertainment ඇඩ්මින් චැට් එකට අරන් ගියහම කිසිම හොඳ වැඩකට පස්ස ගහන් නැති ඒ කොල්ලො කෙල්ලො ටික මේක කරමු කිව්වා.
ඊටපස්සෙ මේක තවදුරටත් මගෙ වැඩක් වුනේ නෑ. "අපේ වැඩක්" වුනා.
441887471 472765365100377 1207917614579667390 n
ගෲප් දෙකේම සංවත්සරික සැමරුම් සහ භාරත සිනමා රසික සංසදයෙ ඇඩ්මින්වරයකු ව ඉඳලා මීට සය වසරකට පෙර අප අතරින් වෙන්ව ගිය තාරුක තිසර සහෝදරයගෙ ගුණ සමරුව වෙනුවෙනුත් ලේ දන් දීමේ වැඩසටහන පවත්වන්න ඒකමතිකව තීරණය වුනා.
සාමාන්යයෙන් භාරතේ ඇඩ්මින් සෙට් එකෙන් "කරමු" කියන වචනෙ ආවට පස්සෙ ආයෙ ඒක ගැන දෙසැරයක් හිතන්න දෙයක් නෑ .වැඩේ කෙරුනා හා සමානයි.
ඉතිං ඒ වගේම පහුගිය පස් වැනිදා නාරාහේන්පිට ලේ බැංකුවෙදි වැඩේ ලස්සනට ,අපූරුවට කෙරුනා.
සංවිධාන කටයුතු වලදි මේක තවදුරටත් භාරත සිනමා රසික සංසදයෙ හෝ සිනෙමායා එන්ටටේන්මන්ට් වැඩක් විතරක් වුනේ නෑ
බාහිර පාර්ශවයන් ගණනාවක් අපට සහයෝගය දෙන්න අපිත් එක්ක අත්වැල් බැඳගත්තා.
ඒ හැමෝටම ස්තුතියි කියන්න ඕන.
රුධිර පරිත්යාගශීලී දායකයන් සඳහා සමරු තිළිණයක් වශයෙන් අවශ්ය මොනවාදැයි අසා ස්වෙච්ඡාවෙන්ම ඒ මෙහෙවර කරට ගෙන,සම්පූර්ණ වියදම දරා, අපූරු මතක සැමරුම් කීටැග් 100ක් සකසා දුන් Keheli Prakasakayo අධිපති මා මිත්M Guruge Senaka Senanayaka මහතාටත්
වතුර බෝතලයෙ පටන් කෙටි ආහාර ,දිවා ආහාර , තේ,තැඹිලි වතුර ,කිරි පැකට් ඇතුළු සියළුම කනබොන දේවල් ,සංග්රහ ආහාර තමන්ගේම වියදමින් මදි නොකියන්න සපයපු Charith Moragoda Niluwan Pathmabandu Mmp Ranaweera Paba Kariyawasam Ruwanthi Waththage Gayan Gamage Pamodya Shanilka Ramitha Vimukthi Aeron Vimukthi Perera Kavindya Paranamanage Mali Hettiarachchi Lochi Kodikara Darshana Thilaksha Kariyawasam Kavindra Devappriya Tharaka Sandaruwan Jayawardane Anuja Wickramasingha සහ Wojith Karunanayake ඇතුළු සමස්ත ඇඩ්මින් ටීම් එකටත්
සංග්රහ සඳහා අවශ්ය කෙටිආහාර වලින් කොටසක් ස්වෙච්ඡාවෙන්ම ලබාදුන් කොම්පඤ්ඤ වීදියේ වික්ටෝරියා බේකරි ආයතනයට හා එහි අධිපතිතුමාටත්
අප අතරින් සමුගෙන ගිය තාරුක තිසර සහෝදරයා වෙනුවෙන් පිං පිණිස කිරි පැකට්,පානීය වතුර බෝතල් පරිත්යාග කල ඒ මෑණියන්ටත්
මලී හෙට්ටිආරච්චි සහ Mmp Ranaweera හරහා මූල්ය පරිත්යාග එවූ මා ⁣නමින් නොදන්නා සියලුම පරිත්යාගශීලී ආදරණීය මිනිසුන්ටත්
පේපර් සර්වියට්ස්,කඩදාසි කප්,සැනිටයිසර්,පේපර් ප්ලේට්ස් ඇතුළු සියලුම සංග්රහ උපකරණ පරිත්යාග කල පිටකොටුව මල්වත්ත පාරේ සූර්යා ස්ටේෂනර්ස් අධිපති කිරුබාකරන් මහතාටත්
දැනුවත් කිරීමේ පෝස්ටර් ,කවර් පිංතූර සහ ස්තුති කිරීමේ පෝස්ටර් සකසා දුන් අප සමූහයේ හිටපු ඇඩ්මින් ගයාන් ගමගේ සහෝදරයාටත්
වැඩසටහන ගැන මුද්රිත මාධ්යය හරහා දැනුවත් කිරීමට කටයුතු කළ Lankadeepa - ලංකාදීප පුවත්පතට හා එම කාර්යය සම්බන්ධීකරණය වෙනුවෙන් කැප වූ ලෝචි කොඩිකාර සහෝදරියටත්
කෙටි දැනුම්දීමකින් දැනුවත් කිරීමේ වැඩසටහන් සකසා එවූ අප මිත්Anjalee De Liyanage මනෝරම වීරසිංහ Susitha Ruwan Ishara Pramuditha Wickramasinghe Chandana Gunasekera Chamila Peiris Asha Edirisingha Wimal Ketipearachchi Ravindu Sampath Wickramasekara ඇතුළු සියලු කලා සහෘදයින්ටත්
වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම ස්වෙච්ඡාවෙන්ම භාරගෙන එම සත්කාරය මැනවින් ඉටු කොට දුන්,
Madhuri Dixit Sri Lankan Fan Group මාධුරී දික්ශිත් ශ්රී ලාංකීය රසික සමාජය
Deepika Padukone Sri Lankan Fan Club
Shah Rukh Khan Srilankan Fan Club - ෂාරුක් ඛාන් ශ්රී ලාංකික රසික සංසදය
Salman Khan Sir Sri Lanka FC🇱🇰- සල්මාන් ඛාන් ශ්රී ලංකා රසික සමූහය යන
සහෝදර සිනමා සමූහයන් හා එම ඇඩ්මින් සහෘදයන්ටත්
සියලුම රුධිර දායක ෆේස්බුක් සමූහයන්ට හා Nbts Sri Lanka ආයතනයේ ෆේස්බුක් සමූහයටත්
Cineru.lk Zoom.lk සහ Baiscope.lk - බයිස්කෝප් සිංහලෙන් සිනමා පිටු ත්රිත්වයට හා Peter Barthelot Darshana Nishantha Ashan Vimukthi ප්රමුඛ ඒ සමස්ත ඇඩ්මින් සහෘදයන්ටත්
⁣මැයි 05 වන දින තම නිවාඩුව,කාලය,මුදල් සහ ශ්රමය කැප කරමින් අප සහයෝගය වෙනුවෙන් පැමිණි Kavindu Mihiran Asithanjana Tharaka Keerthanan Arul Thisaru Randeera Chandrakanthi Pathirana Rajith Madumal Weerasooriya Sisitha Harshana Rajeendra ඇතුළු සමූහයන් ද්විත්වයට ලබැඳි සහෘදයින්ටත්
⁣ලේ දන් දීම පෙරදැරි කරගෙන පැමිණ ලේ දන් දුන් මෙන්ම සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් ලේ දන් දීමට අවස්ථාව නොලැබූ සියලුම යහපත් මනුෂ්යයයන්ටත්
ජාතික රුධිර පාරවිලයන මධ්යස්ථානයේ අධ්යක්ෂකතුමා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩයලටත්
මගේ මතකයේ අඩුලුහුඬු කමකින්, නම් සඳහන් කරන්නට අතපසු වුනු යමෙක් වේ නම් ඒ සියලුම දෙනාටත්
මගේ ආදරණීය ස්තුතිය මා වෙනුවෙනුත් සමූහයන් ද්විත්වය ⁣වෙනුවෙනුත් ගෞරව පෙරදැරිව මෙසේ ඉදිරිපත් කර සිටිනවා.
නැවත මෙවන් සත්කාර්යයකින් හමුවෙමු ! ඔබට ජයවේවා !
Back to top
Go to bottom

Popular News