lan englan tam

පුවත්

8 A.M. Metro (2023)

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
මේ වසරේ මා නැරඹූ 150වන චිත්රපටයනම් සැබවින්ම අමරණීය කාව්යයකි. Lunchbox, Namesake, Three of us ආදීවූ අති ආනන්දනීය නූතන හින්දි චිත්රපට සිහිපත් කරවන නිසල සුනිසල දියදෝතක් වන් චිත්රපටයක්මයැ මෙය.

 ඇරඹුමේදිම චිත්රපටයේ ගැඹුරු තැනක් හා අප හදවතේ ගැඹුරු තැනක් නොපෙනෙන හුයකින් එනිනෙක පැටලේ.

අනතුරුව ඒ මතින් ගොඩ නැඟෙන අන්තර් සහසහම්බන්ධය අපේ අතීත ජීවිතයන් පැටලුණු, දැවටුණු, රැදුණු, නොරැදුණු, හමුවුණු වෙන්වුණු නා නා විධ මිනිස් සබඳතාවල සැඟව අමතකව ගිය විසල් අහුමුළු අවුස්ස අවුස්සා කලතයි.
චිත්රපටේ දිගෑරෙන කතාන්දරය හා අනුනාද වී අපේ සිතැඟි එලෙසින් නිම්නැතිව කැලතෙන අතරේම, ඓතිහාසක මහා භාරතයේ කලා සංස්කෘත සුවිසල් පදාසයේ අති කුඩා අංශුවක් අප නෙත් කැලුම් වෛවර්ණ රූ ජායා කදම්භයකින් රසාලිප්ත කරවයි.
චිත්රපටේ කේන්ද්රී ස්ත්රී චරිතයට පණපොවන නිළි දෙනෙතින් වෑහෙන අනුරාගයේ ගිලි ගිලී මගේ හදවත පිම්බී ආ වාර අනන්තයි. වෛවර්ණ භරත සාරි පපුතුරට වැටුණු, දෙපොටට ගෙතූ ඇගේ සාර කෙස් වැටිය දෑතට ගෙන ඇසිපිය මතට තබාගන්නට තරම් සිතේ. සැබවින්ම ඈ කාන්ති කඩා හැලෙන දිව්යමය නාරි රූ ලතාවකි.
නිස්කලංක ගැහැනු ආත්ම තරම් අනුරාගය රැළි නඟන අන් යමක් මෙළොවෙ නැත්තේ ය. කටකාර ගැහැනුන් වෙනම අනුරාගී කලාපයක් වූවද නිහඬ නිස්කලංක ගැහැනිය වනාහී බැතිමත් දෙනෙතින් ඉඳුල් නොවනා සැඟව ගිය රන් දෙවොලක් වැනි ය. එය සොයාගන්නා මිනිසෙකු වේද ඔහු හෙමි හෙමින්, හෙමි හෙමින් ගලනා මහා අනුරාග නදියක සිහිලසට සැනින් මන්මත්ව යනු ඇත.
මේ චිත්රපටයේ ඔබට හමුවන ගැහැනියද පිරිමියාද සැඟව ගිය අනුරාගී රන් දෙවොල් කලාපයන්හී දොරකවුළු ඔවුන් තුළින් ඔබටද විවර කරනු ඇත. ඉනික්බිති ඔබ ආනන්දයට පත් වන්නේ ය; ඔබ සිරුරත හී ගඬුද පිපෙන්නේ ය; ඔබ ලේ නහර වැල් නැවුම් සිහිලැල් ආස්වාදයකින් කුල්මත් වන්නේ ය.
නිර්මාණකරුවා විසින් රිද්මය බිඳින තැනක් දෙකක් සම්මුඛ වුවද මේ සිනමා ආස්වාදයනං පරම රමණීය අමිල පඬුරක්ම යැ.
මිනිස් සබඳතාත්, නේක විධ ගැහැනු මිනිස් මනෝභාවත් පිළිබඳ මේ ගැහැනියත් පිරිමියාත් හෙළිදරව් කරන්නාවූ රසසාර මංමාවත් ඔස්සෙ ඔබට ඔබ උදෙසාම අඩි කඩන්නට පුළුවනි.
කවි කියවන, කවි ලියන, පොත් කියවන, පොත් ලියන, ඇවිදින හිනැහෙන, මඳක් නැවතී දුවන ලෝකය දෙස බලා හිඳින, උණුහුම් කෝපි සුවඳකින් සැනහෙන, නෙතට නෙත ගැටි ගැටී සංවාද කරන, ආත්මයේ අතැර දැමූ රහස් දොරකවුළු පවා විවර වන තාලේ වෛවර්ණ ගැඹුරු මිනිස් සබඳතා ක්ශේෂව ගිය මහපොළොවකට, වචනයට ගත නොහැකි එවැනි සබඳකම් අනුභූති වූ සිනමාපට බොහෝ බරැති වූවද විඳගත යුතුමැ වන්නේ ය.
 
ක්‍රිස් ටෙලාන් සියඹලාපිටිය විසිනි.
Back to top
Go to bottom

Popular News