lan englan tam

පුවත්

ජාතික රූපවාහිනියෙන් 'වියළි'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකගේ 'දඩ මංකඩ' නවකතාව ඇසුරින් නිර්මාණය වූ "හිත් පොළොව තෙත් කරන ඉපල් වූ ජීවිත' - 'වියළි' ටෙලි නාට්‍යය මැයි 12 වැනිදා සිට ජාතික රූපවාහිනියේ විකාශය වීමට නියමිතය.

චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්ෂණය කළ, සමන්ත කුමාර ගමගේ තිර රචනා කළ නාට්‍ය නිෂ්පාදනය ;අ යන්න යට ප්‍රොඩක්ෂන් හවුස් වෙතිනි.
තරින්දි ප්‍රනාන්දු, සරත් කොතලාවල, මාධනී මල්වත්ත, සනත් විමලසිරි, අකලංක ප්‍රභාෂ්වර, අංජන ප්‍රේමරත්න, එස්.අයි. සමරක්කොඩි, නිම්මි මනෝහාරි, චන්දිමා කරුණාදාස, සමන්ත කුමාර ගමගේ, තිලාන් වර්ණජිත්, සිළිඳු රන්වල, චමින්ද බටුකොටුව රංගනයෙන් දායක වෙන නාට්‍යේ ප්‍රචාරක පටය මේ වන විට නිකුත් කර තිබේ.
කැමරාකරණය- චන්දන ජයසිංහ, කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම, සංගීතය - දර්ශන රුවන් දිසානායක, ගී පද රචනය - ගයා රම්‍ය අල්විස්, ගායනය - තුසිත් සිම්සන් සහ රිද්මිකා මධුභාෂිණී, අංග රචනය - ශාලිත් ගුණවර්ධන, සංස්කරණය - ඉන්දික ජයවර්ධනගෙනි.
මැයි 12 වැනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම විකාශය කෙරේ.

 

Back to top
Go to bottom

Popular News