lan englan tam

පුවත්

අවලාද නගමින් My Red Comrade ප්‍රවර්ධනය කරන්නන්ට ස්තුති කරමු!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
සුදත් මහදිවුල්වැවගෙ My Red Comrade චිත්රපටය සහ You'll Never Find Me චිත්රපටය සසඳමින් විකාර සහගත අවලාද නගමින් ඒ හරහා My Red Comrade කෘතිය ප්රවර්ධනය කිරීම ගැන ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය.
කලා කෘතියක් රසිකත්වයට ළං කරගැනීමේදී පවතින දුප්පත්කම, අසාක්ෂරතාව ගැන සමාජයක් ලෙස අප දැන ගන්නේ මෙවැනි අවස්ථාවලය.
ජොසියා ඇලන් සහ ඉන්ඩියානා බෙල් නිර්මාණය කළ හුදකලාව ජීවත්වන පුද්ගලයකු සහ ඔහුගේ කන්ටේනර් නිවහනට පැමිණෙන තරුණිය වටා ගෙතුණු You'll Never Find Me සිනමා කෘතියේ Horror, Thriller ගණයට අයත්ය. නමුත් සුදත්ගේ කෘතිය වාම දේශපාලනයේ නියුතුව සිට පාලකයන්ගේ වංචා දූෂණවලට එරෙහිව ලියන ස්වාධීන ලේඛකයකු ලෙස කටයුතු කරන පුද්ගලයකුගේ ලෑලි කාමරයට පැමිණෙන තරුණියක විසින් ඔහුගේ පැවැත්ම ප්රශ්න කරන My Red Comrade චිත්රපටය Drama ලෙස ගැනෙන කෘතියකි.
IMDB විසින් මෙම කෘති දෙක එසේ නාමකරණය කර ඇත්තේ ඇයිද යන්න සිනමා කෘති නරඹා තේරුම් ගත හැකිය.
 
චන්දන සිරිමල්වත්ත
Back to top
Go to bottom

Popular News