lan englan tam

පුවත්

'සිංහබාහු' වව්නියාවේ පෙරළි කරයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද 'සිංහබාහු' චිත්‍රපටය ශ්‍රී ලංකාවේ පළමු වරට වව්නියාව - අමෝදා සිනමාශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණු අතර එහිදී ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් මැයි 25 වැනිදා දර්ශන වාරයේදී සිනමා ශාලාව පිරී ගොස් තිබිණි.

සවස 6.30 තිරගත වීම සපිරීමෙන් පසුව 9.30 දර්ශන වාරයටද ඉතා ඉහළ රසික ප්‍රතිචාරයක් ලැබී තිබේ.
අත්හදාබැලීමක් හැටියට සිදු කළ මෙම තිරගත වීම සඳහා වව්නියාවේ ප්‍රේක්ෂකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබීම සිංහබාහු චිත්‍රපට කණ්ඩායම ලද ජයග්‍රහණයක් වේ.

Back to top
Go to bottom

Popular News