lan englan tam

පුවත්

ආච්චිට 'හෙල්ප් එකක්' පේන තරම් සුන්දරද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සියවස් ගණනක් මුළුල්ලේ එකම ජීවන රටාවක - එකම මුහුණින් කාලය ගෙවන, තේ වතුවලටම ජීවිතය දිය කර හරින, තේ දලු මැදම මිලිනව යන ගැහැනුන්ගේ සිනා පිටුපස ඇති කතා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?

මේ සිනා පිටුපස ඇති ඛේදනීය කතා සැබෑ සිදුවීම් හැටියට මෙන්ම විවිධ කලා, සාහිත්‍ය නිර්මාණ කෙරෙන්ද අපි වරින් වර අත්දැක ඇත්තෙමු. මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ කාව්‍ය නිර්මාණයත් තවත් වරෙක චිත්‍රා සෝමපාලගේ හඬින් කියැවෙන 'උඩරට කඳුකර සිරියා පරදන' ගීතයෙනුත් කියවෙන්නේ තේ දලු නෙළමින් ජීවිකාව ගෙනයන ගැහැනුන්ගේ ජීවිතයේ එකම පැතිකඩ කෝණ කිහිපයකිනි.
ශලනි තාරකා ජනප්‍රිය රංගන ශිල්පිනිය පසුගියදා සිය සමාජ ජාලවල තේ දලු නෙළන කාන්තාවක් සමග ඡායාරූපයක් පළ කරන්නේ මේ අතරදීය. 'ආච්චිට පොඩි හෙල්ප් එකක් දුන්නා' යනුවෙන් තේ දලු නෙළන කාන්තාවකට සහාය වන බව පෙන්වන ඡායාරූපයක්ද සමගින් ශලනි සිය ඡායාරූපය පළ කර තිබූ අතර සැබවින්ම ඡායාරූපය ඉතා අලංකාර එකක් වන්නේය. එය ශලනි පළ කරන්නේ එහි ඇති අලංකාරය මෙන්ම 'තේ දලු නෙළන කාන්තාව' යන සුවිශේෂී චරිතයද නිසාවෙනි. එයින් ශලනි යන සුවිශේෂී තරිතයටද තවත් සුවිශේෂීකමක් එක් වී ඇත. ශලනි නියැලෙන රංගන වෘත්තීය යනුද ඉතා පහසු එකක් නොවේ. ඒ සඳහා කළ යුතු කැපකිරීම සෑම අයකුටම කළ හැක්කක්ද නොවේ. නමුත්, රංගන ජීවිතයේදී රඟ දැක්විය හැකි ආකාරයේ සැහැල්ලු චරිතයක් තේ දලු නෙළන කාන්තාවන්ට නැත. කාන්තාවන් සියල්ලටම පොදු දරාගැනීම මේ දෙදෙනාටම තිබෙන්නට හැකි නමුත්, දලු නෙළන කාන්තාවන්ගේ ලෝකය යනු තේ වත්ත මැද පෙනෙන ඡායාරූපයක් නොව එතැනින් ඇතුළට කටුක කතාවකි. අපි බෙහෙවින් දන්නා පොදු කතාවක් මේ කාන්තාවන්ගේ ජීවිත තුළ එදා වේල සමග ගැටගැසී තිබේ. ඒ ජීවිත යනු තවත් ලෝකයකි. ඒ ලෝකය ගැන අප කළ යුතු කතා බොහොමයක් තිබේ. ශලනිගේ ඡායාරූපය අපිට කියන්නේ ඒ කළ යුතු කතා ගණනාව පිළිබඳවය.

Back to top
Go to bottom

Popular News