lan englan tam

පුවත්

අභීගේ 'තාත්තේ'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සුහර්ශිනී ධර්මරත්න පද රචනා කළ, තුසිත් සිම්ප්සන් සංගීත නිර්මාණය කළ අභිෂේකා විමලවීරගේ 'තාත්තේ' අතිශය සංවේදී ගීතයක් හැටියට ප්‍රතිචාර ලබා තිබේ.

තාත්තේ ..!

මකර තොරණෙදි පඬුරු ලාගෙන සීත ගඟුලට බහිනවා
හෙළට පහළින් ළිහිණි අක්කගෙ විලාපය මට ඇහෙනවා ..
තාත්තේ, මම තුංග සමනොළ කන්ද තනියම නගිනවා..!
කන්ද පාමුල බෑන සමනොළ දෑළ කඳුපෙළ පේනවා

විඩා දැනුණම..අම්බලම ළඟ
පිළේ ඇළ වී ඉන්නවා ..
අනේ නුඹ කොයිබින්ද ඇවිදින්
පුතේ වෙහෙසද අහනවා
පෙමින් උර මත වඩා හිඳුවා
සෙමෙන් පඩිපෙළ නගිනවා ..
ඉරත් ඉරසේවයට ඇවිදින්
යළිත් හීනය බිඳෙනවා..!!

අත් වැටට බර දෙන්න බෑ මට බෝම කඩතොලු පේනවා ..
නුඹේ අත්වැල ලෙහුණ දා සිට තාත්තේ බය හිතෙනවා!.
හීන් ඉකියක් හිර කරන් මම
කන්ද මුදුනට නගිනවා
සිරිපතුල උඩ නළල තියලා...
නුඹේ පා දෙක වඳිනවා

Back to top
Go to bottom

Popular News