lan englan tam

පුවත්

සුදත් අයියාගේ My Red Comrade; සුනෙත් මාලිංග ලොකුහේවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
චිත්රපටයක මාධ්ය දර්ශනයක, නැත්නම් මංගල දර්ශනයක චිත්රපටිය බලලා එතනදී කැමරාවට කතා කරන එක මම දැන් නවත්තලා අවුරුදු කීපයක් වෙනවා. චිත්රපටිය කොච්චර හොඳ වුනත්, කොච්චර නරක වුනත් එතනදී “හැමෝම” කියන්නේ “මේක පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්රපටයක්, ඔයාලත් ඇවිත් බලන්න” කියලා. ඒක මම "My Red Comrade" චිත්රපටියට කලෙත් නැහැ.
හැබැයි “හොඳ” චිත්රපටියක් බලලා ඒ ගැන කතා නොකර ඉන්න පුරුද්දකුත් මට නැහැ. ඒ නිසා මට චිත්රපටය බලලා හැඟුන, දැනුන දේවල් කියන්න ඕනේ.
"My Red Comrade" කියන්නේ ඉතාම “දක්ෂ” ලෙස අධ්යක්ෂණය කළ චිත්රපටයක්. මේ චිත්රපටයේ නලුවාව නිළියව විතරක් නෙමෙයි, කැමරා අධ්යක්ෂවරයාව, කලා අධ්යක්ෂවරයාව වගේම ශබ්ද පරිපාලකයාව පවා “අධ්යක්ෂණය” කරලා තියෙනවා. ඒ සුදත් අයියාගේ දක්ෂතාවය.
පාට ගොඩාක්, දර්ශන තල ගොඩාක් වගේම නලු නිලියෝ ගොඩාක් ඇතුලත් චිත්රපට බොහොමයකට පවා ප්රේක්ෂකයාව පැය දෙකක් රඳවා ගන්න බැරි අවධියක, රංගන ශිල්පීන් දෙදෙනෙක්, එක දර්ශන තලයක අපිව පැය එකහමාරක් පහසුවෙන් රඳවා ගෙන තියාගන්නවා. ඒ වගේම අපිට බලලා ‘ඉවර කරන්න’ සිද්ධ වෙන්නේ අපි බලන්න ‘බලාපොරොත්තු’ වෙන චිත්රපටිය නෙමෙයි. මොකද තනි පිරිමියෙක් ඉන්න කාමරේකට මහ රෑ ‘හොඳටම’ තෙමුනු, බයවුනු, ලස්සන කෙල්ලෙක් ඇවිත්, ඒ කෙල්ල ඇඳුම් ඔක්කොම ගලවලා දානකොට අපි බලන්න ලෑස්ති වෙන චිත්රපටයට වඩා අපි බලලා ඉවර කරන චිත්රපටය දියුණුයි.
තරින්දි ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ අවුරුද්දේ එන්න තියෙන “Paradise” සහ “රාණි” වගේ චිත්රපටි නොවන්නට තරින්දිට මේ අවුරුද්දේ “හොඳම නිළිය” යන එක නවත්තන්න බැහැ.
මට ලියන්න තිබුනු ටික ඔතනින් ඉවර වුනත් පසුගිය දවස් කීපයක මේ චිත්රපටිය ගැන සමාජ මාධ්ය වල ලියවුනු කාරණයක් සම්භන්ධයෙනුත් අදහසක් දක්වන්න ඕනේ කියලා හිතුනා. සමහරුන්ට අනුව මේක “කොපියක්” ලු.
හොඳයි, මේක ඔය කියන විදියේ ‘කොපියක්’ කියමුකෝ. ‘සිනමාකරණය’ ඉගෙන ගන්නකොට ‘චිත්රපටයක් කොපි කරන්නේ කෙසේද?’ කියලා විෂයක් උගන්වන්නේ නැහැ. මොකද ඒක කොලයක් ‘ෆොටෝ කොපියක්’ ගහනවා තරම් “ලේසි” නැති නිසා ඒක උගන්නන්න බැහැ. චිත්රපටයක් ‘කොපි’ කරන්නත්, පිටපතක්, නිෂ්පාදන සැලසුම්කරණයක්, නලුවරණයක්, රංගන පුහුණුවීම්, නිෂ්පාදන කණ්ඩායමේ රැස්වීම් සහ සාකච්ඡා, දර්ශන තල සොයා ගැනීම, දින ගණනාවක් පාන්දර 4-5 ඉදන් රෑ 11-12 වෙනකං රූගත කිරීම්, සංස්කරණය, හඬ කැවීම, පසුබිම් සංගීතය, ශබ්ඳ පරිපාලනය, වර්ණ සංකලය වගේ දේවල් කරන්න ඕනේ. එහෙම නැතුව ‘ඉංග්රීසි’ හරි ‘හින්දි’ හරි වෙනත් භාෂාවක හරි චිත්රපටියක් මේ පැත්තෙන් දැම්මම, අනික් පැත්තෙන් ‘සිංහල’ චිත්රපටිය එන මැෂිමක් කිසි කෙනෙක් ගාව නැහැ.
ඒ නිසා "My Red Comrade" විතරක් නෙමෙයි, ලංකාවේ එන ඕනෑම “සිංහල” චිත්රපටයක් කොපියක් කොපියක් ගගා කියවන අපේ රටේම “සිංහල” ප්රේක්ෂකයින්ට කියන්න කාරණා 2ක් තියෙනවා.
1 තමයි ලෝකේ ඕනෑම සිනමාවක, වෙනත් භාෂාවක චිත්රපටයක් තමුන්ගේ රටේ භාෂාවට ‘කොපි’ කිරීම (අනුවර්තනය කිරීම) ඒ භාෂාව ‘පමණක්’ දන්නා අයට කරන සේවයක්.
2 තමයි තමුන් ‘කැමතිම’ චිත්රපයක් තෝරගෙන, ඒ චිත්රපටයේ සිංහල ‘කොපියක්’ සිනමා ශාලාව වෙත ගේන්න ඔයාලත් උත්සාහ කරලා බලන්න. නිෂ්පාදකවරයෙක් හොයා ගෙන, 30-40ක ටීම් එකක් එකතු කරගෙන, මාස ගානක් චිත්රපටය වෙනුවෙන් වැඩ කරලා, තවත් මාස ගානක් පෝලිමේ ඉදලා, පාරේ අලවන පොස්ටර් පවා තමුන්ගේ වාහනේ ගෙනියලා ලංකාව වටේ සිනමා ශාලාවලට බෙදලා, ඒ සිංහල ‘කොපිය’ නිර්මාණයේ සිට තිරගත කිරීම දක්වා වන පියවර උත්සාහ කරලා බලන්න. එතකොටවත් “චිත්රපයක්” වෙනුවෙන් “අධ්යක්ෂවරයෙක්” කරන කැපකිරීම ඔයාලට තේරෙයි. සමහරවිට අවුරුදු 77ක දේශීය සිනමාවේ 1403 වෙනි චිත්රපටිය වෙන "My Red Comrade" වෙනුවෙන් ඒ නිෂ්පාදන කණ්ඩායම කළ කැපකිරීම ඔයාලට තේරෙයි.
අවුරුද්දට චිත්රපටි 1500ක් විතර හදන ඉන්දියාවේ චිත්රපටි එක්ක, අවුරුද්දට චිත්රපටි 800ක් විතර බෙදාහරින හොලිවුඩ් එක්ක, අවුරුදු 77ටම චිත්රපටි 1400ක් තිරගත කළ අපේ දේශීය සිනමාව සංසන්දනය කරලා කතා කරන එකම කොයි තරම් සාධාරණ ද කියලා මට තේරෙන්නේ නැහැ.
කොහොම වුනත් අවසානයේ දී "My Red Comrade" වෙනුවෙන් සුදත් අයියාට සහ එහි නිෂ්පාදන කණ්ඩායමට මගේ සුභපැතුම්...
 
සුනෙත් මාලිංග ලොකුහේවා
Back to top
Go to bottom

Popular News